Daraz වෙතින් දැන් AliExpress Choice භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව හොඳම භාණ්ඩ රැසක් අඩුම මිලට

Darz

Daraz වෙතින් දැන් AliExpress Choice භාණ්ඩ මිලදී ගැනීමට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වී තිබේ. ඒ අනුව ඔවුන්ට විලාසිතා (අත් ඔරලෝසු, අවු කන්නාඩි, ආභරණ සහ බෑග් වැනි), සෞඛ්‍ය හා රූපලාවණ්‍ය වැනි කාණ්ඩවලට අයත් ඉහළම ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ වර්ග මිලියනයකට අධික සංඛ්‍යාවක් අතරින් තමන් කැමති භාණ්ඩ මිලදීගෙන නිවෙසටම ගෙන්වා ගැනීමට හැකි වනු ඇත.

AliExpress Choice මුලින්ම හඳුන්වා දෙන ලද්දේ 2023 වර්ෂයේදී ය. ඒ පාරිභෝගිකයන්ගේ වෙනස් වන රුචිකත්වයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි. AliExpress Choice මේ වනවිට රටවල් 50 කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වේ.
 



 
මින් ඉදිරියට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ටද AliExpress Choice භාණ්ඩ වර්ග රාශියක් තරගකාරී මිලගණන් යටතේ මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙම භාණ්ඩ සඳහා ඩිලිවරි ගාස්තු අය නොවන අතර, අවශ්‍ය නම් දින 14 ක් ඇතුළත ගාස්තුවකින් තොරව එම භාණ්ඩ ආපසු භාරදිය හැකි වේ.*

AliExpress Choice භාණ්ඩ වර්ගවලට අමතරව, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ රුචිකත්වයන්ට ගැළපෙන වෙනත් භාණ්ඩ වර්ග රාශියක්ද Daraz වෙතින් මිලදී ගත හැකි වේ. Hemas සහ Ceylon Biscuits වැනි සමාගම්වල FMCG නිෂ්පාදන, Unilever සහ Reckitt Benckiser සමාගම්වල සෞඛ්‍ය හා රූපලාවණ්‍ය නිෂ්පාදන, සහ Hayleys සමාගම බෙදාහරින භාණ්ඩ (Gillette, Mabroc, Head & Shoulders, Olay, Pampers, Tide, Vicks සහ Whisper වැනි සන්නාමවලට අයත්) වැනි භාණ්ඩ වර්ග රාශියක් ඊට ඇතුළත් ය. මීට අමතරව පාරිභෝගිකයන් වෙනුවෙන් ‘Lightening Deals’ සහ ‘Early Bird Offers’ වැනි දීමනා සහ ප්‍රවර්ධන වැඩසටහන් රැසක්ද හඳුන්වා දී තිබේ.

“අපගේ පාරිභෝගිකයන් හැම විටම උසස් තත්ත්වයේ භාණ්ඩ තරගකාරී මිලගණන් යටතේ මිලදී ගැනීමට උනන්දු වෙන පිරිසක්. AliExpress Choice නිෂ්පාදන හඳුන්වා දීමත් සමග ඔවුන් අපේක්ෂා කළාටත් වඩා හොඳ අත්දැකීමක් ඔවුන් වෙත ලබාදීමට අපට හැකි වේවි. කාණ්ඩ සිය ගණනක් යටතේ, ගෙවන මුදලට උපරිම වටිනාකමක් ලැබෙන ආකාරයට, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ රුචිකත්වයට ගැළපෙන භාණ්ඩ වර්ග රාශියක් අප මේ වනවිට අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරි මාස කිහිපයේදී නව විශේෂාංග සහ සුවිශේෂී දීමනා එකතුවකුත් හඳුන්වා දීමටත් අප සූදානම්. ඒත් සමග මෙරට උසස්ම ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ සහනදායී මිලගණන් යටතේ ලබාගැනීමට පිවිසිය යුතුම හොඳම තැන වශයෙන් Daraz හිමිකරගෙන ඇති ජනප්‍රියත්වය තවදුරටත් ඉහළ යාවි.” Daraz Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ එශාන් සායා මහතා පැවසී ය.

Daraz app ඔස්සේ ඉතාමත් පහසුවෙන් Choice භාණ්ඩ ඇතුළත් කොටසට පිවිසිය හැකි වේ. එහි මුල් පිටුවෙන් සෘජුවම එයට පිවිසිය හැකි අතර, පාරිභෝගිකයන්ට අවශ්‍ය භාණ්ඩ පහසුවෙන් සොයාගැනීමට හැකි වන ආකාරයට “Choice” සර්ච් ෆිල්ටර් එකක්ද ඇතුළත් කර තිබේ. එමෙන්ම පාරිභෝගිකයාට භාණ්ඩ ලැබීමට ගතවන කාලසීමාව අනුව (දින 1 – 3 වැනි ඉතා කෙටි කාලයක්) භාණ්ඩ වෙන්කර ගැනීම සඳහා ද්විත්ව ටැබ් ක්‍රමයක් මීට යොදා ඇත.

*සැලකිය යුතුයි: නියමයන් හා කොන්දේසි සහිතයි
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව