CNCI සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් පිරිනමනු ලබන CNCI Achiever Awards 2025 හිදී හලාල් කවුන්සිලය රන් සම්මාන ද්විත්වයක් දිනා ගනී

Image (LBN)

හලාල් කවුන්සිලය (HAC), ලංකා ජාතික කර්මාන්ත මණ්ඩ­ලය (CNCI) සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද CNCI Achiever Awards 2025 කාර්මික විශිෂ්ටතා සම්මාන උළෙලේ දී රන් සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය.

ශ්‍රී ලංකාවේ වර්ධනය වන කාර්මික සහ සේවා අංශයන්ට HAC විසින් ලබා දුන් කැපී පෙනෙන කාර්ය සාධනය, නවෝත්පාදනය සහ දායකත්වය අගය කරමින් සේවා අංශයේ, කුඩා කාණ්ඩය යටතේ ජාතික මට්ටමේ රන් සම්මානය සහ කුඩා සහ ක්ෂුද්‍ර කාණ්ඩයේ, විශිෂ්ටතමයාට හිමි සම්මානය (Top Achievers Award) පිරිනැමිණි.

 



 
වසර 24ක් පුරා අඛණ්ඩව පැවැත්වෙන CNCI Achiever Awards සම්මාන උළෙල, නිෂ්පාදන සහ සේවා යන අංශයන්හි ඵලදායිතාව, ගුණාත්මකභාවය සහ තිරසාර වර්ධනය තුළින් විශිෂ්ටත්වය පෙන්නුම් කරන ශ්‍රී ලාංකේය ව්‍යාපාර ඇගයීමට ලක් කරයි.

HAC හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී වන ආකිෆ් ඒ. වහාබ් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින්, “මෙම සම්මානය, සෑම ක්‍රියාවලියකදීම ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය තහවුරු කිරීමට අපගේ කණ්ඩායමේ ඇති කැපවීම පිළිබිඹු කරනවා. විශ්වාසනීය හලාල් සහතිකකරණය තුළින්, ශ්‍රී ලාංකික නිෂ්පාදකයින්ට දේශීයව සහ ගෝලීයව පුළුල් වෙළෙඳපොළට ප්‍රවේශ වීමට මෙන්ම පාරිභෝගික විශ්වාසය ගොඩනගා ගැනීමට ද අපි සහාය වෙනවා.” යනුවෙන් පැවසීය.

මෙම අවස්ථාවට ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු චතුරංග අබේසිංහ සහ CNCI හි සභාපති ප්‍රදීප් කහවලගේ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූ අතර ඔවුන් ජාතික කාර්මික ප්‍රගතිය උදෙසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සිදු කරන ධනාත්මක දායකත්වය අගය කළහ.

HAC ලද මෙම ඇගයීම තුළින්, ශ්‍රී ලංකාව තුළ විශ්වාසනීය හලාල් සහතිකකරණය ප්‍රවර්ධනය කිරීමේ දී, දේශීය ව්‍යාපාර සඳහා සහාය දැක්වීමේ දී සහ ආහාර පාන කර්මාන්තය අපනයන වෙළඳපොළ වෙත සූදානම් කිරීමේ දී එය සිදුකරන අඛණ්ඩ කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කරයි.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව