COVID-19 සහ එහි බලපෑම් විසඳීම සඳහා තාක්‍ෂණික විසඳුම් ඉල්ලා එක්සත් ජාතීන්ගෙන් ඉල්ලීමක්

UNCOVID19

මූලික වශයෙන් අවදානම් සහිත පුද්ගලයින් සඳහා මූලික සෞඛ්‍ය කාර්යයන් සැපයීම සඳහා ප්‍රගතිය වේගවත් කළ හැකි ඔප්පු කළ හැකි, දැරිය හැකි සහ පරිමාණය කළ හැකි විසඳුම් ඉදිරිපත් කරන්න

තිරසාර සංවර්ධන අරමුණු (SDGs)සඳහා වන විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් නියෝජිත කාර්ය කණ්ඩායම , එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ මුලපිරීමට සහය දක්වමින් COVID-19 වසංගතය සහ එහි ක්ෂණික බලපෑම් ආමන්ත්‍රණය කිරීම සඳහා තාක්‍ෂණික විසඳුම් සඳහා යෝජනා ඉල්ලා සිටී.
COVID19 සමඟ සටන් කිරීම සඳහා සාමාජික රටවලට සහාය වීම මෙහි මූලික අරමුණයි.

මෙම උත්සාහය එක්සත් ජාතීන්ගේ තාක්‍ෂණික පහසුකම් සැපයීමේ යාන්ත්‍රණයේ (TFM) සන්දර්භය තුළ සිදු කෙරේ. විශේෂයෙන්, තිරසාර සංවර්ධන අරමුණු (SDGs)සඳහා විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනයන් පිළිබඳ (UN inter-agency task team) IATTහි ක්‍රියාකාරී විශේෂඥයින් යින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මෙයට මුලපුරා ඇත. මූලික සෞඛ්‍ය කාර්යයන් සැපයීම සඳහා ප්‍රගතිය
එක්සත් ජාතීන් අපේක්ෂා කරන්නේ, විශේෂයෙන් අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා මූලික සෞඛ්‍ය කාර්යයන් සැපයීම සඳහා ප්‍රගතිය වේගවත් කළ හැකි පිලිගත්, ලාභදායී සහ පරිමාණය කළ හැකි තාක්‍ෂණික විසඳුම් ය. එක්සත් ජාතීන් ලෝකයේ විවිධ ප්‍රදේශවලින් විවිධ ප්‍රභවයන්ගෙන් සහ ප්‍රජාවන්ගෙන් විසඳුම් මේ සදහා අපේක්ෂා කරයි.

පහත දක්වා ඇති මූලික ආකෘතිය භාවිතා කරමින් අදාළ සියළු ඉදිරිපත් කිරීම් සිදුකල යුතු අතර, ඒවා විශ්ලේෂණය කර ප්‍රවේශමෙන් සමාලෝචනය කරනු ලැබේ. හැකි සෑම විටම ඔබගේ ඉදිරිපත් කිරීම්, සත්‍යාපන, සහතික හෝ වලංගු තොරතුරු සමග විසදුම් ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වේ.

විශ්ලේෂණ සමාලෝචනය සහ පිළිගැනීම මත, තෝරාගත් විසඳුම් එක්සත් ජාතීන්ගේ වෙබ් අඩවියේ පළ කෙරෙන අතර ප්‍රතිපත්ති සම්පාදකයින්, පෞද්ගලික අංශයේ ඉහළ ප්‍රධානීන්, සිවිල් සමාජය සහ ගෝලීය විද්‍යාත්මක හා තාක්‍ෂණික ප්‍රජාවන්ගේ ප්‍රධාන නියෝජිතයින්ට සහාය දැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම තොරතුරු භාවිතා කරනු ඇත.COVID-19 සඳහා තාක්‍ෂණික විසඳුම් කෙරෙහි අවධානය යොමු කරමින් ලොව පුරා සිටින සමාන අදහස් ඇති නවෝත්පාදකයින්ගේ ප්‍රජාවක් ගොඩනැගීමට මෙම වැඩපිළිවෙල සහ මුලපිරීම සහාය වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලාපොරොත්තුවයි.

UNCSTD Call for Contributions

බාගත කරගන්න (DOWNLOAD): ඉදිරිපත් කිරීම සඳහා ආකෘතිය [MS Word] [Template]

කරුණාකර මෙම ආකෘතිය භාවිතා කරමින් හැකි ඉක්මනින් stdev@unctad.org වෙත ඔබේ යෙදවුම් ලබා දෙන්න.  SDGs සඳහා විද්‍යාව, තාක්‍ෂණය සහ නව්‍යකරණයන් පිළිබඳ යෙදවුම් එක්සත් ජාතීන්ගේ අන්තර් නියෝජිත කාර්ය කණ්ඩායමේ සම්බන්ධීකාරක වෙත ඉදිරිපත් කරනු ලැබේ.

සටහන : අංජන ගුණතිලක – වෙළඳ හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව ඇසුරෙන් (https://unctad.org/)

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව