CEEDECS Lanka Holdings ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

CEEDECS

මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන CEEDECS Lanka Holdings පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ඛණිජ සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ නවතම නිෂ්පාදනය වන Harithaweli Ready Mix අගයමින් එම සම්මානය පිරිනමන ලදී. 1999දී ආරම්භ වී 2016දී සංස්ථාපිත ආයතනයක් වූ CEEDECS Lanka Holdings දශක දෙකකට වැඩි කාලයක් පුරා ඉදි කිරීම්, උපදේශන, ගෘහ නිර්මාණ සහ අභ්‍යන්තර නිර්මාණ සේවා සපයා ඇත. මහර පිහිටා ඇති එම සමාගම රට පුරා විහිදී ඇති නේවාසික සහ වාණිජමය ව්‍යාපෘති රැසකට සේවා සපයයි.

 



 

CEEDECS Lanka Holdings පසුගිය කාලය පුරා පරිසර හිතකාමී නවෝත්පාදන පිළිබඳව ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇත. එම දැක්ම යටතේ වෙළෙඳපොළට හඳුන්වා දුන් Harithaweli Ready Mix ගංගා සහ මුහුදු වැලි අඩංගු නොවන පරිසර හිතකාමී කපරාරු සහ ඉදි කිරීම් මිශ්‍රණ සන්නාමයකි. සාධාරණ මිලට විවිධ වර්ණවලින් ගත හැකි එම නිෂ්පාදන භාවිතයට පහසු අතර කල් පැවැත්මෙන් ඉහළය. ස්වාභාවික නිමාවක් දෙන එම නිෂ්පාදනවලට ඉදි කිරීම් ශිල්පීන්ගෙන් සහ මහා පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඇත්තේ විශාල ඉල්ලුමකි. එම සමාගමේ පුළුල් පරාසයක විහිදී ඇති නිෂ්පාදන අතර Ready-Mix ප්ලාස්ටර් (අළු සහ සුදු), Water Proof ප්ලාස්ටර්, බ්‍රික් බොන්ඩ් බ්ලොක්, මැටියෙන් නිෂ්පාදිත පොටි, ටෙරාසෝ මිශ්‍රණ, ටයිල් අලවන, ටයිල් මෝටාර්, බිම සහ බිත්ති සඳහා යොදා ගන්නා ටයිටෙනියෙම්, වෝල් පොටි, ජල කාන්දුවීම් විසඳුම් ප්‍රධාන වේ. උසස් තත්ත්වයේ අමුද්‍රව්‍යවලින් නිපදවන ඒ සියලු නිෂ්පාදන දැඩි තත්ත්ව පරීක්ෂාවලට ලක් කෙරේ. CEEDECS Lanka Holdings දේශීය සහ ජාත්‍යන්තර තත්ත්ව සහතික රැසක් ලබා ඇත. කඩවත, ත්‍රිකුණාමලය, මීගමුව, හැටන්, මන්නාරම ඇතුළු ප්‍රදේශ 21ක ඔවුන්ට අයත් අලෙවිසැල් පිහිටා තිබේ. 0710500800 හා 0773614584 අංක ඔස්සේ හෝ http://www.harithaweli.lk වෙබ් අඩවිය ඔස්සේ Harithaweli නිෂ්පාදන ඇණැවුම් කළ හැකිය.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව