CPM විසින් සියැට් කැලණි සමාගම ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණ ක්‍රියාවලියක් සහිත සමාගම් අතරින් එකක් ලෙස යළිත් තහවුරු කරයි

CPM Top 20 award 2025 (LBN)

ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM) විසින් හොඳම කළමනාකරණ පරිචයන් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 20 අතරට ශ්‍රී ලංකාවේ සාර්ථකම ටයර් නිෂ්පාදන සමාගම වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් නැවතත් නම් කර ඇත.

CPM හි 2025 සම්මාන උළෙලේදී පිරිනැමූ Top 20 සම්මානයට අමතරව ‘ටයර්, රබර්, ලෝහ සහ දැව ගෘහ භාණ්ඩ’ අංශයේ ඉහළම සම්මානය ද සියැට් කැලණි සමාගමට හිමි විය. සියැට් කැලණි ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණය කරන ලද සමාගම් අතරින් එකක් ලෙස අඛණ්ඩව ඇගයීමට ලක් වූ දෙවන වසර මෙය වෙයි.

 



 

CPM සම්මාන සඳහා තෝරා ගැනීමේදී නායකත්වය, ප්‍රතිපත්ති සහ උපාය මාර්ග, පුද්ගල කළමනාකරණය, හවුල්කාරිත්වයන් සහ සම්පත්, ක්‍රියාවලී සහ කාර්ය සාධනය යන කළමනාකරණ අංශවල හොඳම පිළිවෙත් සලකිල්ලට ගෙන තිබේ.

“මෙවැනි ආකාරයේ සම්මාන මගින් පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයක් ඇතිව උපායමාර්ගික දිශාවන් පෙළගැස්වීමට ලෝකයේ හොඳම භාවිතයන් අනුගමනය කරමින් අපගේ කළමනාකරණ පිළිවෙත් තව දුරටත් ඉහළ නැංවීමට දිරිමත් කරනවා,” යනුවෙන් සියැට් කැලණි කළමනාකාර අධ්‍යක්ෂ රවී ඩඩ්ලානි මහතා පැවසීය. “අප මේ වන විටත් මහා පරිමාණ නිෂ්පාදන මෙහෙයුම් සඳහා ඇති ඒකාකෘතික නිදසුන බිඳ දමා ඇති අතර, ඵලදායිතාව, නිෂ්පාදන සංවර්ධනය, නව තාක්ෂණය යෙදවීම, පර්යේෂණ සහ සංවර්ධනය, වෙළඳපොළ නායකත්වය, තිරසාරභාවය සහ යහපත් ආයතනික පුරවැසිභාවය යන කරුණු මත රාජ්‍ය ව්‍යාපාරයක සාර්ථක පුද්ගලීකරණය කිරීම සඳහා නිදසුනක් ලෙස සැළකෙනවා,”‍ යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

CPM සම්මානයන්ට තක්සේරු කරන ලද වසරේ සියැට් කැලණි සමාගම පුළුල් උපායමාර්ගික අලෙවිකරණ ව්‍යාපාරයක් දියත් කළේය. එහි අරමුණ වූයේ සන්නාමය අග්‍රගන්‍යකරණය, සන්නාමයට ඇති පිළිගැනීම සහ විකුණුම් වර්ධනය කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ මාර්ගවල වඩාත් උචිත සහ සුවපහසු රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙන ජර්මානු තාක්ෂණයෙන් නිපැයූ ටයර් ලෙස සියැට් රේඩියල් ටයර් ස්ථානගත කිරීමයි.

මෝටර් රථ, SUV රථ, යතුරුපැදි, ස්කූටර් සහ වාණිජ වාහන ඇතුළු දේශීයව එකලස් කරන පුළුල් පරාසයක වාහන සඳහා ඉහළ කාර්යසාධනයක් සහිත නිෂ්පාදකයා විසින් නිර්දේශ කරන (OEM) ටයර් නිපදවීමෙන් සියැට් කැලණි සමාගම ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන වාහන එකලස් කිරීමේ කර්මාන්තයට විශාල සහයෝගයක් ලබා දී ඇත.

සියැට් සන්නාමය ඉතාලියේ ආරම්භ වූවක් වන අතර ජර්මානු ඉංඡනේරු තාක්ෂණයෙන් සහ ඉන්දියාවේ හා යුරෝපයේ පිහිටි පුළුල් පර්යේෂණ හා පරීක්ෂණ පහසුකම් වල පිටුබලය ලබයි. ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කිරීමට අමතරව, සියැට් කැලණි හෝල්ඩිංග්ස් සිය නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. ආනයනික ටයර් මත යැපීම අඩු කිරීමෙන් විදේශ විනිමය සංරක්ෂණය කිරීමේ ජාතික ආර්ථික ප්‍රයත්නයට සැලකිය යුතු කාර්යභාරයක් ද සියැට් කැලණි සමාගම ඉටු කරනු ලබයි. සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව