CDB අඛණ්ඩව 5 වන වරටත් බැංකු නොවන මූල්‍ය සේවා අංශය යටතේ ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන දිනයි

Picture1

 



 

 

 

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB), පසුගියදා පැවති 17 වන ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී බැංකු නොවන මූල්‍ය සේවා අංශය යටතේ අඛණ්ඩව 5 වන වරටත් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති Eric Lavertu මහතා සහභාගී වූ මෙම සම්මාන උළෙලේදී කාර්යසාධන කළමනාකරණ විශිෂ්ටත්වය කාණ්ඩය යටතේ සහ, සමස්ත ප්‍රාග්ධනය හා ආදායම රු. බිලියන 5 ට වැඩි මහා පරිමාණ සමාගම් කාණ්ඩය යටතේ කුසලතා සම්මාන හිමිකර ගැනීමට CDB සමාගමට හැකියාව ලැබිණි. ජාතික වාණිජ මණ්ඩලය විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි.

මීට පෙරද දේශීය හා ජාත්‍යන්තර සම්මාන උළෙලවල් රැසකදී, අනුකූලතාව, ආයතනික පාලනය, ව්‍යාපාරික මෙහෙයුම්, වගකීම්සහගත බව, ආචාරධර්ම සහ ව්‍යාපාර මූලධර්ම වැනි අංශ රැසක් යටතේ සම්මාන වලින් පිදුම් ලැබීමට CDB සමත් වී තිබේ. මේ ආකාරයට දිගින් දිගටම සම්මාන හා ඇගයුම් හිමිවීම, CDB සමාගමේ ව්‍යාපාර විශිෂ්ටත්වයට මනා සාක්ෂියකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී දමිත් තෙන්නකෝන් මහතා කියා සිටියේ, වඩාත් සුහුරු හා තිරසාර ශ්‍රී ලංකාවක් ගොඩනැංවීමේ අරමුණ මුල්කරගෙන තම ආයතනික තිරසාරත්ව ක්‍රමෝපාය සැලසුම් කර ඇති බවයි. “තිරසාරත්වය හා නවෝත්පාදනය අපගේ ක්‍රමෝපායේ අනිවාර්ය අංග දෙකක්. අප සමග අත්වැල් බැඳගෙන සිටින සියලු දෙනා මෙම ක්‍රමෝපායට අනුකූලව කටයුතු කරමින් සිටිනවා. ව්‍යාපාර විශිෂ්ටත්වය වෙනුවෙන් CDB සමාගම දිගින් දිගටම සම්මාන වලින් පිදුම් ලබන්නේ ඒ නිසයි. මෙම සම්මානයේ ගෞරවය ඔවුන් සියලුම දෙනා වෙත හිමි විය යුතුයි කියා මා විශ්වාස කරනවා. එමෙන්ම අපගේ තිරසාරත්ව ක්‍රමෝපාය ඉදිරියට ගෙනයාම සඳහා ලබාදෙන මහඟු දායකත්වය වෙනුවෙන් අපගේ ගනුදෙනුකරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන්, සහ CDB සාමාජික සාමාජිකාවන් ඇතුළු සියලුම දෙනා වෙත අපගේ ස්තූතිය පිරිනැමීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” දමිත් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසී ය.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන සුනිල් ජී. විජේසිංහ මහතා ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලයක් විසින්, කාණ්ඩ කිහිපයක් යටතේ අයදුම්කරුවන් 100 කට අධික පිරිසක් අතරින් ජයග්‍රාහකයන් තෝරාගන්නා ලදි. ක්‍රමෝපාය හා නායකත්ව විශිෂ්ටත්වය, ආයතනික පාලනය හා ක්‍රමෝපාය, ධාරිතා වර්ධනය, කාර්යසාධන කළමනාකරණය, දේශීය හා ගෝලීය වෙළඳපළ ප්‍රවේශය, ආයතනික සමාජ වගකීම් හා පාරිසරික තිරසාරත්වය, සහ ව්‍යාපාර හා මූල්‍ය ප්‍රතිඵලවල විශිෂ්ටත්වය යන ප්‍රධාන සාධක අනුව ජයග්‍රාහකයන් තීරණය කෙරිණි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + 14 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව