අඛණ්ඩ තෙවැනි වරටත් රන්තරු කිරුළ ධර්මරාජයට

Image

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය මගින් සංවිධානය කළ අන්තර් පාසල් 14න් පහළ හොකී තරඟාවලිය පෙබරවාරි 24, 25 හා 26 දිනවල පේරාදෙණිය විශ්ව විද්‍යාල ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

එච් කාණ්ඩය යටතේ තරඟ වැදුණු මහනුවර ධර්මරාජ විද්‍යාලය විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින් රන්තරු ශූරතාවය දිනා ගත් අතර, අඛණ්ඩව තෙවැනි වරටත් එම ශූරතාව හිමිකර ගැනීමට සමත් විය.




නායක සන්තිෂ අබයකෝන්ගේ දක්ෂ නායකත්වය යටතේ ක්‍රීඩා කළ කණ්ඩායමට උපනායකයන් වූ සතිර විතානාරච්චි හා විශ්ව ධර්මකීර්ති ද ශක්තිමත් සහාය ලබා දුන්හ. තරඟාවලිය පුරා ගෝල් හතරක් ලබා ගත් රනිතු රත්නායක සහ ටෙහාන් රාජවසම් ද කැපී පෙනෙන ක්‍රීඩා දක්ෂතා දැක්වූහ.

ධර්මරාජ විද්‍යාලය මාරිස්ටෙලා විද්‍යාලය 1-0 ලෙස පරාජය කළ අතර, නියගම විජිත  විද්‍යාලය සමඟ සම විය. ශාන්ත බෙනඩික් විද්‍යාලය 3-0 ලෙසත්, රංගිරි දඹුලු විද්‍යාලය 2-1 ලෙසත් ජයගනිමින් ශූරතාවය තහවුරු කළේය.

කණ්ඩායම භාර ආචාර්යවරුන් ලෙස ලිෂාන්ති සුමනදාස හා චාන්දනී වීරසිංහ ගුරු මහත්මීන් කටයුතු කළ අතර, පුහුණුකරුවන් ලෙස ආර්. රහීම් මහතා සහ ඉන්දික රොෂාන් මහතා කණ්ඩායම සාර්ථක ලෙස මඟ පෙන්වා ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව