
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ වැසිකිළි හා අපජල පිරිපහදු නිෂ්පාදන සැපයුම්කරුවෙකු වන Daiki Axis Environment (Pvt) Ltd සමාගම 14 වැනි වාර්ෂික Green Building 2025 සම්මාන උළෙලේදී විශේෂ ඇගයීම් ත්‍රිත්වයක් හිමි කර ගන්නා ලදී. සම්මාන උළෙල 2025 දෙසැම්බර් 11 වන දින කොළඹ BMICH හිදී පැවැත්විය.
ශ්‍රී ලංකාව පුරා තිරසාර පරිසර හිතකාමී නිෂ්පාදන සහ පරිසරය වෙනුවෙන් ඉටු කරන මෙහෙය අගය කිරීම වෙනුවෙන් ධයිකි ඇක්සිස් සමාගමට, ඉදිකිරීම් ද්‍රව්‍ය සහ නිෂ්පාදන අංශයේ 2025 වසරේ හරිත ව්‍යාපාර නායකත්වය (Green Business Leadership of the Year) සඳහා වන සම්මානය සහ Green Building Council of Sri Lanka (GBCSL) විසින් එහි ප්ලැටිනම් සාමාජිකත්වය පිරිණමන ලදී.
ධයිකි ඇක්සිස් සමාගම සතු උසස් Johkasou පද්ධති වන XH සහ BAE මාදිලි සඳහා ශ්‍රී ලංකාවේ පළමු සහ එකම හරිත සහතිකය ලද අපජල කළමනාකරණ නිෂ්පාදනය සදහා වන සම්මානය ද (Green Label-certified wastewater management product in Sri Lanka) එහි දී හිමි විය. එමගින් ශ්‍රී ලංකාවේ පළමු සහ එකම හරිත සහතිකය ලද අපජල කළමනාකරණ සමාගම බවට ධයිකි ඇක්සිස් සමාගම පත්විය. Johkasou පද්ධති යනු ස්වායු සහ නිර්වායු ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් ඒකාබද්ධ කරනු ලැබූ සංයුක්ත අපජල පිරිපහදු ඒකක වේ. ජපානයේ මධ්‍යගත (Centralize) පවිත්‍රකරණ පද්ධති නොමැති ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන මෙම ඒකකවල විශ්වසනීයත්වය, කාර්යක්ෂමතාව සහ ක්‍රියාකාරීත්වයේ පහසුව හුදෙක් අගය කරනු ලබයි.
ධයිකි ඇක්සිස් සමාගමේ ශ්‍රී ලාංකීය අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ප්‍රභාත් දහණායක සිය අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ” ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය මගින් ප්‍රධානය කරන ලද සම්මාන ත්‍රිත්වයක් ධයිකි ඇක්සිස් සමාගමට හිමි වීම පිළිබදව ශ්‍රී ලාංකිකයන් ලෙස අප ආඩම්බර වන්නෙමු. ජපන් තාක්‍ෂණයෙන් මුල් බැසගත් අති නවීන, පාරිසරික වශයෙන් වගකිවයුතු අපජල විසඳුම් ලබා දීමේ අපගේ මෙහෙවර විශිෂ්ට සේවය මෙමගින් තහවුරු කරයි. ධයිකි සමාගම ලංකාවේ කුඩා ප්‍රමාණයේ සිට දැවැන්ත අති සාර්ථක ව්‍යාපෘති 600කට වඩා අවසන් කරමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බොහෝ සමාගම් සමග එක්ව කටයුතු කරනු ලබයි. මෙම සම්මානයන් සදහා අප තෝරාපත් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයට අපගේ කෘතඥතාව ඵල කර සිටිනවා. ”
පූර්ණ ජපන් හිමිකාරීත්වය සහිත ධයිකි ඇක්සිස් එන්වයර්මන්ට්ස් සමූහයේ අනුබද්ධිත ආයතනයක් වන ධයිකි ඇක්සිස් ශ්‍රී ලංකා සමාගම, මෙරට තුළ කාර්යක්ෂම අපජල කළමනාකරණ පද්ධති ජාලයක් ගොඩ නැගීමට අති නවීන තාක්ෂණික දැනුම එක් කරමින් තිරසාර පරිසර හිතකාමී විසදුම් ගෙන ඒමට නිරන්තරයෙන් කැපවී කටයුතු කරයි.


