DHL Express ඊ-වාණිජ වර්ධනයේ ඊළඟ රැල්ලේ දොරගුළු විවෘත කරයි.

Image

 




 

 

  • 2027 වන විට ඔන්ලයින් B2B අලෙවිය 70% කට වඩා වැඩි වී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 20.9ක් දක්වා ඉහළ යනු ඇති බවට වාර්තා පල කරයි.

  • කෝවිඩ් -19 වසංගත තත්ත්වය මෙම ඩිජිටල් පරිවර්තනයට සැලකිය යුතු ලෙස බලපානු ලබයි.

    ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ලොජිස්ටික් සේවා සැපයුම්කරු වන DHL Express විසින් ‘අසමසම වූ B2B ඊ-වාණිජ මාර්ගෝපදේශය: සම්ප්‍රදාය අවසන්. ඩිජිටල් යුගය පැමිණ ඇත’ යන තේමාව යටතේ නව වාර්තාවක් නිකුත් කළේය.

2025 වන විට සැපයුම්කරුවන් සහ වෘත්තීය ගැනුම්කරුවන් අතර ඇති B2B අලෙවියෙන් 80% ක්ම සිදුවන්නේ ඩිජිටල් ඔන්ලයින් ක්‍රමය මගිනි. කොවිඩ් -19 වසංගතයේ බලපෑම වැඩි වීම සහා ලෝකයේ තරුණ ප්‍රජාව විසින් ඩිජිටල්කරණය හරහා ඔන්ලයින් මගින් කරනු ලබන මිලදී ගැනීම් මෙම ගෝලීය ඊ-වාණිජ වර්ධනය ප්‍රධාන ගාමක බලවේග බවට පත්වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DHL Express හි ප්‍රධාන විධායක නිලධාරී ‘ජෝන් පියර්සන්’ මෙසේ පැවසුවේය. “සමහර අවස්ථාවන් අනූව ලෝකයම වසා දැමීම්වලදී පවා ගෝලීයකරණයට ඒ තුළ රඳා පවතිමින් ඔරොත්තු දීමට හැකි බව ඩිජිටල්කරණය සහ ගෝලීය වෙළඳාමේ ශක්තිය මගින් පෙන්නුම් කර තිබෙනවා. මෙම තත්ත්වය හේතුවෙන් දිනෙන් දින විශාල පාරිභෝගිකයින් පිරිසක් සාප්පු සවාරි යාම නතර කරමින් අන්තර්ජාලය තුළ ඔන්ලයින් හරහා භාණ්ඩ මිලදී ගැනීම් වලට මාරු වී තිබේ. පෙරටත් වඩා වසංගත තත්ත්වය තුළ මෙම ක්‍රියාවලිය වේගවත් වී ඇති අතර ගෝලීය වෙළඳපොළ තුළ ඔන්ලයින් ක්‍රමය හරහා  භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරවල තියුණු වැඩිවීමක් දක්නට ලැබෙනවා. අපගේ බොහෝ ගනුදෙනුකරුවන් සඳහා තම ආර්ථිකයන් පවත්වාගෙන යාම සඳහා  කොවිඩ් -19 හි බලපෑමක් නොවන අයුරින් ඊ-වාණිජ සහ ගෝලීය ලොජිස්ටික්ස් යතුර ලබා දී තිබෙන්නේ වසා දැමීමේ දොරටු විවෘත කර ගැනීමටය.”තරුණ පරම්පරාවෙන් නව තාක්ෂණික ක්‍රම භාවිතයෙන් B2B මිලදී ගැනීම් සඳහා 73% ක්ම දායක වන බවත්, ඒ මගින් ඩිජිටල්කරණය හරහා ගෝලීය වෙළඳපොළට ආයෝජනය කිරීමට අවස්ථාවක් නිර්මාණය වී තිබේ.

Covid-19 තත්ත්වය තුළ ඊ-වාණිජ කටයුතු වර්ධනය වේගවත් කිරීම

DHL Express ආසියා පැසිෆික් හි ප්‍රධාන විධායක නිලධාරී ‘කේන් ලී’ මේ සම්බන්ධයෙන් මෙසේ පවසයි. ” විශේෂයෙන් චීනය හැර ආසියා පැසිෆික් කලාපයේ ලොජිස්ටික් සේවාවන් ප්‍රමාණය වසරින් වසර 17.3% කින් ඉහළ ගොස් තිබේ. 2020 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ජාත්‍යන්තර වශයෙන් බෙදා හැරීමට නියමිත ඇනවුම් ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් සක්‍රිය ගනුදෙනුකරුවෙක් වෙනුවෙන් 21% ක ඉහළ පිරිවැයක් දැරීමට සිදුව තිබේ. මෙහි වර්ධනය තුළින් අන්තර්ජාල ඔන්ලයින් ඇණවුම් වර්ධනය සහ ලොජිස්ටික් සේවා සඳහා ඇති ඉල්ලුම තවදුරටත් අවධාරණය කෙරෙනවා. එමඟින් පාරිභෝගික අවශ්‍යතා දීර්ගකාලීනව රදා පැවතීමට හා ඒවාට ප්‍රතිචාර දැක්වීමට සැපයුම්කරුවන් කඩිසර වීම අතිශයින් වැදගත් වෙනවා.”

DHL Express ඉහළ පාරිභෝගික ඉල්ලීම් දිගු කාලීනව ඉටු කිරීම වෙනුවෙන් ආයෝජනය කරයි.

පසුගිය 2020 වසරේදී DHL Express සිය පාරිභෝගිකයින් සඳහා ලොව පුරා ලොජිස්ටික් සේවාවන් මිලියන 484 ක් කර ඇති අතර එය 2019 වසරට සාපේක්ෂව දිනකට 9% ක වර්ධනයකි. මෙම සැලකිය යුතු වර්ධනයට හැඩගැසීම සඳහා ඔවුන් ලොව පුරා නවීනතම පහසුකම් සඳහා වාර්ෂිකව ඩොලර් බිලියනයකට වඩා ආයෝජනය කරයි.

ලෝකය පුරා පවතින ජාලගත සම්බන්දතා සහ විවිධ කර්මාන්තවල නිෂ්පාදන අගයන් වැඩි කිරීමට හා එම ගණුදෙනු කරුවන් හා ව්‍යාපාරිකයින් හට ජාත්‍යන්තරව තම ව්‍යාපාර පවත්වා ගැනීමට අවශ්‍ය සේවා පහසුකම් සැපයීම හැකියාව DHL Express සතු වීම හේතුවෙන් ගෝලීයව වේගයෙන් වෙනස්වන වෙළඳපොළ තුළ සාර්ථකත්වය අත්පත් කර ගැනීමට හැකිවී තිබේ. තවද, විශේෂයෙන් කොවිඩ් -19 වසංගත තත්ත්වය තුළ රටවල් 220 කට අධික සංඛ්‍යාවක් සමග සම්බන්ධතා පවත්වා ගැනීමට උපකාරී වී ඇති අතර එමඟින් ලොව පුරා වෙළඳ ජාලය පවත්වා ගැනීමට හැකිව තිබේ.

DHL Express මෙම පියවර මගින් සිය ලෝක ව්‍යාප්ත පාරිභෝගිකයින්ට ගෝලීය ඊ-වාණිජ අවස්ථාවන් හරහා ප්‍රථිලාභ ලබා ගත හැකි බව සහතික කරයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන DHL Express හි ශ්‍රී ලංකාවේ ප්‍රධාන කළමනාකරු දිමිත්‍රි පෙරේරා මෙසේ පැවසීය. “කොවිඩ් වසංගතය මුළු රටටම බලපා ඇති අතර ඊ-වාණිජ සම්බන්ධතා නොමැතිව බෙදාහැරීම් කරනු ලබන පුද්ගලයින් පවා විශාල පිරිසක් ඊ-වාණිජ ක්‍රමවේදය සකස් කරගනිමින් ඇති අතර එහි හදිසි වැඩිවීමක් දක්නට ලැබෙනවා. ලංකාවේ ව්‍යාපාරික දත්ත වාර්තා පලකරන ආකාරයට, ශ්‍රී ලංකාවේ ඊ-වාණිජ පදනම 245% කින් ඉහළ යාමෙන් පෙන්නුම් කරන්නේ දේශීය ඊ-වාණිජ පද්ධතිය, කොවිඩ් -19 න් පසු සැලකිය යුතු වෙනසකට ලක්වෙන බවයි. ජාත්‍යන්තර ලොජිස්ටික් සේවාව කොවිඩ් වසංගත කාලය ඇතුළත ලෝකය පුරා විශාල සේවාවක් ඉටු කර ඇත.එහි වටිනා කම මිනිසුන් හඳුනාගෙන ඇති අතර එම විශ්වාසය තුළින් අපගේ සේවාවල විශාල ආර්ථික වර්ධනයක් ඉදිරියටත් පෙන්නුම් කරයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව