
[2024 ජූනි 05, කොළඹ] Daraz 6.6 Mid-Year Sale වැඩසටහන ජූනි 06 සිට ජූනි 10 දින දක්වා ක්‍රියාත්මක කිරීමට Daraz Sri Lanka සැලසුම් කර තිබේ. මෙමගින් පාරිභෝගිකයන්ට දැවැන්ත වට්ටම්, මිලදී ගන්නා භාණ්ඩ සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සමග රු, මිලියන 20 කට වැඩි වටිනාකමකින් යුත් වවුචර ඇතුළු වාසි රැසක් හිමි වේ. ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින් හුරුපුරුදු ‘තුරුම්පු කාඩ්පත’ සංකල්පයෙන් ආභාසය ලබමින් සැලසුම් කර ඇති මෙම වැඩසටහන, Daraz යනු සම කළ නොහැකි දීමනා, නොසිතූ වාසි සමග උපරිම පහසුවක් පිරිනමන සේවාවක් බව පාරිභෝගිකයන්ට පෙන්වා දෙනු ඇත.
දින 5 ක් පුරා පැවැත්වෙන 6.6 Mid-Year Sale වැඩසටහන තුළදී පාරිභෝගිකයන්ට ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, ඇඟලුම් හා විලාසිතා, රූපලාවණ්‍ය නිෂ්පාදන, ගෘහභාණ්ඩ, ගෘහෝපකරණ සහ ග්‍රොසරි භාණ්ඩ ඇතුළු භාණ්ඩ වර්ග රාශියක් සඳහා 85% ක් දක්වා වට්ටම් හිමි වේ. එමෙන්ම දිනපතා අලුත් වන Mega Deals සහ Hot Deals සමග Daraz app සඳහා විශේෂ වූ වවුචර සහ මිලදී ගත් භාණ්ඩ නොමිලේ ගෙන්වා ගැනීමේ පහසුකම් ඇතුළු වාසි රැසක්ද පිරිනැමීමට සැලසුම් කර ඇත. Diamond Best Food, Unilever, Hemas, Janet, Sunshine Healthcare, Amante සහ V-TEC Furniture ඇතුළු ප්‍රමුඛ පෙළේ දේශීය සන්නාම රැසක් මෙම වැඩසටහන සමග එක්ව සිටින අතර, කොමර්ෂල් බැංකුව, DFCC බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ AmEx, NDB බැංකුව, සම්පත් බැංකුව, යූනියන් බැංකුව සහ KOKO මගින් බලගැන්වෙන Daraz Pay-later ක්‍රමය ආදිය මගින් පාරිභෝගිකයන්ට අමතර වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම ඇතුළු වාසි රැසක් හිමි වේ. මීට අමතරව ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුව, හැටන් නැෂනල් බැංකුව සහ මහජන බැංකුව විසින් භාණ්ඩ මිලදී ගන්නා අවස්ථාවේදී සහ ගනුදෙනුව සිදුකිරීමෙන් අනතුරුව මාස 36 ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රම පිරිනමනු ඇත.
“මෙම වසරේ 6.6 Mid-Year Sale වැඩසටහනේදී ඉහළම වාසි පිරිනමන අතරම, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට වැඩි වැඩියෙන් සමීප වීමට අපට අවශ්‍ය වුණා. Daraz යනු ක්‍රීඩාවක දිශානතිය වෙනස් කරන තුරුම්පුවක් මෙන් Online Shopping ක්ෂේත්‍රයේ ගමන් මග වෙනස් කරන බලවේගයක්. Daraz සමග ගනුදෙනු කිරීමේදී පාරිභෝගියන්ට වඩාත් හොඳ වාසි, උසස් සේවාවක් සමගින් තම ප්‍රියතම සන්නාමවලින් පැමිණෙන භාණ්ඩ වඩාත් පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනවා.” Daraz Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ එසාන් සායා මහතා පැවසීය.
6.6 වැඩසටහන පැවැත්වෙන කාලය තුළ Daraz app හරහා 666 සහ Golden Hour Deals, Voucher drops, Category of the Day සහ 6.6 Tricks වැනි වාසි රැසක් පිරිනැමීමටද කටයුතු යොදා තිබේ. වැඩසටහන අතරතුර Daraz හි නිෂ්පාදන එකතුව නිරන්තරයෙන් අලුත් වනු ඇති අතර, එම කාලසීමාව තුළ නවතම Nothing 3(A) දුරකථන මාදිලිය සහ IMAX ගෙනෙන නවතම රූපවාහිනී මාදිලි 3 ක් දොරට වැඩීමටද නියමිතය.
Daraz මෙරට විද්‍යුත් වාණිජ සේවා ක්ෂේත්‍රයේ අවිවාදිත ප්‍රමුඛයා වන අතර, 6.6 Mid-Year Sale වැඩසටහන මගින් එය නැවත වරක් තහවුරු වනු ඇත. ඉදිරියටත් ජනතාවගේ රුචිකත්වයන් අනුව මෙවැනි සුවිශේෂී ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහන් හඳුන්වා දීම Daraz හි අරමුණ වී තිබේ.