Daraz මාර්කටින් සොලූෂන්ස් හි ශ්‍රී ලංකාවේ සුවිශේෂී නියෝජිත ලෙස වෙළඳ දැන්වීම්කරුවන් සවිබල ගැන්වීමට Roar Adx සූදානම්

Prash Balakrishnan, Roar Global and Bart van Dijk, Daraz SL

 



 

 

දකුණු ආසියාවේ කීර්තිමත් e-commerce වේදිකාවක් වන Daraz ශ්‍රී ලංකා සමඟ හවුල්කාරිත්වයකට එළැඹීම Roar AdX ඉතා සතුටින් නිවේදනය කරයි. Daraz මාර්කටින් සොලූෂන්ස් හි සුවිශේෂී ප්‍රති-අලෙවිකරු ලෙසට, Daraz වේදිකාව/වෙබ් අඩවිය මඟින් ලබාදෙන ප්‍රචාරණ මෙවලම් උපරිම ලෙස භාවිතා කිරීමට වෙළෙන්දන්ට Roar AdX සහාය ලබා දේ.

මෙම හවුල්කාරිත්වයේ එක් පියවරක් ලෙසට, Daraz හි ප්‍රචාරණ කටයුතු කිරීමේ අදහසින් පසුවන ව්‍යාපාර එයට එකතු කරගැනීමට, පුහුණු කිරීමට සහ නව කුසලතා ඔවුනට හඳුන්වාදීමට Roar AdX සිය විශේෂඥතාවය ලබාදෙනු ඇත. ඉහළ ප්‍රතිඵල ලබාදෙන වෙළඳ ප්‍රචාරණ වැඩසටහන් නිර්මාණය කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා විශේෂිතවූ පාරිභෝගික සහාය, සුවිශේෂී webinars සහ ඉගෙනුම් සම්පත් Roar AdX විසින් භාෂා තුනෙන්ම ලබා දෙනු ඇත.

“Daraz විසින් ඉහළ ක්‍රියාකාරිත්වයක් ඇති පාරිභෝගිකයන් රැසක් වෙතට තම නිෂ්පාදන හඳුන්වාදීමට, ව්‍යාපාර වලට අද්විතීය අවස්ථාවක් ලබා දෙයි. ව්‍යාපාර වලට නිසි ඉදිරි මාර්ගය සහ අන්තර්ජාලය හරහා ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන් වෙත නිසි ප්‍රවේශය ලබාදීම මෙම හවුල්කාරීත්වය හරහා සිදු කෙරේ. Roar සමඟ එක්ව, කලාපයේ e-commerce ප්‍රචාරණයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට ඉවහල් වන වැඩසටහන්  ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාපාරවලට අවශ්‍ය නිසි මග පෙන්වීම ලබාදීමට අප බලාපොරොත්තු වනවා,” බාර්ට් වැන් ඩිජික්, Daraz ශ්‍රී ලංකා හි කළමණාකාර අධ්‍යක්ෂක පැවසුවේය.

රටවල් පහක වෙළඳපලවල් පුරා පැතිරුණු මිලියන 25 කට අධික පරිශීලකයින් රැසක් සමඟ, ඉතා පහසුවෙන් සහ ඵලදායී ලෙස වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කිරීමේ අවස්ථාව Daraz වෙතින් ව්‍යාපාර වෙත ලබා දෙයි. ව්‍යාපාරවලට, Daraz වේදිකාවේ බලය උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව භාවිතා කිරීමට මෙම උපායමාර්ගික හවුල්කාරීත්වය හරහා ඉඩ සැළසන අතර, එමඟින් ඔවුන්ගේ අලෙවි මධ්‍යස්ථානයේ සිට high-intent පාරිභෝගිකයින් වෙත සෘජුවම දැන්වීම් ප්‍රචාරණය කිරීමට ඉඩ ලැබේ. එමෙන්ම, සාර්ථක වෙළඳ ප්‍රචාරණ වැඩසටහන් මෙහෙයවීමට අවශ්‍ය Roar AdX සතු දැනුම සහ විශේෂඥතාවයද ව්‍යාපාර වලට ලබා දේ.

වසර 2020 සිට, ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ වේදිකාවල ප්‍රමුඛතම මීඩියා ප්‍රති-අලෙවිකරුවෙකු ලෙස Roar AdX කටයුතු කර ඇත. එය, ශ්‍රී ලංකාවේ මෙටා සමාගමේ බලයලත් අලෙවි සහකරු Meta Authorized Sales Partner (ASP) වන අතර ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ LinkedIn සමාගම සමඟ ක්‍රියා කරමින් මෙම වේදිකා මගින් ලබාදෙන වෙළඳ ප්‍රචාරණ මෙවලම් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීම සඳහා ව්‍යාපාර 1,000 කට අධික සංඛ්‍යාවකට සහාය ලබා දේ. මේ වන විට, සහාය ලබාදීමේ පැය 4,000 කට වඩා සම්පූර්ණ කරමින් වැඩමුළු සහ සුවිශේෂී පුද්ගල පුහුණු ඇතුළු වැඩමුළු 50 කට අධික ප්‍රමාණයක් සමාගම විසින් මෙහෙයවා ඇත.

“Daraz හි දැන්වීම් ප්‍රචාරණය කිරීමෙන් ඉලක්කගත අරමුණු හරහා උපාය මාර්ගිකව සාර්ථකත්වය ලබාගැනීමට ව්‍යාපාරිකයින්ට/ වෙළෙන්දන්ට අවස්ථාව ලබා දීමක් සිදුවේ. මනා ලෙස ක්‍රියාත්මක කරන ලද දැන්වීම් ප්‍රචාරණ ව්‍යාපාරයකින්, ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන වලට නිසි අවධානයක් ලබාගැනීමට අවස්‌ථාවක් ලැබෙනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස high-intent ප්‍රේක්ෂකයන්ගේ අවධානය ලබාගැනීමට හැකිවනු ඇත,” යනුවෙන් Roar Global හි මාධ්‍ය අලෙවි කලාපීය අධ්‍යක්ෂ ප්‍රාෂ් බාලක්‍රිෂ්ණන් පැවසුවේය.

Roar AdX යනු Roar Global හි අනුබද්ධ ආයතනයක් වන අතර, ආසියා-පැසිෆික් (APAC) කලාපයේ නැගී එන වෙළඳපොලවල් වලට පිවිසීමට සහ ඔවුන්ගේ මෙහෙයුම් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන ගෝලීය වෙළඳ ප්‍රචාරණ වේදිකා සඳහා සේවාවන් සපයන ප්‍රමුඛ පෙලේ විශේෂඥයෙකු ලෙස කටයුතු කරයි. සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ලාඕසය සහ බෲනායි යන රටවල මාධ්‍ය සහ අලෙවිකරණ විශේෂඥයින් 80කට අධික පිරිසකින් සමන්විත කාර්යාල පවත්වාගෙන යන Roar Global, Daraz සමඟ ඇතිකරගත් මෙම නව හවුල්කාරිත්වයට එක් වීමට සුදුසුම තත්ත්වයක පසුවේ/ ස්ථානයක සිටී.

වසර 2015 දී ආරම්භ කරන ලද Daraz යනු, පකිස්ථානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය සහ මියන්මාරයට සේවා සපයන දකුණු ආසියාවේ ප්‍රමුඛතම e-commerce වේදිකාවයි. දියුණු වෙළඳපල තාක්‍ෂණය සමඟින්, මිලියන 500 ක ජනතාවක් සිටින මෙම කලාපයේ දිනෙන් දින ඉහළ යමින් පවතින පරිභෝජක පන්තිය වෙත ළඟා වීමට සක්‍රීය විකුණුම්කරුවන්/ වෙළෙන්දන් 200,000 කට අධික පිරිසකට අවස්ථාව Daraz විසින් ලබා දේ. වසර 2030 වන විට මිලියන 50 ක පාරිභෝගිකයින් පිරිසකට සහ ව්‍යාපාරවලට සේවය කිරීමේ දැක්ම ඇතිව Daraz විසින් Daraz Express සහ Daraz Pay හරහා කාර්යක්ෂම සැපයුම් සහ ගෙවීම් පහසුකම් ක්‍රියාත්මක කරයි.

කලාපයේ e-commerce වෙළඳ ප්‍රචාරණය වේගවත් කිරීමට සහ ව්‍යාපාරවලට ඉහළ වර්ධනයක් ලබා ගැනීමට මහඟු අවස්ථාවක් මෙම හවුල්කාරිත්වය හරහා Roar AdX සහ Daraz වෙත ලබාදෙනු ලැබේ. වැඩි විස්තර සඳහා කරුණාකර www.roaradx.com හෝ Roar AdX හි Facebook, Instagram සහ LinkedIn ගිණුම් වෙත පිවිසෙන්න.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 + 8 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව