Curtin University Colombo 2025 උපාධි ප්‍රදානෝත්සවයේදී අධ්‍යයන විශිෂ්ටතා සහ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ආදි විද්‍යාර්ථින්ට ඇගයුම් සම්මාන රැසක්

Image 03 (LBN)

Curtin University Colombo විශ්වවිද්‍යාලයේ 2025 උපාධි ප්‍රදානෝත්සවය පසුගිය මාර්තු 08 දා Cinnamon Life පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි. උසස් සාමාර්ථ සහිතව ඉහළම අධ්‍යයන විශිෂ්ටතා ලබාගත් සිසුන්ට සහ කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කළ ආදි විද්‍යාර්ථින් සඳහා විශේෂ ඇගයුම් පිරිනැමීමක් ද මෙහිදී සිදු විය.

Curtin University Colombo සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා විසින් ආරම්භක දේශනය පවත්වමින් උත්සවය ආරම්භ කළ අතර, ඉන් අනතුරුව කර්ටින් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය හාර්ලීන් හේන් CNZM මහත්මිය විසින් නිල වශයෙන් පිළිගැනීමේ කථාව පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ගරු පෝල් ස්ටීවන්ස් මහතා විසින් ප්‍රධාන උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබීය.
 



 
Curtin විශ්වවිද්‍යාලයේ වැඩබලන කුලපති මහාචාර්ය ෂියාඕටියන් ෂැං මහතා අතින් උපාධිධාරීන්ට උපාධි පිරිනැමීම සිදු වූ අතර, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉංජිනේරු උපාධිය (ගෞරව) විශිෂ්ට ලෙස සම්පූර්ණ කළ, සුධීර අශේන් පෙරේරා සිසුන් නියෝජනය කරමින් අදහස් පළ කළේය.

විවිධ විෂය ධාරාවන් හරහා කැපී පෙනෙන අධ්‍යයන කාර්ය සාධනයක් පෙන්නුම් කළ උපාධිධාරීන් අටදෙනෙකු උදෙසා මෙහිදී විශිෂ්ටතා සම්මාන හිමි විය.

මොහොමඩ් සල්මාන් අහමඩ් ෆාවුස් – සිවිල් සහ ඉදිකිරීම් ඉංජිනේරු, සාද් රයන් මොහොමඩ් නසීර් – පරිගණක පද්ධති හා ජාලකරණය, සර්වේෂ්වරන් අබිනාෂ් – සයිබර් ආරක්ෂණය, හිරු මහානාම නානායක්කාර – මෙකට්‍රොනික් ඉංජිනේරු, නිපුණ ප්‍රභාත් සමීර ප්‍රනාන්දු වර්ණකුලසූරිය – තොරතුරු තාක්ෂණය, අනීෂ් දුඹුකොළ – මෘදුකාංග ඉංජිනේරු, ආබිත්  ලයීක් සිද්දික් ෂිරාජ් ෂරිෆ්ඩීන් – විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු, සහ සුධීර අශේන් පෙරේරා – යාන්ත්‍රික ඉංජිනේරු එම සිසුන් පිරිසයි.

2025 වසරේ උපාධිධාරීන් සැලකිය යුතු පිරිසක්, දක්ෂ වෘත්තිකයන්ගේ සැදුම්ලත් Curtin ගෝලීය ආදි විද්‍යාර්ථින්ගේ ජාලයට එක්වීම, Curtin University Colombo විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනය සහ පර්යේෂණ සඳහා ඇති කැපවීම පිළිබිඹු කරන්නක් විය.

උත්සවයේ කැපී පෙනෙන සිදුවීමක් වූයේ ආදි විද්‍යාර්ථි දායකත්වය අගයමින් Curtin Alumni Awards නමින් සුවිශේෂී ආදි විද්‍යාර්ථි සම්මාන ප්‍රදානයක් සිදු කිරීමයි. ආබිත් ලයීක් සිද්ධීක් ෂිරාජ් ෂරීෆ්ඩීන් සහ අබිෂේක් මහේන්ද්‍රන් යන දෙදෙනාටම ඔවුන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් ආදි විද්‍යාර්ථි සංගමයෙන් විශේෂ පිළිගැනීමක් මෙහිදී හිමි විය.

මීට අමතරව, වෘත්තීය ජයග්‍රහණ සහ සාමාජීය දායකත්වයන් සඳහා ද කීර්තිමත් ආදි විද්‍යාර්ථින් දෙදෙනෙකුට ගෞරව සම්මාන පිරිනමන ලදී.

SLIIT ආයතනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය සඳහා වසර 21ක දායකත්වය වෙනුවෙන් මහාචාර්ය දසුනි ප්‍රියන්වදා නාවින්න මහත්මියට වෘත්තීය විශිෂ්ටතා සම්මානය හිමි වූ අතර, ඇය ව්‍යාපෘති 90කට අධික සංඛ්‍යාවක් අධීක්ෂණය කර තිබූ අතර, අධ්‍යයන ලිපි 40කට අධික සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කොට තිබුණි. EY Australia හි අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරමින් ඩිජිටල් පරිණාමන ව්‍යාපෘති මෙහෙයවීම සහ තාක්ෂණයේ විවිධත්වය උදෙසා සිදු කළ දායකත්වය වෙනුවෙන්, රන්දිමා නිරෝෂිණි සිංහ රාළලාගේ මහත්මිය Leadership and Global Impact සම්මානයෙන් පිදුම් ලැබුවාය.

සමස්තයක් ලෙස 2025 උපාධි ප්‍රදානෝත්සවය, Curtin University Colombo විශ්වවිද්‍යාලයේ අධ්‍යයන විශිෂ්ටත්වය සඳහා ඇති කැපවීම මෙන්ම සංකීර්ණ ගෝලීය අභියෝගවලට මුහුණ දීමට සූදානම්, අනාගත දැක්මකින් යුතු නායකයින් හැඩගැස්වීම උදෙසා ඉටු කරන කාර්යභාරය මැනවින් ඉස්මතු කරන්නක් ද විය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව