
Ceylon Cold Stores PLC සමාගම, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ වඩාත් විශ්වසනීය සහ ප්‍රමුඛතම ආයතනයක් වන අතර එය 2023 ශ්‍රී ලංකා ජාතික තත්ව සම්මාන උළෙලේදී මහා පරිමාණ නිෂ්පාදන අංශයේ ජයග්‍රාහී සම්මානය දිනාගනිමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් පවත්වනු ලැබූ මෙම සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය දා සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණි. ආයතනික විශිෂ්ටත්වය වෙනුවෙන් මෙරට දී පිරිනමනු ලබන ඉහළම ජාතික පිළිගැනීමක් වන මෙම සම්මානය හරහා මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් CCS සමාගමෙහි විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු විය.
1866 වසර දක්වා විහිදෙන දිගු ඉතිහාසයකට හිමිකම් කියන මෙම සමාගම, විශ්වාසය, ශිල්පීය දක්ෂතාවය සහ උසස් ප්‍රමිතීන් පදනම් කරගත් අඛණ්ඩ කැපවීම මත ගොඩනැගුණු සමාගමකි. මෙරට සුප්‍රකට ‘Elephant House’ සිසිල් බීම සහ අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරනු ලබන CCS සමාගම, ලෝක මට්ටමේ නිෂ්පාදන ක්‍රියාවලීන් සහ නවෝත්පාදනය කෙරෙහි යොමු වූ ඔවුන්ගේ උපායමාර්ගික ක්‍රියාකලාපය හරහා මෙරට පාරිභෝගික භාණ්ඩ ක්ෂේත්‍රයේ හැඩගැස්වීමට නිරන්තරයෙන් දායක වේ. එමෙන්ම එහි දිගුකාලීන කීර්තිනාමයට පදනම වී ඇත්තේ සමාගමෙහි ගුණාත්මක රාමු, ශක්තිමත් පාලන පද්ධති සහ ජාත්‍යන්තර විශිෂ්ටතම ප්‍රමිතීන්ට ගැළපෙන නිෂ්පාදන පද්ධතීන්ය.
මෙම ජාතික තත්ත්ව සම්මානය හිමිවීම, CCS සමාගමෙහි විශිෂ්ට කාර්යසාධනය සහ අඛණ්ඩ දියුණුව පිළිබඳ වඩාත් හොඳින් පෙන්නුම් කරයි. තවද සමාගමෙහි නවීන නිෂ්පාදන තාක්ෂණයන්, ශක්තිමත් තත්ත්ව සහතික පද්ධති සහ තිරසාර මෙහෙයුම් භාවිතයන් යන අංගයන්ගේ ඒකාබද්ධ ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය හඳුන්වා දිය හැකිය. මෙම ඇගයීම හරහා ආහාර හා බීම වර්ග නිෂ්පාදන ක්ෂේත්‍රයේ පමණක් නොව, සමස්ත ජාතික කර්මාන්ත පද්ධතිය තුළම CCS කැපී පෙනෙන අතර, ජාතික නිර්ණායකයන් අභිබවා යාමට එම සමාගමට ඇති අඛණ්ඩ හැකියාව මෙයින් මැනවින් ප්‍රදර්ශනය වේ.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා මෙසේ ප්‍රකාශ කළේය.
“මෙම ජාතික පිළිගැනීම තුළින් උසස් ප්‍රමිතීන් සහ මෙහෙයුම් විශිෂ්ටත්වය පවත්වා ගැනීම සඳහා CCS හි අපගේ කණ්ඩායම් දක්වන දැඩි කැපවීම පිළිබිඹු වෙනවා. CCS සෑම විටම නවෝත්පාදනය සහ කාර්ය විශිෂ්ටත්වය පිළිබඳ හොඳ දැක්මක් සහිතව ක්‍රියා කරන අතර, අපගේ හැකියාවන් ශක්තිමත් කරමින් දේශීය හා ජාත්‍යන්තර අපේක්ෂාවන් සපුරාලන නිෂ්පාදන ලබා දීමට අප දරන උත්සාහය මෙම සම්මානය හරහා තහවුරු වෙනවා.”
මෙම ජයග්‍රහණයේ මෙහෙයුම් පදනම පිළිබඳව අවධාරණය කරමින් CCS සමාගමේ සැපයුම් දාම ප්‍රධානී සංජීව ජයසුන්දර මහතා මෙසේ පැවසීය.
“මෙම සම්මානයෙන් පිදුම් ලැබීම වසර ගණනාවක් පුරා අප ගොඩනඟා ගත් ක්‍රමවත් පද්ධතීන්, අඛණ්ඩ දියුණුව සහ ඉහළ මට්ටමේ නිෂ්පාදන භාවිතයන් සඳහා ලැබුණු සහතිකයකි. CCS සමාගම ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය පිළිබඳ ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට කැපවී සිටින අපගේ නිෂ්පාදන සහ සැපයුම් දාම මෙහෙයුම්වල නියැලෙන සෑම පුද්ගලයෙකුටම මෙම ජයග්‍රහණය අයිති වේ. අපගේ වටිනාකම් දාමයේ සෑම අදියරකදීම විශිෂ්ටත්වය ළඟා කර ගැනීම සඳහා අඛණ්ඩව ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීමටත්, දියුණු තාක්ෂණයන් භාවිත කිරීමටත් අප ඉදිරියටත් කටයුතු කරනවා.”
CCS සමාගම මෙම ජාතික මට්ටමේ ඇගයීම සමරන අතරතුර, උපායමාර්ගික නවෝත්පාදන, තිරසාර මෙහෙයුම් සහ ජාත්‍යන්තර වශයෙන් පෙළගැස්වූ ගුණාත්මක භාවිතයන් හරහා තම විශිෂ්ටත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය යොමු කර සිටියි. මෙම ජයග්‍රහණය CCS හි ගමන් මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, ඉදිරි පරම්පරාවන් සඳහා ද විශ්වසනීය, උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබා දීමට එම සමාගම සතු කැපවීම මෙයින් නැවතත් තහවුරු කරයි.


