DB Automation ‘Zebra එක්ස්පීරියන්ස් සෙන්ටර්’ බම්බලපිටියේදී විවෘත වේ

ZEBRA (LBN)

ව්‍යාපාර, ප්‍රදර්ශනාගාර, සෞඛ්‍යය, රෝහල්, වෙළෙඳසැල්, ඇගැලුම් සහ තවත් බොහෝ අංශ සඳහා අවම කාල විසඳුම් සොයන පාරිභෝගිකයන් සඳහාම වෙන් වූ Zebra එක්ස්පීරියන්ස් සෙන්ටර්, අංක 48, ආර්. ඒ. ද. සිල්වා මාවත, කොළඹ 04 යන ලිපිනයේදී පසුගියදා විවෘත විය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා සහභාගී විය. Zebra එක්ස්පීරියන්ස් සෙන්ටර් වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට නවීන තාක්ෂණයෙන් සපිරි පෝලිම් රහිත වෙළෙඳ අයකැමි යන්ත්‍ර, අවම කාලයකින් මහා පරිමාණ තොග ගණනය කිරීමේ යන්ත්‍ර, රෝහල්වල රෝගී දත්ත කළමනාකරණ යන්ත්‍ර, නිෂ්පාදන සහ ඇසුරුම් පරීක්ෂා කිරීමේ යන්ත්‍ර, සුපිරි වෙළෙඳසැල් සහ ඇගැලුම් අංශවල කටයුතු වඩාත් පහසු කරන විසඳුම් මිලට ගැනීමේ හැකියාව ඇත. මේ සියල්ල මනාව පරීක්ෂා කර බලා ඒවායේ අත්දැකීමද ලබා තම ආයතනයට වඩාත් ගැළපෙන නිෂ්පාදන මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට සහාය වන පළපුරුදු කාර්ය මණ්ඩලයක්ද Zebra එක්ස්පීරියන්ස් සෙන්ටර් සතුය.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව