CA ශ්‍රී ලංකා 2025 TAGS සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුවට රන් සම්මාන ද්විත්වයක් සමඟින් සම්මාන පහක්

TAGS Awards 2025 (LBN)

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (CA ශ්‍රී ලංකා) 2025 TAGS සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව රන් සම්මාන දෙකක් සමඟින් ප්‍රධාන සම්මාන පහක් දිනා ගන්නා ලදී. විනිවිදභාවය, වගවීම, යහපාලනය සහ තිරසරභාවය කෙරෙහි වූ තම දැඩි අවධානය මනාව පෙන්නුම් කරමින් ආයතනික වාර්තාකරණය තුළ මෙන් ම යහපාලන පිළිවෙත් පවත්වා ගැනීමේ දී ද ඉහළම ප්‍රමිතීන් වලට අනූකූලත්වය වෙනුවෙන් බැංකුව දක්වන ශක්තිමත් කැපවීම එමගින් මනාව පෙන්වා දී ඇත.

කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ පැවති උත්සවයකදී ප්‍රදානය කරන ලද මෙම සම්මාන, විනිවිදභාවය සහ යහපාලනය පිළිබඳ විවිධ වූ මානයන් තුළින් සිදුකළ විශිෂ්ට වූ අනාවරණය කිරීම් වෙනුවෙන් බැංකුවේ 2024 වසර සඳහා එළිදැක්වූ වාර්ෂික වාර්තාව මෙසේ ඇගයීමට ලක් විය.




එහි මූල්‍ය වාර්තාකරණයේ ශක්තිය සහ පුළුල් බව අවධාරණය කරමින් ආයතනික වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වය සඳහා කොමර්ෂල් බැංකුව රිදී සම්මානය දිනා ගත් අතර, විශේෂ සම්මාන කාණ්ඩය යටතේ ද බැංකු අංශයේ ජයග්‍රාහකයා බවට පත්වෙමින් රන් සම්මානය ද, මූල්‍ය සේවා අංශයේ ආයතනික යහපාලනය සඳහා රන් සම්මානයක් ද දිනා ගත්තේ ය.

එහි ඒකාබද්ධ හෙළිදරව් කිරීම්වල ශක්තිමත්භාවය සහ පැහැදිලිභාවය තවදුරටත් තහවුරු කරමින්, බැංකුව විශේෂ සම්මාන කාණ්ඩයේ ඒකාබද්ධ වාර්තාකරණය සඳහා වන රිදී සම්මානය සමඟින් ඩිජිටල් ලෙස පරිවර්තනය වන වාර්තාකරණය සඳහා වන ලෝකඩ සම්මානය දිනා ගත්තේ ය.

“මෙම සම්මාන මගින් තහවුරු වන්නේ විනිවිදභාවය සහ යහපාලනය වෙනුවෙන් අප  දක්වන කැපවීම හුදෙක් අවස්ථානුකූලව සිදුකරන දෙයක් නොව, එය අපගේ ව්‍යාපාරික කටයුතු  කරගෙන යන සමස්ත ක්‍රියාවලිය තුළට මුල්බැසගත් ගුණාංගයක් බවයි,” යැයි කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසීය. “අපගේ 2024 වාර්ෂික වාර්ථාව සම්පාදනය කරනු ලැබුයේ ශ්‍රී ලංකාව ආර්ථිකව ව්‍යාකූල වූ තත්වයක සිට යම් ස්ථාවර තත්ත්වයකට සංක්‍රමණය වෙමින් සිටි අවස්ථාවකදී ය. එවන් වටපිටාවකදී පැහැදිලි, අවංක සහ පුළුල් වූ වාර්තාකරණයක් එළිදැක්වීම අත්‍යවශ්‍ය කාර්යයකි. මෙහිදී අපගේ අරමුණ වූයේ අපගේ මූල්‍ය කාර්යසාධනය පමණක් නොව, තිරසාර වටිනාකම් නිර්මාණයට පාදක වන විනය, ඔරොත්තු දීමේ හැකියාව සහ උපායමාර්ගික පැහැදිලිබව ඉදිරිපත් කිරීමයි. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සිදුකළ මෙම ඇගයීම අපගේ කණ්ඩායමේ වෘත්තීයභාවයට මෙන් ම බැංකුවේ වාර්තාකරණ රාමුවේ ශක්තිමත්භාවයට ද ලැබුණු අගනා උපහාරයකි.”

ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 12 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව