
සුවහසක් තරුණ තරුණියන්ට ආකර්ෂණීය මංගල උත්සවයක සිහිනය සැබෑ කර දීම වෙනුවෙන් එළැඹෙන මාර්තු 29, 30 යන දෙදින තුළ ‘Weddings in the Sky’ නමින් සුවිශේෂී මංගල ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමට Cinnamon Life කටයුතු කර ඇත. දකුණු ආසියාවේ විශාලතම Entertainment hub මෙන්ම කොළඹ නගරයේ ආකර්ෂණීය නවාතැනක් ලෙස ප්‍රකට Cinnamon Life මෙම සුවිශේෂී මංගල උත්සව ප්‍රදර්ශනය තුළින් මංගල උත්සව සංවිධානය සඳහා තමන් සතු හැකියාවන් හා විශිෂ්ටත්වය නැවතත් තහවුරු කරනු ඇත.
විශේෂයෙන් නුදුරේදීම විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින යුවල හා විවාහ සැලසුම්කරුවන් වෙනුවෙන් පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනයට සහභාගී වන සියලු දෙනා හට ජාත්‍යන්තර තත්වයේ විවාහ මංගලෝත්සවයක් වෙනුවෙන් සුසැදි Cinnamon Life හි ආකර්ෂණීය ස්ථාන දැකබලා ගනිමින් තමන්ගේ මංගල උත්සවය සංවිධානය කරන ආකාරය සැලසුම් කර ගැනීමේ අවස්ථාව උදා වේ. මංගල පෝරුවේ සිට ඔබේ මංගලෝත්සවය සඳහා අවැසි සියලු පහසුකම් තමන්ට ගැලපෙන අයුරින් සකස් කර ගැනීමේ හැකියාවද Cinnamon Life මෙහිදී උදාකර දී ඇත.
තවද මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී වන සියලු දෙනාට Cinnamon Life හි Lumina Ballroom, Forum, Studio සහ The Cantilevers ඇතුලු මංගල උත්සව සඳහාම වෙන් කර ඇති ජාත්‍යන්තර තත්වයේ ස්ථාන දැකබලා ගැනීමේ අවස්ථාවද උදා කර දී ඇත. ආකර්ෂණීය මංගල උත්සවයක් සංවිධානය කරගැනීම සඳහා Cinnamon Life හි මංගල විශේෂඥයින්ගේ උපදෙස් ලබා ගැනීමටද මෙහිදී ඔවුන්ට හැකියාව උදා වේ.
කොළඹ නගරය තුළ අලංකාරවත්ව වැජඹෙමින් අද වන විට සුවිශේෂී උත්සව රැසක් සාර්ථකව පවත්වා ඇති Cinnamon Life නිරන්තරයෙන් නව්‍ය, වඩාත් ගැලපෙන හා නිවැරදි සේවාවක් තම පාරිභෝගිකයින් වෙත ලබා දීමට කැපවී සිටියි. මල් සැරසිලිවල සිට ප්‍රණීත භෝජන සංග්‍රහයන් දක්වා සියලු සේවාවන් නියම ආකාරයෙන් ලබා දීමට කැප වන ප්‍රවීන මංගල සැලසුම්කරුවන්ගෙන් සැදුම්ලත් Cinnamon Life උත්කර්ෂවත් මංගල උත්සව හා රැස්වීම් සඳහා වඩාත් ගැලපෙන ස්ථානයක් තම පාරිභෝගිකයින් වෙත උරුම කර දෙනු ලබයි.
මංගල යුවල සඳහා සුවිශේෂී දීමනා
ප්‍රදර්ශනය පවත්වනු ලබන මාර්තු 29 සහ 30 යන දිනයන්හිදී තම විවාහ මංගල උත්සවය තහවුරු කරන යුවල හට මංගල පැකේජ සඳහා විශේෂ මිල ගණන් මෙන්ම විවාහ දිනය වෙනුවෙන් සුවපහසු රාත්‍රී කාමර හා හෝටල් පරිශ්‍රය තුල නොමිලේ මංගල රූගත කිරීම් ඇතුලු ප්‍රතිලාභ රැසක් ලබා දීමට Cinnamon Life සූදානමින් සිටියි. ඊට අමතරව ජාත්‍යන්තර මට්ටමේ සූපවේදීන්ගේ සුරතින් සැකසෙන ප්‍රනීත ආහාර පාන තමන්ට ගැලපෙන ආකාරයෙන් සපයා ගැනීමේ හැකියාවද මේ සමඟ ඔවුන්ට උදා වේ. එසේම Cinnamon Life හි ඇති සුවිශේෂී ඡායාරූප ස්ථාන වෙත පිවිසීමේ දුර්ලභ අවස්ථාවද ඔවුන්ට හිමි වේ. සෑම මංගල යුවලකගේම මංගල සිහිනය සැබෑ කර ගනිමින් එම සුවිශේෂී දිනයේදී බාධාවකින් තොරව සුඛෝපභෝගී සුවපහසු සේවාවක් අත් විඳීමට මේ තුලින් හැකියාව උදා වනු නිසැකය.
Cinnamon Life හි වෙළෙඳ අංශයේ අධ්‍යක්ෂ Declan Hurley මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “කොළඹ නගරය තුළ ඇති අලංකාරත්වය හා සුවිශේෂී සංස්කෘතික උරුමයන් සමඟ ලොව පුරා යුවල වෙත ආකර්ෂණීය මංගල උත්සවයක් වෙනුවෙන් සියලු පහසුකම් සැලසීමට අපි බලාපෙරොත්තු වනවා. කොළඹ නගරය තුළ සෑම විවාහ උත්සවයක්ම සාර්ථක කර ගැනීම සඳහා වන සියලු පහසුකම් අප සතුයි. අලංකාර නාගරික දර්ශනයන් සමඟින් අද්විතීය හා අසමසම විවාහ උත්සවයක අත්දැකීම ඔබට Cinnamon Life වෙතින් සලසා ගත හැකියි” යනුවෙනි.
Cinnamon Life හි මෙම සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට Cinnamon Life වෙබ් අඩවියට පිවිසෙන්න. නැතිනම් Cinnamonlife.events@cinnamonhotels.com වෙතින් එහි මංගල සහායක කණ්ඩායම සමඟ සම්බන්ධ වන්න.
දකුණු ආසියාවේ විශාලතම Entertainment hub වන Cinnamon Life පාරිභෝගික පහසුව වෙනුවෙන් උසස් තත්වයේ කාර්ය අවකාශයන් මෙන්ම ඉහළ මට්ටමේ පාරිභෝගික වෙළෙඳසැල් හා අති නවීන උත්සව ස්ථාන ලබා දීමට කටයුතු කර ඇත. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් විසින් මෙරට ඉතිහාසයේ විශාලතම පුද්ගලික ආයෝජනය ලෙස දැයට දායාද කළ Cinnamon Life ආගන්තුක සත්කාරයේ නවමු පියවරක් තබමින් ලොව පුරා විසිරී සිටින සංචාරකයින් හා අමුත්තන් වෙනුවෙන් සුවිශේෂී අත්දැකීමක් ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරයි.