Colonial Engineering සමාගමට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ව්‍යාපාර නාමාවලියේ 2024/25 සංස්කරණයේ ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ

Group photo - Colonial and Digital Services of SLT-SERVICES (LBN)

ශ්‍රී ලංකාවේ වානේ සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්වන Colonial Engineering (පුද්.) සමාගම, ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත 2024/25 ‘Rainbow Pages’ ජාතික ව්‍යාපාර නාමාවලියේ ප්‍රධානතම දැන්වීම්කරුවෙකු බවට පත් වී සිටී. මෙම ව්‍යාපාර නාමාවලිය ප්‍රකාශයට පත්කරනු ලබන්නේ SLT-MOBITEL සමූහය විසින් වන අතර, Colonial Engineering සමාගම එහි නවතම සංස්කරණයේ දැන්වීම් පළකළ ප්‍රධානතම දැන්වීම්කරුවන් 20 දෙනා අතරට පසුගියදා එක් විය.

 



 

2024/25 ‘Rainbow Pages’ ජාතික ව්‍යාපාර නාමාවලිය මෙම වසරේ අග භාගයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත ය. මෙය ශ්‍රී ලංකාවේ වඩාත්ම සවිස්තර සහ නිවැරදිව යාවත්කාලීන වූ ව්‍යාපාර නාමාවලිය ලෙස සැලකේ.

2005 වසරේදී ආරම්භ වූ Colonial Engineering සමාගම, පයිප්ප, වානේ සහ ගොඩනැගිලි ද්‍රව්‍ය (ඉංජිනේරු, ඉදිකිරීම් සහ ජලනල උපාංග) ආදිය ආනයනය, සැපයීම සහ තොග සහ සිල්ලර අලෙවිය සිදුකරන සමාගමකි. එම සමාගම සාම්ප්‍රදායික ජනමාධ්‍ය සහ අන්තර්ජාලය ඇතුළුව විවිධ මාධ්‍ය ඔස්සේ තම ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතු සිදුකරන අතර, ජාතික ව්‍යාපාර නාමාවලිය සමග ඇතිකරගත් ගිවිසුම යටතේ එම සමාගමට තම අවශ්‍යතා අනුව ඩිජිටල් අලෙවිකරණ ක්‍රමෝපාය, වෙබ් විසඳුම්, විද්‍යුත් වාණිජ විසඳුම්, Shopping Cart සහ අන්තර්ගත නිර්මාණය කිරීමේ සේවා වැනි සේවා රාශියක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ටෙලිකොම් සමූහයට අනුබද්ධ Sri Lanka Telecom (Services) Limited (SLT-SERVICES) මගින් කළමනාකරණය කරනු ලබන Rainbow Pages ජාතික ව්‍යාපාර නාමාවලිය, විශේෂයෙන්ම මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට බෙහෙවින් වැදගත්වන සේවා රාශියක් ලබාදෙයි. එම ව්‍යාපාර නාමාවලිය අන්තර්ජාලය ඔස්සේ, විද්‍යුත් ග්‍රන්ථයක් ලෙස, ඇමතුම් මධ්‍යස්ථානයක් හරහා සහ මුද්‍රිත ග්‍රන්ථයක් ලෙස පරිශීලනය කළ හැක. රජයේ ආයතන සහ ආගමික ස්ථාන ඇතුළුව විවිධ ව්‍යාපාරික හා ව්‍යාපාරික නොවන ස්ථාන 6,000 කට අධික සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු මීට ඇතුළත් වී ඇති අතර, දිනකට එය මාර්ගගත සෙවුම් 10,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා කරයි.

Rainbow Pages නාමාවලියේ තවත් එක් විශේෂත්වයක් වන්නේ තහවුරුකරන ලද සම්බන්ධතා තොරතුරු සඳහන් වීම ය. මෙමගින් පරිශීලකයන්ට තමන්ට අවශ්‍ය තොරතුරු වඩාත් විශ්වාසනීය ලෙස සොයාගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම Search Engine Optimization (SEO) ක්‍රමවේදය හේතුවෙන් අන්තර්ජාලය තුළ වඩාත් හොඳින් තොරතුරු දෘශ්‍යමාන වන නිසා එය දැන්වීම්කරුවන්ට බෙහෙවින් වාසිදායක ය. තවද මෙම නාමාවලියේ ලැයිස්තුගත වීම රජයේ ටෙන්ඩර් සඳහා ඉදිරිපත් වීමට සුදුසුකමක් වන නිසා, එය අදාළ ව්‍යාපාරවල වර්ධනයට සුවිශේෂී අවස්ථා උදාකර දෙන සාධකයක්ද වේ.

SLT-SERVICES හි ප්‍රධාන අරමුණ වන්නේ, ඩිජිටල් අලෙවිකරණ සහ වෙබ් සංවර්ධන විසඳුම් තුළින් සිය සේවාදායකයන්ට විශිෂ්ටතම ප්‍රතිලාභ අත්කර දීම ය. Rainbow Pages ජාතික ව්‍යාපාර නාමාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු www.rainbowpages.lk වෙබ් අඩවියෙන් හෝ 0112399399 දුරකථන අංකයෙන් ලබාගත හැකි වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four + seven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව