Daraz 11.11: පාරිභෝගික චර්යාවන් වෙනස් කරමින් රට පුරා ව්‍යාපාර සවිබලගැන්වූ සුවිශේෂී වැඩසටහනක්

Daraz Sinhala

Daraz Sri Lanka ක්‍රියාවට නැංවූ ‘11.11 Biggest Sale Of The Year’ වැඩසටහන නොවැම්බර් 17 දින අතිසාර්ථක ලෙස අවසන් විය. සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් රාශියක් සමගින් වසරේ අඩුම මිලට භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දුන් මෙම වැඩසටහන යටතේ පිරිනමන ලද වට්ටම්වල මුළු වටිනාකම රු. මිලියන 150 කට අධික ය. මෙවර වැඩසටහන, ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාණිජ සේවාවන්හි ජනප්‍රියත්වය ඉහළ යමින් පවතින බව මෙන්ම, දිවයින පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ පාරිභෝගික චර්යාවන් වෙනස් කරමින් විකුණුම්කරුවන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීමට අවස්ථා උදාකර දීම සම්බන්ධයෙන් Daraz ඉටුකරමින් සිටින කේන්ද්‍රීය භූමිකාව මැනැවින් පෙන්වා දුන් වැඩසටහනක් විය.
 



 
11.11 වැඩසටහනේ වඩාත්ම කැපීපෙනුණු කාණ්ඩ හා සන්නාම

11.11 වැඩසටහනේදී ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වැඩියෙන්ම උනන්දු වූයේ වූයේ ඕඩියෝ උපාංග, චර්ම සත්කාර, කාන්තා විලාසිතා, රූපලාවණ්‍ය මෙවලම් සහ ස්මාර්ට් අත් ඔරලෝසු යන කාණ්ඩ සම්බන්ධයෙනි. මෙය ස්වයං-සත්කාර නිෂ්පාදන, නවීන ජීවන රටාවන් සහ දෛනික ජීවිතය වැඩිදියුණු කරන පළඳනා ආදිය සම්බන්ධයෙන් ජනතාව වැඩි උනන්දුවක් දක්වන බවට මනා සාක්ෂියකි.

11.11 වැඩසටහන අතරතුර ඇතැම් කාණ්ඩවල දැවැන්ත වර්ධනයක් වාර්තා විය. ගෘහෝපකරණ කාණ්ඩය අලෙවිය අතින් 4 ගුණයක වර්ධනයක් පෙන්නුම් කළ අතර, ඊට අමතරව වැඩිම ඉල්ලුමක් නිරීක්ෂණය වූයේ සෞඛ්‍ය, රූපලාවණ්‍ය සහ විලාසිතා යන කාණ්ඩ තුළ ය. විශේෂයෙන්ම නිවසේ පහසුව, ස්වයං-සත්කාර චර්යාවන් සහ ජනප්‍රිය විලාසිතා ආදිය වෙනුවෙන් වැඩි වැඩියෙන් මුදල් වැයකිරීමට පාරිභෝගිකයන් පෙළඹී සිටින බව මින් පැහැදිලි වේ.

වැඩසටහන අතරතුර Baseus, Hemas Consumer, Promate, Cetaphil සහ Amante යනාදී ප්‍රමුඛ පෙළේ සන්නාම සඳහා ඉහළ ඉල්ලුමක් පැවතිණි. මෙම සන්නාම යටතේ වෙළඳපොළට පැමිණෙන ඉහළ ප්‍රමිතියෙන් යුත් භාණ්ඩවලට ආකර්ෂණීය වට්ටම් හිමි වීම නිසා පාරිභෝගිකයන් වැඩි වැඩියෙන් ඒවා මිලදී ගැනීමට පෙළඹුණු අතර, එමගින් අදාළ සන්නාම කෙරෙහි පාරිභෝගිකයන් තුළ ඇති විශ්වාසය හා ළැදියාව තවදුරටත් වර්ධනය විය.

Flash Sale’ සමගින් දැවැන්ත වර්ධනයක්

Daraz හි සාර්ථකත්වයට හේතු වී ඇති ප්‍රධානතම සාධකයක් වන්නේ ‘Flash Sales’ වැනි ආකර්ෂණීය විශේෂාංග හඳුන්වා දීමයි. 11.11 වැඩසටහනේ මුල් දිනයේ ඇණවුම්වලින් 40% ක්ම වාර්තා වූයේ ඉහළ බලපෑමක් ඇති කළ මෙබඳු ප්‍රවර්ධන වැඩසටහන් තුළිනි. සීමිත කාලයක් සඳහා පමණක් වලංගු වූ මෙම ප්‍රවර්ධන වැඩසටහන් හේතුවෙන් පාරිභෝගිකයන් ඉක්මනින් භාණ්ඩ මිලදී ගැනීමට යොමුවුණු අතර එය එම භාණ්ඩවල අලෙවිය කැපීපෙනෙන ලෙස ඉහළ යාමට හේතු විය. ස්මාර්ට් දුරකථන ඇතුළු ඉලෙක්ට්‍රොනික උපාංගවල සිට රූපලාවණ්‍ය නිෂ්පාදන සහ මුළුතැන්ගේ භාණ්ඩ දක්වාම ක්‍රියාත්මක කරන ලද මෙම Flash Sales ප්‍රවර්ධන වැඩසටහන්, පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලමින් Daraz හි ජනප්‍රියත්වය තවදුරටත් වැඩිකිරීමට දායක විය.

විකුණුම්කරුවන්ට අත්වැලක්; සාධාරණ තරග බිමක්

Daraz දිගින් දිගටම මෙරට ව්‍යාපාර වෙත නව අලෙවිකරණ මෙවලම් හඳුන්වා දෙමින් එම ව්‍යාපාර සවිබල ගන්වමින් සිටී. විකිණුම්කරුවන් 200 කට අධික පිරිසක් 11.11 වැඩසටහන පැවති කාලය තුළ තම භාණ්ඩ සඳහා වැඩි ප්‍රචාරණයක් ලබාදෙමින් පාරිභෝගිකයන් මිලියන ගණනක් වෙත ළඟාවීම සඳහා ‘Daraz Marketing Solutions Ads’ ක්‍රමවේදය භාවිතා කළහ. මෙම ප්‍රචාරණ ක්‍රමවේදයන් සැලසුම් කර ඇත්තේ විකිණුම්කරුවන්ට තම භාණ්ඩ සඳහා ඉහළ ප්‍රචාරයක් ලබාදෙමින්, දැන්වීම්කරණ ක්‍රමෝපායන් වැඩිදියුණු කරගනිමින්, වෙළඳපොළ තුළ සාර්ථක වීමට හැකි වන පරිද්දෙනි. මීට අමතරව සන්නාම හවුල්කරුවන් 21 දෙනෙක් වඩාත් පරිපූර්ණ දැන්වීම්කරණ ක්‍රමෝපායක් භාවිතා කරමින් ඉන් උපරිම ප්‍රතිලාභ හිමිකර ගත්හ. මෙය වර්තමාන ලෝකය තුළ ව්‍යාපාර කටයුතු සඳහා ‘Retail Media’ වැනි නව අලෙවිකරණ ක්‍රමවේද භාවිතා කිරීමේ වැදගත්කම මෙන්ම, තම හවුල්කරුවන්ගේ සාර්ථකත්වයට මහෝපකාරී වන නවීනතම මෙවලම් පිරිනැමීම සඳහා Daraz දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් නිරූපණය වූ අවස්ථාවක් ලෙස හැඳින්විය හැක.

“මේ වසරේ 11.11 Sale වැඩසටහන අපට සුවිශේෂී සන්ධිස්ථානයක් වුණා. එමගින් අපට විද්‍යුත් වාණිජ සේවාවන් විසින් ශ්‍රී ලාංකිකයන් භාණ්ඩ මිලදී ගන්නා ආකාරය පරිවර්තනයකට ලක්කරමින් සිටින ආකාරය පෙන්වා දීමට හැකියාව ලැබුණා. ව්‍යාපාරවලට දියුණුව කරා යාමට අත්වැලක් වන අතරම පාරිභෝගිකයන්ට සම කළ නොහැකි දීමනා යටතේ ඉහළම සන්නාමවලින් එන භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමට හැකි වීම අපට මහත් සතුටක්. ගනුදෙනුකරුවන් සහ විකුණුම්කරුවන් වෙතින් මෙම වැඩසටහනට ලැබුණු උණුසුම් ප්‍රතිචාරය, ඔවුන් Daraz කෙරෙහි තබා ඇති විශ්වාසයට සාක්ෂි දරනවා. ඉදිරියටත් ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ සේවා ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කැප වෙමින්, එය ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත්කිරීම අපගේ ඉලක්කයයි.” Daraz Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ එසාන් සායා මහතා පැවසී ය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව