Chance Fashion Garment වසරේ නැඟී එන සන්නාමය ලෙස Iconic සම්මාන දිනයි

Chance Fashion

මෙරට විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Chance Fashion Garment ආයතනය Iconic Awards 2024 සම්මාන උළෙලේදී ‘නැඟී එන සන්නාමය’ ලෙස සම්මාන දිනා ගත්තේය. BMICH හිදී පැවැත්වුණු සම්මාන උළෙලේදී Chance Fashion නිර්මාතෘ සහ සභාපති එම්. එස්. හෙන්රිකස් මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී. පුළුල් පරාසයක විහිදුණු පාරිභෝගික ප්‍රජාවකට උසස් ප්‍රමිතියෙන් සමන්විත නවීන විලාසිතා අනුව මසන ලද ඇගැලුම් අලෙවි කිරීමට එම ආයතනය සතු කැපවීම මෙම ඇගැයීම තුළින් යළි තහවුරු වේ. කාන්තා ඇගැලුම් සඳහා සුවිශාල ප්‍රසිද්ධියක් ඇති Chance Fashion Garment ආයතනයේ වැඩියෙන්ම අලෙවි වන නිෂ්පාදනයක් ලෙස සුදු පැහැති Cutlongs ඇඳුම් දැක්විය හැකිය. පාරිභෝගිකයන්ට සපයන නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳ එම ආයතනය නිරන්තරයෙන් සැළකිලිමත් වේ.
 



 

ආනයනය කරන උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා ගනිමින් එම ආයතනය හැඩකාර සහ ශරීරයට සුව පහසුව ගෙනෙන ඇගැලුම් නිපදවයි. සුවිශේෂ මෝස්‌තර හා විලාසිතාවලට මුල් තැන දීම තුළින් ක්ෂේත්‍රයේ අනෙකුත් ආයතන අතර ඉදිරියටම පැමිණීමට ඔවුන්ට හැකි වී තිබේ. ඉතා ප්‍රබල මාර්ගගත අවකාශයකට හිමිකම් කියන එම ආයතනයේ ඇගැලුම් දිවයිනේ ප්‍රධාන නගර 25ක පිහිටි ප්‍රධාන රෙදිපිළි අලෙවිසැල් රැසකින් මිල දී ගත හැකිය. සිල්ලර වෙළෙඳාම සඳහා මෙන්ම තොග වෙළෙඳාම සඳහාද Chance Fashion Garment ආයතනය ඇගැලුම් නිෂ්පාදනය කරයි. එම ආයතනයේ මාර්ගගත අලෙවි වේදිකාවට www.chancefashion.lk ඔස්සේ පිවිසිය හැකි අතර ඒ හරහා ඉතා ආරක්ෂිතව ඇගැලුම් මිල දී ගැනීමටත්, ගෙවීම් සිදු කිරීමටත් පාරිභෝගිකයන්ට අවස්ථාව සළසා ඇත. ඇණැවුම් කරන ඇගැලුම් ඉතා ඉක්මනින් පාරිභෝගිකයන් වෙත ලැබෙන අතර භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම තිබේ. ඕනෑම විමසීමක් සඳහා chancewomensfashion@gmail.com විද්‍යුත් ලිපිනය හෝ 0740990975 යන වට්සැප් / වයිබර් අංකය ඔස්සේ Chance Fashion Garment ආයතනය සම්බන්ධ කර ගත හැකිය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − eight =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව