Curtin Colombo සහ IESL ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරි ගමන්මඟ පිළිබඳ විද්වත් සාකච්ඡාවක් සංවිධාන කරයි

Panel Discussion (LBN)

Curtin Colombo, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) සමඟ එක්ව සංවිධාන කළ මණ්ඩල සාකච්ඡාවක් පසුගිය 2024 ජුලි 1දා කොළඹ විමලසුරේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබූ අතර ‘ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරිගමන් මඟ’ මෙම සාකච්ඡාවේ මාතෘකාව විය.

 



 

Curtin Colombo හි සහයෝගී අනුග්‍රාහකත්වය යටතේ පැවති මෙම වැඩසටහන මඟින් පොදු ගැටලු විසඳීමට ඔවුන් තුළ ඇති හැකියාව හා උනන්දුව මෙන්ම Curtin Colombo සතු ඉදිරිගාමී දැක්මත් මෙමඟින් පිලිබිඹු කෙරුණි. Curtin Colombo යනු මෙවැනි සාකච්ඡා සඳහා දැනුමේ කේන්ද්‍රස්ථානයක් බව ද මෙම වැඩසටහන තුළින් නිරූපණය විය. IESL සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, දේශීය ඉංජිනේරු සහ බලශක්ති අංශයන්ට ඔවුන්ගේ ඇති සමීප බව මෙන්ම, වෘත්තීය ආයතන සහ කර්මාන්ත සමඟ ඇති සබඳතාවන් තහවුරු කිරීමට ද මෙම සත්කාරකත්වය තුළින් අවස්ථාව උදා විය.

වැඩසටහන තුළදී ශ්‍රී ලංකාව ඉදිරියේදී මුහුණ දීමට නියමිත බලශක්ති අවශ්‍යතා පිළිබඳ සාකච්ඡාවට ගැනුණු අතර බලශක්ති පරිවර්තනයක් සඳහා යොදාගත හැකි විවිධාකාර ක්‍රමවේදයන් කිහිපයක් ද මෙහිදී යෝජනා විය. මූලික අදහස් දැක්වීමේ දී බලශක්ති සහ තාප ගති විද්‍යාවේ මූලධර්ම ඇසුරින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි බලශක්ති විකල්ප පිළිබඳ සවිස්තරාත්මක ගවේෂණයක් සඳහා අවස්ථාව සලසා දෙනු ලැබීය.

ශ්‍රී ලංකාව තුළ සූර්ය බලශක්තිය භාවිත කිරීම සඳහා ඇති අවස්ථාවන් සහ වත්මන් තත්ත්වය පිළිබඳවත්, එහි ඇති ප්‍රතිලාභ සහ අභියෝගයන් ද මෙහිදී අනාවරණය විය. සුළං බලශක්ති සඳහා සුදුසු ස්ථාන හඳුනා ගැනීම, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ඒවායේ වාසි මෙන්ම අභියෝග ද සාකච්ඡාවට ලක් කෙරුණි. මෙරට ජලවිදුලි ක්ෂේත්‍රයේ යටිතල ව්‍යුහය, අනාගත අවස්ථා මෙන්ම එහි ඇති පාරිසරික බලපෑම ද අවධානයට ගැනුණු අතර, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස ජීව වායු භාවිත කිරීම සහ එහි ඇති තිරසර බව පිළිබඳව ද සමාලෝචනයක් සිදු කෙරිණි.

මීට අමතරව, පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර සම්බන්ධයෙන් තවත් පැතිකඩ කිහිපයක් ද සාකච්ඡාවට බඳුන් වූ අතර බලශක්ති ගබඩා කිරීම, බෙදාහැරීම සහ ජාතික පද්ධතියට සම්බන්ධ කිරීම වැනි තාක්ෂණික කාරණාවන් ද ඉදිරිපත් විය. බලශක්තිය සඳහා තිරසර විසඳුම් අත්හදා බැලීම මෙන්ම ප්‍රජා මූලික බලශක්ති විසඳුම් පිළිබඳ ද විවිධ අදහස් ඉදිරිපත් කෙරුණු අතර මෙවැනි තිරසර බලශක්ති ව්‍යාපෘති ප්‍රජා මට්ටමින් දියත් කිරීම තුළින් තිරසර බලශක්ති අනාගතයකට දායක විය හැකි ආකාරය ද සාකච්ඡාවන් තුළ විමර්ශනයට ලක් විය.

තවද, නාගරික ප්‍රදේශවල සූර්ය පැනල ස්ථාපනය කිරීම මඟින් එම ප්‍රදේශවලට පුනර්ජනනීය බලශක්ති විසඳුම් ලබා දීම පිළිබඳ ප්‍රායෝගික උදාහරණ ඇසුරින් පෙන්වා දෙනු ලැබීය.

මෙම අවස්ථාවට Curtin University සහ අනෙකුත් ආයතනවල මහාචාර්යවරුන් ඇතුළු සම්භාවනීය මණ්ඩලයක් සහභාගී වූ අතර මෙම කථිකයන් විසින් Curtin Colombo සතු ගෝලීය සම්බන්ධතා සහ ඉදිරි දැක්ම අගය කරමින් අවධාරණය කරනු ලැබුවේ ජාත්‍යන්තර අධ්‍යාපන ලෝකය තුළ එහි ඇති වැදගත්කම ද පෙන්වා දෙමිනි.

 

පුනර්ජනනීය බලශක්ති ප්‍රභව, බලශක්ති ගබඩා කිරීම සහ ස්මාර්ට් බලශක්ති පද්ධති පිළිබඳ ප්‍රවීණයෙකු වන Curtin විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, සුමේධ රාජකරුණා සහ පරිගණක සැලසුම් සහ බලශක්තිය පිළිබඳ විශේෂඥවරයෙකු මෙන්ම Curtin විශ්වවිද්‍යාලයේ විද්‍යා හා ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිවරයා වන සම්බිත් දත්තා යන මහත්වරුන් සාකච්ඡාවේදී අදහස් දක්වනු ලැබීය.

මීට අමතරව Curtin විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය විෂ්ණු පාරීක්, බලශක්ති පදනම්, තාප ගති විද්‍යාව සහ ද්‍රව ප්‍රවාහය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ඕස්ට්‍රේලියානු ඉංජිනේරු පීඨාධිපතිවරුන්, මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අසංක රොද්‍රිගෝ යන මහත්වරුන් ද විශ්ලේෂණාත්මක අදහස් රැසක් ඉදිරිපත් කරනු ලැබීය.

පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ ඒකාබද්ධ කිරීම පිළිබඳ විශේෂඥයෙකු වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනක ඒකනායක, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) අධ්‍යයන උපකුලපති මහාචාර්ය රාහුල අත්තලගේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එමෙරිටස් යන විද්වතුන් බලශක්ති ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශේෂඥ අදහස් ඉදිරිපත් කරනු ලැබීය.

වැඩසටහන සඳහා සහභාගී වූවන් අතර ප්‍රතිපත්ති සම්පාදකයින්, කර්මාන්ත වෘත්තිකයන්, විද්වතුන් සහ මේ පිළිබඳ උනන්දුවක් ඇති පුරවැසියන් ද සිටීම විශේෂත්වයක් විය. මෙවැනි වැදගත් සාකච්ඡා සඳහා ‍‍පහසුකම් සපයන්නෙකු ලෙස Curtin Colombo සිය භූමිකාව මැනවින් පෙන්නුම් කළ අතර, ශ්‍රී ලංකාවට ගැළපෙන තිරසර බලශක්ති අනාගතයක් කරා පියනඟන්නට අවශ්‍ය දැනුම, අවබෝධය සහ තොරතුරු ලබා දෙන ආකර්ෂණීය වේදිකාවක් නිර්මාණය කරන්නට ද මෙම සාකච්ඡාව හේතු විය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව