Daraz 11.11. sale ලොව විශාලතම අන්තර්ජාල විකුණුම් වැඩසටහන තුන්වන වරටත්

1111 2020 KV

ලොව ප්‍රමුඛතම අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවි සමාගමක්ව Daraz.lk විසින් ලොවවිශාලතම විකුණුම් දිනය ලෙස සැලකෙන  Daraz 11.11. ප්‍රවර්ධන වැඩසටහන මේ වසරේදීත් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සූදානම්වෙයි. 2020 නොවැම්බර් මස 11 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන මෙවර Daraz 11.11. ප්‍රවර්ධන වැඩසටහනේදී 85% ක් දක්වා දැවැන්ත වට්ටම් හා රුපියල් මිලියන තුනක් වටිනා තෑගි වවුචර්පත් පිරිනැමේ. මෙරට අන්තර්ජාලගත අලෙවි ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක ඇරඹුම සටහන් කරමින්, ඉමහත් පාරිභෝගික ප්‍රතිචාරමැද 2018 වසරේදී පළමුවරට අති සාර්ථකව පවත්වන ලද Daraz 11.11. ප්‍රවර්ධන වැඩසටහන මේ වසරේදී පැවැත්වෙන්නේ අඛණ්ඩ තුන්වැනි වරටය.

 

 



 

 

ඔබේ ප්‍රියතම සන්නාමයන්ගෙන් යුතු ඉලෙක්ට්‍රොනික උපකරණ, ජංගම දුරකතන, නවීන විලාසිතාවන්ගේ ඇඳුම් පැළඳුම් වර්ග රැසක් මෙන්ම එදිනෙදා දිවිය පහසුකරන  නිෂ්පාදනයන් රැසක් සඳහා “නගරයේ අඩුම මිල ගණන්”, සුවිශේෂී වට්ටම් සහ දීමනා රැසක් සපිරිව සදා මතකයේ රැඳෙන අසිරිමත් අන්තර්ජාල සාප්පු සවාරියක මිහිර මෙවර Daraz 11.11. ප්‍රවර්ධන වැඩසටහනේදී හිමිවේ.

Daraz සතු සුපිරි අලෙවි අවකාශය Daraz Mall ඵ්කක දින 14 ක නැවත ආපසු භාරදීමේ හැකියාවද සමග දෙස් විදෙස් පාරිභෝගික ජනතා විශ්වාසයට පාත්‍ර වූ සුපිරිතම සන්නාම 450 කට අධික ප්‍රමාණයක අනගි නිෂ්පාදන පෙළක් ඉදිරිපත්කොට තිබේ.

 

 

 

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව