
- ලොව හොඳම සේවා ස්ථාන 3 අතරට අඛණ්ඩව පස්වන වසරටත් ශ්‍රේණිගත කිරීම.
- ආසියාව, ලතින් ඇමරිකාව සහ යුරෝපය පුරා කලාපීය ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානය දිනා ගැනීම.
DHL Express සමාගම අඛන්ඩව පස්වන වසරටත්, ලොව හොඳම සේවා ස්ථාන (World’s Best Workplaces™) අතරින් එකක් ලෙස තේරී පත් වෙමින්, මෙම වසරේ ඉහළම පිළිගැනීමට පාත්‍ර වූ අංක 1 ගෝලීය ශ්‍රේණිගත කිරීමට හිමිකම් ලබා ඇත. සමාගම ආසියාව, ලතින් ඇමරිකාව සහ යුරෝපය පුරා කලාපීය ශ්‍රේණිගත කිරීම් අතරින් ප්‍රමුඛතම ස්ථානයට පත්වෙමින්, යුරෝපයේ අඛණ්ඩව සිව්වන වසරටත්, ආසියාවේ අටවන වසරටත්, ලතින් ඇමරිකාවේ හත්වන වසරටත් තම නායකත්වය තවදුරටත් අඛන්ඩව පවත්වාගෙන යනු ලබයි. මෙම පිළිගැනීම Fortune Magazine* හා සහයෝගීතාවය ඇතිව Great Place to Work™ ආයතනය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව තම අදහස් දක්වමින් DHL Express සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන් පියර්සන් මහතා මෙසේ පැවසීය. ”ලොව හොඳම සේවා ස්ථාන ලැයිස්තුවේ අංක එකේ සමාගම ලෙස නැවත වරක් පිළිගැනීමට පාත්‍ර වීමට ලැබීම ගැන අපි අතිශයින් සතුටට පත්වෙනවා. රටවල් සහ කලාප 220කට වැඩි සංඛ්‍යාවක් අතුරින් 120,000ක සේවක පිරිසක් සිටින අපගේ ගෝලීය කණ්ඩායම හරහා මිනිසුන්ට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් ශක්තිමත් සංස්කෘතියක් පෝෂණය කිරීම සඳහා අපගේ නොසැලෙන කැපවීම මෙම පිළිගැනීම තුළින් ඉස්මතු කෙරෙනවා. මෙම ජයග්‍රහණයේ මූලික අඩිතාලම වන්නේ අපගේ සහතික ලත් ජාත්‍යන්තර විශේෂඥ වැඩසටහන් (Certified International Specialist program) මාලාවයි. එම වැඩසටහන් මාලාව තුළින් මෙම විශිෂ්ටත්වය අත් කර ගැනීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා. අපගේ සේවකයින්ගේ කැපවීම අගය කරමින්, අපට DHL Express අරුත් ගැන්වෙන සුවිශේෂී සේවාවක් ලබා දීමට පුළුවන්. ලොව පුරා සිටින අපගේ කණ්ඩායම් සඳහා ලබා දිය හැකි හොඳම සේවා පරිසරය වැඩි දියුණු කිරීම පිළිබඳව ද අපගේ වැඩි අවධානය යොමු කරනවා.”
හැඟීම සහ අරමුණ පෙරදැරි කරගත් සංස්කෘතිය
DHL Express සමාගම සතුව ප්‍රජාව සහ අරමුණ පිළිබඳව ශක්තිමත් හැඟීමක් ගොඩනගන වටිනා සංස්කෘතියක් පවතී. සමාගමේ සාර්ථකත්වයේ හරය සේවකයින් වන අතර ඔවුන්ගේ දායකත්වය විවිධ අයුරින් සමරනු ලබයි. සේවක අගය කිරීමේ සතිය හා වසරේ හොඳම සේවකයා තේරීමේ වැඩසටහන වැනි, වාර්ෂික මූලාරම්භ වැඩසටහන් මගින් DHL සමාගමෙහි වේගය, උනන්දුව, ප්‍රායෝගික ආකල්පය සහ කාර්යයන් පළමු වරට නිවැරදිව කිරීම වැනි මූලික වටිනාකම් විදහා දක්වන පුද්ගලයින් අගය කිරීමට සමාගම කටයුතු කරයි.
DHL සමාගමෙහි සේවය කිරීම යනු, රැකියාවකට වඩා ඔබ්බට යමින් මිනිසුන් සම්බන්ධ කිරීමට සහ ජීවිත සාර්ථක කිරීම සඳහා කරනු ලබන විශාල මෙහෙවරකට දායකත්වය ලබා දීමකි. DHL Got Heart, Global Volunteering Day, GoHelp, GoTeach, සහ GoTrade වැනි ආයතනික වැඩසටහන් වලට සහභාගී වීම හරහා DHL සමාගමේ සේවකයින් ඔවුන් සේවය කරන ප්‍රජාවන්ට පැහැදිලි බලපෑමක් ඇති කරන අතර එය ලෝකය වඩා යහපත් තැනක් බවට පත් කිරීම සඳහා සමාගම විසින් කරනු ලබන කැපවීම විදහා දක්වයි.
පළමුව මිනිසුන් උදෙසා කැපවීම
සමාගම තම ප්‍රජාවන් වෙනුවෙන් කරනු ලබන අඛණ්ඩ කැපවීම පිළිබඳව අදහස් දක්වමින් DHL Express සමාගමෙහි මානව සම්පත් විධායක උප සභාපති ෆැඩ්ස්ලුන් සැපැණ්ඩි මෙසේ පැවසීය. ”අප කරන සෑම දෙයකම පදනම වන්නේ අපගේ සේවකයින්. ඒ වගේම සෑම පුද්ගලයෙකුටම වටිනාකමක් සහ දැනුමක් ලැබෙන බව සහතික කිරීමට අපි වෙහෙස මහන්සි වී වැඩ කරනවා. උපකාර, දිරිමත් කිරීම් පරිසරයක් නිර්මාණය කිරීම හරහා අපි එක් එක් පුද්ගලයාට සංවර්ධනය වීමට අවශ්‍ය අවකාශය සලසා දෙමින් තම අයිතිවාසිකමක් පිළිබඳ හැඟීමක් ඇති කරනවා. ඔවුන්ගේ සුවිශේෂී අනාගත ගමන් මග සහ දායකත්වය අපගේ සාර්ථකත්වයට විශාල රුකුලක් ලබා දෙන අතර එය කර්මාන්තය තුළ අපට ස්ථාවරව නැගී සිටීමට උපකාර වෙනවා.”
DHL Express Sri Lanka හි ප්‍රධාන කළමනාකරු දිමිත්‍රි පෙරේරා මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”අඛණ්ඩව පස්වන වසරටත් ලෝකයේ ඉහළම සේවා ස්ථාන තුනෙන් එකක් ලෙස ශ්‍රේණිගත වීම තුළින් අපගේ ‘ජනතාවට මුල් තැන’ ලබා දෙමින් ක්‍රියාත්මක කෙරෙන අපගේ සංස්කෘතිය සහ සමාගමේ ස්ථිර කැපවීම පිළිබිඹු කෙරෙනවා. අපි වැඩි අවධානය ලබා දෙන්නේ සේවකයින්ට විශිෂ්ඨත්වය සලසා දීම වෙනුවෙන් අගයක්, දිරිමත් කිරීමක් සහ බලගැන්වීමක් දැනෙන පරිසරයක් නිර්මාණය කිරීමටයි. ශ්‍රී ලංකාව ලෝකයට සම්බන්ධ කරමින්, ප්‍රජාවන් කෙරෙහි සාධනීය බලපෑමක් ඇති කිරීමට සහ අපගේ සාර්ථකත්වය වෙනුවෙන් DHL සමාගමෙහි මූලික වටිනාකම් මෙලෙස ප්‍රදර්ශනය කිරීමට කැපවූ කණ්ඩායමට අපි ස්තූතිවන්ත වෙනවා .”
ලෝකය පුරා වෙනස් පරිවර්තනයක් ඇති කිරීම
“ගෝලීය සේවා යෝජකයෙකු වීම අප ජනතාවට මෙන්ම සමස්ත ධරණී තලයටම දක්වන විශාල වගකීමක්” බව මේ පිළිබඳව අදහස් දක්වමින් Great Place to Work™ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මයිකල් සී. බුෂ් මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය. ”මෙම සුවිශේෂී සමාගම් කාර්ය සාධනය මෙහෙයවනවා පමණක් නොවේ, එය ඔවුන්ගේ ප්‍රජාවන් තුළ සාධනීය බලපෑමක් වර්ධනය කිරීමටද පියවර ගන්නවා. මිනිසුන් අරමුණක් සහිතව තම කාර්යයන් ඉටු කළහොත්, ඔවුන්ගෙන් නවෝත්පාදන බිහිවෙනවා, කාර්ය සාධනය වැඩි දියුණු වෙනවා. ඒ වගේම අප සැමට වඩාත් යහපත් ලෝකයක් ගොඩනැගීමට ඔවුන්ගේ කාර්යයන් උපකාරී වනවා.”
DHL Express සමාගම, ලොව හොඳම සේවා ස්ථාන ලැයිස්තුවේ ස්ථාන අතරින් මේ වන විට ඉහළම ස්ථානයක් හිමි කර ගෙන ඇති අතර, 2020 වසරේ සිට ගෝලීය වශයෙන් ඉහළම සමාගම් තුන අතරට පැමිණ තිබීම විශේෂත්වයකි. සමාගම තම ප්‍රජාවන් සම්බන්ධයෙන් දක්වන කැපවීම, එහි වටිනාකම් සහ එහි මෙහෙවර ලොව පුරා සේවා ස්ථානවල විශිෂ්ටත්වය සඳහා වන නව කඩයිම් සලකුණු තබා ඇත. ශ්‍රී ලංකාව තුළ, සමාගම කුඩා කාණ්ඩ යටතේ ශ්‍රී ලංකාවේ අංක 1 හොඳම සේවා ස්ථානය, හොඳම බහුජාතික සමාගම, ආසියාවේ අංක 1 හොඳම බහුජාතික සමාගම සහිත සේවා ස්ථාන ඇතුළු ඇගයීම් අඛණ්ඩව ලබා ගනිමින්, සමාගම අඛණ්ඩව වසර 10ක් ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන අතර සිය ස්ථානය අඛන්ඩව පවත්වා ගෙන ගොස් ඇත.