Cinnamon Hotels & Resorts, ශ්‍රී ලංකාව සිනමාවේ තෝතැන්නක් බවට පත් කිරීම වෙනුවෙන් SLTPB සහ ජාතික චිත්‍රපට සංස්ථාව සමඟින් එක් වෙයි

Funny Boy (LBN)

ආකර්ෂණීය බව හා විවිධත්වය තුළින් නව මංපෙත් සොයා යන ගෝලීය චිත්‍රපට කර්මාන්තයේ තෝතැනනක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ ප්‍රයත්නය තව දුරටත් ඉදිරියට ගෙන යාමට Cinnamon Hotels & Resorts කැපවී කටයුතු කරයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය (SLTPB) සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයක් ඇති කර ගැනීමට Cinnamon Hotels & Resorts පසුගියදා කටයුතු කරනු ලැබීය.
 



 
ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය, පාරිසරික විවිධත්වය ඇතුලු බොහෝ සාදක එය සිනමාකරණයේ සුවිශේෂී ස්ථානයක් බවට පත් කිරීමට සුවිසල් අවස්ථාවක් නිර්මාණය කර දී ඇති අතර මෙම හවුල්කාරීත්වය තුළින් ජාත්‍යන්තර චිත්‍රපට නිෂ්පාදකයින් වෙත එම අවස්ථාව විවර කිරීමට කටයුතු කරනු ලබයි. Cinnamon Hotels & Resorts හි මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් සිනමාව සම්බන්ධයෙන් වගකියන මෙරට ජාතික ආයතනය වන ජාතික චිත්‍රපට සංස්ථාව චිත්‍රපට යටිතල පහසුකම් හා ප්‍රතිපත්ති නිර්මාණය වෙනුවෙන් සිය විශ්වසනීය දායකත්වය ලබා දෙයි.

එමෙන්ම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය Cinnamon Hotels & Resorts හි අරමුණට ශක්තියක් වෙමින් මෙරට සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා සිනමාව සතු හැකියාව පිළිබඳව අවධානය යොමු කරමින් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලාංකේය සංස්කෘතික පොහොසත් බව, ස්වභාව සෞන්දර්යය හා අලංකාරත්වය පිළිබඳව බොහෝ දේ බෙදාහදා ගැනීමට කටයුතු කරනු ලබයි.

මෙම හවුල්කාරීත්වයේ ශක්තිය හා ක්‍රියාකාරීත්වය තුළින් ශ්‍රී ලංකාව සිනමා නිර්මාණකරණයේ පාරාදීසයක් බවට පත් වන අතරම සංචාරක ආකර්ෂණය ඉහළ යාම හේතුවෙන් ආර්ථික ඉලක්ක ජය ගැනීමටද සුවිසල් අවස්ථාවක් නිර්මාණය වේ.

මෙම දැවැන්ත වැඩපිළිවෙලහි සමාරම්භය සනිටහුන් කරමින් ඔස්කාර් සම්මාන සඳහා තේරුණු චිත්‍රපට නිෂ්පාදිකා දීපා මෙහෙතා සහ දිගු කාලීන නිෂ්පාදන හවුල්කරු ඩේවිඩ් හැමිල්ටන් ගේ සහභාගීත්වයෙන් 2025 මැයි 30 වන දින සිට ජූනි 01 වැනි දින දක්වා Signature Weekend සංවිධානය කරනු ලැබීය. ලොව ජයගත් ශ්‍රී ලංකාවේ රූගත කළ ඔවුන්ගේ  Midnight’s Children, Water හා Funny Boy චිත්‍රපට පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙැණේ ඒවා රස විඳීමේ අවස්ථාවද ප්‍රේක්ෂකයින් වෙත ලබා දෙමිනි.

Cinnamon Hotels & Resorts හි මෙම සුවිසල් අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ගෝලීය සන්නාමයන් වන HSBC Sri Lanka සහ Mastercard Sri Lanka එක්ව සිටියි. එහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම විසින් ලබා දෙන අතර විද්‍යුත් මාධ්‍ය අනුගහය ලබා දෙන්නේ කැපිටල් මහරාජා සමූහයේ MBC/MTV ආයතනයයි.

Signature Weekend හි තවත් විශේෂත්වයක් වන්නේ Cinnamon Bentota Beach – Signature Selection සහ කොළඹ Cinnamon Life at City of Dreams යන විචිත්‍රවත් පරිශ්‍රයන් දෙකෙහිදීම වැඩසටහන් පැවැත්වීමට කටයුතු කර තිබීමයි. චිත්‍රපට නැරඹීම පමණක් නොව ඒ පිළිබඳව නිර්මාණකරුවන් සමඟ සිදුකරන කතා බහ සහභාගී වන්නන් හට වින්දනීය හා අවබෝධාත්මක අත්දැකීමක් හිමිකර දෙනු  නොඅනුමානය.

ශ්‍රී ලංකාව, ලෝක සිනමාවේ ආකර්ෂණීය තෝතැන්නක් බවට පත් කිරීම උදෙසා Cinnamon Hotels & Resorts හි මෙම ප්‍රයත්නය තුළින් මෙරට සංස්කෘතික පෝෂණය වෙනුවෙන් ඔවුන් සිදු කරන අඛණ්ඩ කැපවීම මනාව පිළිබිඹු වේ. අද මෙන්ම හෙට දවසේද ශ්‍රී ලංකාවේ විවිධත්වය හා සුන්දරත්වය ගවේෂණය කරන නිර්මාණකරුවන්, කලාකරුවන් හා සුවහසක් සංචාරකයින් ගේ සොඳුරු නවාතැන ලෙස සිය සත්කාරය ලබා දීමට Cinnamon Hotels & Resorts සූදානමින් සිටියි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව