Clogard Chooty: දන්ත වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලත් ළමුන් වෙනුවෙන්ම නිර්මාණය කළ මුඛ සෞඛ්‍යය රැකවරණය

Clogard

Hemas Consumer Brands හි මුඛ සත්කාරක අංශයේ විශ්වාසනීය සන්නාමය වන Clogard හි, Clogard Chooty සන්නාමය නව මුහුණුවරකින් නැවත වෙළඳපොළට දියත් කරයි. කුඩා දරුවන්ගේ කිරි දත්වල සියුම් ස්වභාවයත්, ඔවුන් අතර බහුලව දක්නට ලැබෙන ප්‍රධාන දන්ත ගැටලුවත් හඳුනා ගනිමින් Clogard වෙතිත් ඒ සඳහා විසඳුමක් ලෙස Clogard Chooty ගෙන එයි.
 



 

අධික ලෙස සීනි සහිත ආහාර පාරිභෝජනය නිසා දරුවන් දත් කුහ‍රවලින් පීඩා විදියි. කුඩා දරුවන්ගේ කිරි දත්වල සියුම් ස්වභාවය මැනවින් අවබෝධ කර ගනිමින් ඊට ගැළපෙන මෘදු හා ආරක්ෂිත සංයෝගයකින් Clogard Chooty නිර්මාණය කර ඇත. එසේම Clogard Chooty  හි අඩංගු ෆ්ලෝරයිඩ් ඔස්සේ සීනි මඟින් නිපදවන අම්ල හේතුවෙන් ඇති වන දත් කුහරවලට එරෙහිව ආරක්ෂාව සපයන අතර දත් ශක්තිමත් කරයි.

Clogard Chooty දන්තාලේපය, ශ්‍රී ලංකාවේ මුඛ සෞඛ්‍යය සඳහා පුරෝගාමී වෘත්තීය ආයතනය වන ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) විසින් නිර්දේශය ලබා ඇත. මෙම සහතික කිරීම මගින් කුඩා දරුවන් සඳහා මුඛ සත්කාරයේ ඉහළම ආරක්ෂාව සහ ඵලදායීතාවය සන්නාමය විසින් සපුරාලන බව දෙමව්පියන් හට සාක්ෂාත් කරවයි. ලොව පුරා දන්ත වෛද්‍යවරුන් මිලියනයකට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන FDI ලෝක දන්ත සම්මේලනය විසින් ද Clogard Chooty සන්නාමය පිළිගනු ලැබේ.

වයස අවුරුදු 2 – 5ත් අතර දරුවන්ගෙන් 65%කට වඩා දත් දිරා යාමෙන් පීඩා විදින බවට ජාතික මුඛ සෞඛ්‍යය සමීක්ෂණ වාර්තා සහ පර්යේෂණවලට අනුව සොයා ගෙන ඇත. දරුවන්ට වයස අවුරුදු හයේ දී කිරි දත් වැටීම ආරම්භ වූවද, එය ශක්තිමත් ස්ථිර දත් බවට පරිවර්තනය වන බැවින් දරුවන්ගේ සමස්ත මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කිරි දත් වැදගත්  කාර්යභාරයක් ඉටු කරයි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව