Chevron ආයතනය, හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් නායක මහේල ජයවර්ධන දෙවන වරටත් සිය සන්නාම තානාපති ලෙස පත් කරමින් සහයෝගිතාවය තවදුරටත් ශක්තිමත් කරයි

Image_ (LBN)

කැල්ටෙක්ස් සන්නාමයේ ප්‍රිමියම් ලුබිරිකන්ට් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම වන Chevron Lubricants Lanka PLC (CLLP), ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සමඟ Caltex® Havoline® සන්නාම තානාපති ලෙස පවත්වාගෙන ආ සහයෝගිතාව දෙවැනි වරටත් අලුත් කළ බව නිවේදනය කරන ලදී.

මෙම සහයෝගීතාවය දීර්ඝ කිරීම මගින්, මහේල ජයවර්ධන විසින් සිය විශිෂ්ට ක්‍රීඩා දිවිය පුරා නිරුපණය කළ  විශිෂ්ටත්වය, නවෝත්පාදත්වය සහ විශ්වසනීයත්වය,Chevron ආයතනය තුලින් අවධාරණය කෙරේ. දෙස් විදෙස් ක්‍රිකට් පිටියෙහි විශිෂ්ටතම ක්‍රීඩා කෞෂල්‍යයක් සනිටුහන් කරන අතරෙහි ශ්‍රී ලාංකිකයින්ගේ ක්‍රීඩා ආත්මය හා තදින්ම බැඳුණු ක්‍රීඩයකු වූ මහේල ජයවර්ධන, Caltex Havoline සන්නාමය සහ එහි විශ්වාසනීයත්වය පාරිභෝගිකයින් තුළ තදින් කහවුරු කිරිමට සමත්ව සිටියි.
 



 

මෙලෙස අලුත් කළ සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වමින් Chevron Lubricants Lanka PLC හි කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී බර්ට්‍රම් පෝල් මහතා මෙසේ පැවසීය, “මහේල ජයවර්ධන සමඟ අපගේ සහයෝගිතාව දිගින් දිගටම පවත්වාගෙන යාම තුළින් පෙන්නුම් කෙරෙන්නේ, කැල්ටෙක්ස් සන්නාමයේ විශිෂ්ටතම වටිනාකම වගේම, විශ්වසනීයත්වයේ ප්‍රතිමූර්තිය බඳු අයකු හරහා ‌එම වටිනාකම ජනතාව අතරට ගෙන යමින් ලබාගත් සාර්ථකත්වයයි. පාරිභෝගිකයින් අතර රැව් පිළිරැව් දෙන ඔහුගේ කීර්ති නාමය අපගේ සන්නාමයට සඳහා දේශීය වෙළෙඳ පොළ තුළ ශක්තිමත් වීමට රුකුලක්. මෙම ශක්තිමත් සම්බන්ධතාවය තුළින් තවදුරටත් වර්ධනය අත්පත් කරගනිමින් සාර්ථකත්වයේ හිණි පෙත්ත දක්වාම යාම අපගේ බලාපොරොත්තුවයි.”

මෙම අඛණ්ඩ සහයෝගීතාවය පවත්වාගෙන යාමට සමාගම කටයුතු කරනු ලැබුවේ, ඉකුත් වසරේ Caltex Havoline විසින් අත්පත් කරගත් සුවිශේෂී ජයග්‍රහණයෙන් අනතුරුවය. එහිදී මෙම සන්නාමය, මෙරට පාරිසරික තත්ත්වයන් යටතේ එක තෙල් මාරුවකින් කිලොමීටර 10,000ක් දක්වා දුරක් ධාවනය කළ හැකි බව දේශීය පරීක්ෂණයක් මගින් තහවුරු කර ගැනීමටත් සමාගම සමත් වූ අතර, ඒ හරහා සමාගමේ විශිෂ්ට නිෂ්පාදන හැකියාව පෙන්නුම් කිරිමටද සමත් විණි. එපමණක් නොව, ශ්‍රී ලංකාවේ මගී මෝටර් රථ තෙල් (PCMO) වෙළෙඳ පොළ පුරෝගාමියා ලෙස ද සමාගමේ විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කිරිමටත් එම ජයග්‍රහණය හේතුවක් විණි.

Caltex Havoline සන්නාම තානාපති මහේල ජයවර්ධන මහතා ද මෙම සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවීම පිළිබඳ සිය උද්යෝගය පළ ‌කළේය, “විශ්වාසය, නවෝත්පාදනය මෙන්ම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුණාත්මකබව පිළිබිඹු කරන Caltex Havoline සමඟ සහයෝගිතාවය දීර්ඝ කිරීමට ලැබීම සතුටට කාරණයක්. මෙබඳු ඉහළම කාර්යක්ෂමතාවයක් අත්කර දෙන නිෂ්පාදනයක් වෙනුවෙන් පෙනී සිටීමත් ප්‍රතිලාභදායක අත්දැකීමක්. Caltex Havoline සන්නාමය ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් සමඟ වඩා හොඳින් සම්බන්ධ කරමින්, මෙම ගමනෙහි ඉදිරියට යාමට මම උනන්දු වෙනවා.”

ශතවර්ෂයකට වැඩි කාලයක් තිස්සේ, තම එන්ජින් අඛණ්ඩව ආරක්ෂා කිරීමේ අරමුණෙන්, ශ්‍රී  ලාංකික පාරිභෝගිකයන් උසස්ම තත්ත්වයේ Caltex Havoline ලුබ්රිකන්ට් එංජින් ඔයිල් තාක්ෂණය මත විශ්වාසය තබා සිටිති.

විශ්වාසදායී ලිහිසි තෙල් සන්නාමය ලෙසින් මෙම සන්නාමය ශ්‍රී ලංකාව තුළ අත්පත් කරගෙන ඇති ස්ථානය තවදුරටත් ශක්තිමත් කරන Chevron Lubricants Lanka PLC, ඒ වෙනුවෙන් අඛණ්ඩ නවෝත්පාදනය සිදුකරමින් විශිෂ්ටත්වය සඳහාම කැප වෙයි. ඒ, ශ්‍රී ලාංකික පාරිභෝගික අපේක්ෂාවන් අභිබවා යන නිෂ්පාදන අඛණ්ඩව වෙළෙඳ පොළට සැපයීම වෙනුවෙනි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව