ශ්‍රී ලංකාව තුළ එම සහතිකකරණය හිමිකරගත් ප්‍රථම බැංකු නොවන මූල්‍ය සේවා සමාගම බවට CDB පත්වෙයි
සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී [Citizens Development Business Finance PLC (CDB)] සමාගම, ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය (Business Continuity Management) වෙනුවෙන් ISO 22301:2019 සහතිකකරණය හිමිකරගැනීමට පසුගියදා සමත් විය. මෙරට බැංකු නොවන මූල්‍ය සේවා සමාගමක් එම සහතිකකරණය හිමි කරගත් ප්‍රථම අවස්ථාව මෙයයි.
මීට ඉහත ISO 27001:2013 සහතිකකරණය හිමිකරගත් CDB සමාගම එය වසර 6 ක කාලයක් පවත්වා ගත් අතර, පසුව 2024 සැප්තැම්බර් මාසයේදී තොරතුරු ආරක්ෂණ කළමනාකරණය වෙනුවෙන් ISO 27001:2022 සහතිකකරණය හිමිකරගැනීමට සමත් විය. ISO 22301:2019 සහතිකකරණය මෙම අඛණ්ඩ සාර්ථකත්වයේ නවතම සන්ධිස්ථානය ලෙස හැඳින්විය හැකි වේ. අඛණ්ඩව මෙබඳු සහතිකකරණයන් හිමි කරගනිමින්, ආරක්ෂාව හා මෙහෙයුම් ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසිදු බාධාවකින් තොරව ගනුදෙනුකරුවන් වෙත තම සේවා අඛණ්ඩව ලබාදීමට CDB සමාගමට හැකියාව ඇති බව තහවුරු කරන විශ්වාසනීය සහතිකයකි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් CDB සමාගමේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරී ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ සමාගම සිය මෙහෙයුම්වලදී සෑම විටම ආරක්ෂාව සහ අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරනු ලබන බවයි. ISO 27001 සහ ISO 22301 සහතිකකරණයන් හිමි වීම යනු පාරිභෝගික දත්තවල ආරක්ෂාව, ව්‍යාපාර අඛණ්ඩතාව, අවදානම්වලට මුහුණ දීමේ හැකියාව යනාදිය තහවුරු කරන මනා සාක්ෂියක් බවත්, එමගින් මෙරට ජනතාවගේ විශ්වාසනීය මූල්‍ය හවුල්කරුවෙකු ලෙස CDB සමාගම සතු පිළිගැනීම තවදුරටත් තහවුරු වනු ඇති බවත් ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස CDB සමාගම නිරන්තරයෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන් ආරක්ෂා කරගන්නා අතරම, ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා අනුව හැඩගැසීමට පියවර ගෙන තිබේ. කවදත් ආයතනික යහපාලනයට සහ නියාමන අනුකූලතාවට ප්‍රමුඛත්වය දුන් CDB සමාගම, විශ්වසනීයත්වය පවත්වා ගනිමින් අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරගැනීමට පියවර ගත්තේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසි මෙන්ම අනෙකුත් ගිණුම්කරණ හා ආයතනික පාලන නියාමනයන්ට අනුකූලව කටයුතු කිරීම ඔස්සේ සුරක්ෂිත හා විශ්වාසනීය සේවා එකතුවක් පිරිනැමීමටත්, ගනුදෙනුකරුවන්ගේ දත්ත හා තොරතුරුවලට උපරිම ආරක්ෂාවක් ලබාදීමටත් සමාගම සමත් වී තිබේ.
CDB සමාගමේ තිරසාර ක්‍රමෝපාය සකස් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කවලට සමගාමීවය. එහිදී තිරසාර සංවර්ධන ඉලක්ක අතර 9 වැනි ඉලක්කය වන ‘කර්මාන්ත, නවෝත්පාදන සහ යටිතල පහසුකම්’ යන්න කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ. මේ සියල්ල ඔස්සේ රටේ තිරසාර ඉලක්ක හා අරමුණු ළඟාකරගැනීම සඳහා පුළුල් දායකත්වයක් ලබාදීමට CDB සමාගමට හැකි වී ඇත.
ඉදිරියටත් පාරිභෝගික තෘප්තිය මෙන්ම තාක්ෂණික නවෝත්පාදන කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, තාක්ෂණික පෙරළිය තුළ පෙරමුණ ගන්නා අතරම තමන් සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම පාර්ශ්වකරුවන්ගේ අපේක්ෂාවන් නොපිරිහෙළා ඉටුකරලීම සමාගමේ අරමුණ වී තිබේ.