සෙලින්කෝ ලයිෆ් විශිෂ්ට ජයග්‍රාහකයින්ට නැවතත් විදෙස් සංචාර

Sales Force tours (LBN)

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සහ සේවක කාර්යසාධනය අගයමින් නැවත වතාවක් විශිෂ්ට විකුණුම් නිළධාරින් වෙනුවෙන් සුවිශේෂී විදේශ සංචාරයන් ප්‍රදානය කර ඇත.

2025 වසර අවසන් කරමින්, මෙසේ අගයන ලද 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්  තායිලන්තයෙහි රාත්‍රී තුනක් සහ දින හතරක් ගත කළහ. ඔවුන් ග්‍රෑන්ඩ් මාළිගය සහ එමරල්ඩ් බුද්ධ මන්දිරය, ඩ්‍රීම් වර්ල්ඩ් හි ත්‍රාසජනක දිනයක් සහ නෞකාවක ඉහළ මහලේ ඉන්ද්‍රජාලික රාත්‍රී භෝජන සංග්‍රහයක අත්දැකීම හිමි කර ගත්හ. මීට අමතරව තවත් සෙලින්කෝ ලයිෆ් විකුණුම් තරු 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මැලේසියාවේ දී ජෙන්ටින් උස්බිම් සහ එහි එළිමහන් තේමා උද්‍යානයේ සිට දර්ශනීය කේබල් කාර් සවාරි, බාටු ගුහා සහ පෙට්‍රොනාස් නිවුන් කුළුණු වෙත සුවිශේෂී සංචාරයක් මෙන් ම අමතක නොවන භෝජන අත්දැකීම් සමඟ තරු හතරේ හෝටල්  හි නවාතැන් පහසුකම්වල සුවපහසුව අත්විඳින ලදි.




සෙලින්කෝ ලයිෆ් හි සාඩම්බර සම්ප්‍රදායේ කොටසක් ලෙස මෙම සංචාරයන් හඳුනා ගත හැකි අතර මෙම වසර ආරම්භයේදී ඉහළම විකුණුම් නිළධාරීන්හට සියලු‍ වියදම් සහිතව මැලේසියාව, ඩුබායි සහ තුර්කිය වෙත සුවිශේෂී සන්ධිස්ථාන, සංස්කෘතික උරුමයන්ගෙන් සමන්විත වූ සංචාර පිරිනමන ලදි. මෙම සංචාරයන් තනි පුද්ගල සහ කණ්ඩායම් ජයග්‍රහණ සැමරීමක් පමණක් නොවන අතර ගෝලීය වේදිකාවක සාර්ථකත්වය සැමරීමක් ද බව සමාගම පවසයි.

මෙම සංචාර සාමාන්‍ය නිවාඩු ගමන්වලට වඩා වැඩි අර්ථයක් පිළිඹිබු කරන අතර සෙලින්කෝ ලයිෆ් හි සංස්කෘතිය, විශිෂ්ටත්වය ද විදහා පායි. ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රතිලාභදායක වෘත්තියක් සොයන්නන්ට වෘත්තීය වර්ධනයක් පමණක් නොව ජයග්‍රාහී කණ්ඩායමක කොටස්කරුවෙක් ලෙස සතුටු වීමේ අවස්ථාවද හිමි වන බව සෙලින්කෝ ලයිෆ් සමාගම පැවසීය.

සමාගම පවසන ආකාරයට කාර්යසාධනය වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීමට අමතරව මෙම උත්සාහයන් සේවක සන්නාමකරණය ප්‍රවර්ධනය කරන අතරම තම කාර්ය මණ්ඩලය සමාගමේ වටිනාකම්, සංස්කෘතිය සහ මෙහෙවර සඳහා අව්‍යාජ සන්නාම උපදේශකයින් බවට පත් කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව