5 වසරකට පෙර 100 ක පමණ තරුණ කණ්ඩායමක් එක්ව kaymu.lk ලෙස ශ්‍රී ලංකාවට විද්‍යුත් වාණිජ වෙබ් අඩවියක් හඳුන්වා දුන් අතර එහි වටිනාකම හඳුනා ගත් Daraz තමන් සතු ජාත්‍යන්තර අත්දැකීම්, තාක්ෂණික විශේෂඥතාවය සමග මූල්‍යමය ශක්තිය ලබාදෙමින් 2016 වසරේදී ශ්‍රී ලාංකිකයන් වෙත නවමු අත්දැකීමක් ගෙන එමින් Daraz.lk ආරම්භ කරනු ලැබීය. විද්‍යුත් වාණිජ ක්ෂේත්රයේ ගෝලීය දැවැන්තයා Alibaba සෙවණේ දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් අනුව නිර්මාණය වූ Daraz සමග AliPay/Ant Financials දැවැන්තයන් ද එක්ව සිටින නිසා ශ්‍රී ලාංකිකයන්ට අන්තර්ජාතික මට්ටමේ අධිතාක්ෂණික හා සුරක්ෂිත වටපිටාවක විද්‍යුත් වාණිජ කටයුතු සිදුකිරීමේ පහසුකම් හිමිව තිබේ.
වසර 5 ක් වැනි කෙටි කාලයක් ඇතුලත ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළෙඳ අවකාශය බවට පත්වන්නට සමත්ව සිටින Daraz ශ්‍රී ලාංකිකයන් අන්තර්ජාල වෙළෙඳපොළක් තුළ ගනුදෙනු කාර්යයට හුරු කිරීමට සමත් වූයේ දේශීය ව්‍යවසායකයන් වෙත අන්තර්ජාලයේ අලෙවි අවස්ථා අත්කරදෙමින් දේශීය ආර්ථිය නගාසිටුවන්නට මහඟු දායකත්වයක් සපයමිනි. ශ්‍රී ලාංකීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැසක් හා දැවැන්ත සමාගම් රැුසක්ද ඇතුළුව අදවනවිට 50,000 කට අධික ව්‍යවසායකයන් පිරිසක් Daraz අවකාශය තුළ අලෙවි කටයුතු සිදුකරනු ලබයි. ශ්‍රී ලාංකීය කාන්තා ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කරලීම උදෙසා Daraz 10,000 කට අධික කාන්තා ව්‍යවසායිකාවන් පිරිසකට ද අන්තර්ජාලය තුළ තම අලෙවි කටයුතු සිදුකරගැනීමෙහිලා පහසුකම් සලසා ඇත.
Daraz වෙතින් ඇනවුම් කළ භාණ්ඩ සීඝ්‍රගාමී බෙදාහැරීම් සේවාවක් ඔස්සේ කලට වේලාවට පාරිභෝගිකයන් අතට පත්කිරීමට දිවයින පුරා 25 කට අධික Daraz Hub බෙදාහැරීම් මධ්‍යස්ථාන ස්ථාපිත කොට තිබෙන අතර ශ්‍රී ලංකාවේ දැවැන්තම භාණ්ඩ බෙදාහැරීමේ ජාලය ලෙස Daraz Express (DEX) කැපී පෙනෙයි. ගතවූ මාස 60 ක කාලය ඇතුලත Daraz සේවාවන් දීපව්‍යාප්ත කිරීමත් සමග රට තුළ සෘජු හා වක්‍ර රැුකියා 5000 කට අධික ප්‍රමාණයක් ද නිර්මාණය කොට තිබේ. 2019 වසරේදී ඩයලොග් ආසියාටා සමාගම සතුව පැවැති wOw.lk පාරිභෝගික වෙබ් අඩවියේ කළමනාකාරීත්වය හා ව්‍යාපාර මෙහෙයුම් වගකීම හිමිකරගත් Daraz මෙරට විද්‍යුත් වාණිජ ක්ෂේත්රයේ තම ස්ථාවරත්වය හා දැවැන්ත ස්වරූපය විදහා දක්වන්නට සමත්විය.
වසංගත තත්ත්වය සමග පනවනු ලැබූ නිරෝධායන ඇඳිරි නීති කාලය තුළ මෙරට ව්‍යාපාරිකයන් රැසකගේ කටයුතු අඩාල වූ අතර ඔවුන් වෙත අන්තර්ජාල අලෙවි පහසුකම් සලසා දී මිලියන 5 කට අධික පාරිභෝගික භාණ්ඩ ප්‍රමාණයක් අලෙවියට ඉඩකඩ සලසා දුන් Daraz ව්‍යාපාරිකයන් වෙත ලාභයත් නිවසටම සිරවූ පාරිභෝගිකයන් වෙත නිවසටම අත්‍යවශ්‍ය ආහාරපාන ආදිය බෙදාහරිමින් සහනශීලීත්වයත් සලසා දෙන්නට සමත් විය.
ශ්‍රී ලාංකීය විද්‍යුත් වාණිජ ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන Daraz වෙනස්වන ලෝකයේ වෙනස්වන ජීවන රටාවනට ගැලපෙන ආකාරයෙන් නිරන්තරයෙන් නවතම තාක්ෂණික පහසුකම් පාරිභෝගිකයන් වෙත හඳුන්වාදෙනු ලබයි. අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ පෙරළිකාර වෙනසක් ඇති කරමින් Daraz, dMart අන්තර්ජාලගත සුපිරි වෙළෙඳසැල හඳුන්වාදෙනු ලැබීය. එදිනෙදා දිවියේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග රැුසක්, තෝරාගැනීමේ අවස්ථා රැසක් සහිතව කාණ්ඩ කිහිපයක් යටතේ හඳුන්වාදෙන dMart සමග එක් වරක් මිලදීගැනීම් සිදු කළ පාරිභෝගිකයෙකු ඊළඟ අවස්ථාවේ පැමිණෙන විට පෙර මිලදී ගැනීම් රටාව අනුව ගැලපෙන පාරිභෝගික භාණ්ඩ පෙළක් පහසුවෙන් තෝරාගත හැකි පරිදි ස්වයංක්‍රීයව යෝජනා කිරීම විශේෂත්වයකි. dMart හි “Add to cart” පහසුකමෙන් සියළු භාණ්ඩ අතරින් පාරිභෝගිකයාට තමාට අවශ්‍ය ප්‍රමාණයන් තෝරා දෙමින් අතපසුවීමකින් තොරව තමාගේ සියළු මිලදී ගැනීම් සිදුකිරීමට උපකාරී වේ. dMart අධිවේගී බෙදාහැරීම් ක්‍රමවේදය නිසා එක් දිනයක දහවල් 3.00 දක්වා ඇණවුම් කෙරෙන භාණ්ඩ එදිනම බෙදාහරිනු ලැබේ. තව ද Daraz විසින් ‘watch now, shop now’ තේමාව යටතේ ලංකාවේ පළමු වරට හඳුන්වාදෙන Daraz Live වෙතින් භාණ්ඩ පිළිබඳ සිදුකෙරෙන සජීවී විස්තර ප්‍රචාරයන් නරඹා ඒ මොහොතේදීම මිලදී ගැනීමේ අවස්ථාව හිමිකර දෙයි.
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ ක්ෂේත්රයේ දැවැන්තයා රට වෙනුවෙන් හා ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් තම යුතුකම් නොපිරිහෙලා ඉටුකරනු ලබන මානවහිතවාදී සමාගමකි. ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විදේශ තරග සංචාරයන් සඳහා Daraz අනුග්‍රාහක දායකත්වය ලබාදෙයි. තවද පසුගිය ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සහභාගී වූ ජාතික ඔලිම්පික් ක්‍රීඩා කණ්ඩායම වෙත ‘Delivering Dreams’ තේමාව පෙරටුකොටගෙන නිල ඩිජිටල් සහකරු ලෙස Daraz අනුග්‍රාහකත්වය එක් කළේය.
Daraz විසින් ශ්‍රී ලාංකීය ජන සමාජයේ අවශ්‍යතා ඇති ජනතාව වෙත පිළිසරණක් වීම උදෙසා ආයතනික සමාජ සත්කාරක වැඩසටහන ලෙස ක්‍රියාත්මක කරනු ලබන “Daraz Cares” වැඩසටහන් වෙත පාරිභෝගික ජනතාව ද එකමුතු කරගනියි. Daraz වෙත පැමිණ භාණ්ඩ මිලදී ගැනීමෙහි යෙදී සිටින පාරිභෝගික භවතුන් Daraz Cares සමග එක්වන්නට කැමති නම් UNICEF, ශ්‍රී ලංකා රතු කුරුස සංගමය, Leads ළමා සුබසාධන හා සමාජ සේවා ආයතනය සහ Habitat for Humanity යන Daraz Cares හවුල්කාර සමාජ සේවා ආයතන අනුව තෝරාගනිමින් ඔවුන් කැමති මුදලක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවද වෙබ් අඩවියේම සකස්කොට දී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කරන ලද ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත රුපියල් මිලියන 2 ක මුදලක් සහ පෞද්ගලික ආරක්ෂක උපාංග කට්ටල (PPE kits) තොගයක් Daraz විසින් පරිත්‍යාග කරනු ලැබීය. තවද ශ්‍රී ලංකා යුධ හමුදාව වෙනුවෙන් PPE kits කට්ටල තොගයක් සහ රෝහල් ඇඳන් තොගයක් ද ශ්‍රී ලංකා පොලිසිය වෙත වියළි ආහාර ද්‍රව්‍ය තොගයක්ද පරිත්‍යාග කළ Daraz වසංගත මැඬලීමේ ක්‍රියාන්විතයේ ඉදිරිපෙළ විරුවන් වෙත සිය ප්‍රණාමය දැක්වීය.
Daraz පස්වන සංවත්සරය පිළිබඳ අදහස් දැක්වූ Daraz Sri Lanka කළමනාකාර අධ්යක්ෂ රඛිල් ප්‍රනාන්දු මහතා “පස් වසරක කාලයක් ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ ක්ෂේත්රයේ දියුණුවටත් ජන සමාජයේ යහපැවැත්මටත් ආයතනයක් වශයෙන් අප කළ කී දේවල් පිළිබඳ ආපසු හැරී බලද්දී අපට ඇතිවන්නේ නිහතමානී ආඩම්බරයක්. Daraz සමග එක්ව සිටින ආයතනික කාර්ය මණ්ඩලයත්, විකුණුම් සහකරුවනුත්, බෙදාහැරීම් සහකරුවෝත් යන සියළු දෙනා එකම පවුලක් එකම කණ්ඩායමක් යන හැඟීමෙන් කටයුතු කරන නිසා එදා සිට අද දක්වා මේ ආකාරයේ සාර්ථකත්වයක් ළ`ගාකරගන්නට අපට හැකිවූවා. ඉදිරියේදීත් ශක්තිමත් කණ්ඩායමක් ලෙස එක්ව ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් කැපවී කටයුතු කරන්නට අප බලාපොරොත්තු වෙනවා. ” යැයි පැවසීය.
Daraz App ඩවුන්ලෝඞ් කරගැනීමෙන් ඔබටත් Daraz 5 වසරක සාර්ථකත්වයේ සැමරුම් සාදය වෙතින්, ඔක්තෝබර් මස 07 වැනිදා සිට 13 වැනිදා දක්වා ආකර්ෂර්‍ණය දීමනා රැසක් හිමිකරගත හැකිය.