Datatech Lanka වසරේ විශිෂ්ටතම ජපන් භාෂා පාසල ලෙස BWIO සම්මාන දිනයි

DATATECH (LBN)

මෙරට ජපන් භාෂා අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛයා වන Datatech Lanka පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ජපන් භාෂා පාසල ලෙස සම්මාන ලැබුවේය. එහිදී ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ශ්‍රීමත් ජී. කේ. ටී. සී. එම්. ගුලවිට මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2017දී ඇරැඹුණු Datatech Lanka සමාගම වර්තමානයේදී ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සාර්ථක ලෙස ජපානයට යැවීමේ සහ ජපන් භාෂා අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරු ක්ෂේත්‍රයේ විශ්වාසනීය සන්නාමයකි. ජපන් භාෂා හැකියා පරීක්ෂණය (JLPT), ජපන් භාෂාව මව් භාෂාව නොවන පුද්ගලයන්ගේ ජපන් භාෂා දැනුම පරීක්ෂා කිරීම සඳහා පැවැත්වෙන NAT විභාගයට සිසුන් සූදානම් කරවීම, මාර්ගගත ඉගැන්වීම්, ශිෂ්‍ය සහ පුහුණු වීසා සහාය, ජපන් උපදේශකවරුන් යටතේ ප්‍රයෝගික පුහුණු සැසි පැවැත්වීම ඔවුන් සපයන සේවා අතර වේ.




සිසුන් දහස් ගණනකගේ අධ්‍යාපනික සහ වෘත්තීය අභිලාෂ සපුරා ගැනීමට ඔවුන්ට සහාය වන Datatech Lanka සමාගම මෙරට විශිෂ්ටතම ජපන් අධ්‍යාපන මධ්‍යස්ථානය ලෙස කීර්ති නාමයක් දිනා ඇත. ඔවුන්ගේ නවතම අධ්‍යාපන පාසල දිවුලපිටිය තැපැල් කාර්යාලය ඉදිරිපිටදී අගෝස්තු මාසයේදී විවෘත කිරීමට නියමිතය. ඔවුන්ගේ නව අධ්‍යයන වාරය සඳහා මේ දිනවල සිසුන් බඳවා ගැනේ. සිසුන් කේන්ද්‍ර කර ගත් ක්‍රමවේදයක් යටතේ සේවා සපයන එම ආයතනය පුද්ගලාරෝපිත මාර්ගෝපදේශනය සපයන අතර විවිධ පසුබිම්වලට අයත් සිසුන්ට ජපන් භාෂා සහ සංස්කෘතික දැනුම ලැබීමට හැකියාව සළසන ඉගැනුම් පරිසරයක් නිර්මාණය කර තිබේ. Datatech Lanka සමාගම අධ්‍යාපනයට හෝ වෘත්තීය පුහුණුවට ජපානයට යාමට බලාපොරොත්තු වන සිසුන්ට ජපන් වීසා ගැනීමට සහාය දෙයි. පළපුරුදු උපදේශකවරු වඩාත් සුදුසු පාඨමාලා තෝරා ගැනීමට, වෘත්තීය ගමන් මග සැළසුම් කිරීමට සිසුන්ට මඟ පෙන්වති. එම ආයතනය විධිමත් ලෙස පුහුණුව ලැබූ උපදේශකයන් යටතේ නම්‍යශීලී ක්‍රමවේදයකට මෙන්ම මනෝවිද්‍යානුකූල ඉගෙනුම් රටාවකට සිසුන්ගේ භාෂා දැනුම වර්ධනය කරයි. ඔවුන් මීට පෙර ජාතික ව්‍යවසායකත්ව ජනාධිපති සම්මානය, ආසියානු ජාතික ව්‍යවසායකත්ව සම්මානය, ස්වර්ණසිංහ ජාතික සම්මානය හා පිනකල් 2024 සම්මානය ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.

Home  Facebook

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + 7 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව