CDB වෙතින් ශ්‍රී ලංකාව තුළ ළමා අධ්‍යාපනය හා සාක්ෂරතාවය නැංවීමට ‘සිසුදිරි’ ශිෂ්‍යත්ව පිරිනැමෙයි

Sisudiriya-S

 



 

 

 

ශිෂ්‍යත්ව විභාගයේදී සහ සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළම දක්ෂතා දැක්වූ තවත් සිසු සිසුවියන් 100 දෙනෙකුට ශිෂ්‍යත්ව

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) ක්‍රියාත්මක කරන ‘CDB සිසුදිරි’ ශිෂ්‍යත්ව වැඩසටහනේ 13 වන අදියර යටතේ ශිෂ්‍යත්ව 100 ක් පිරිනැමීම පසුගියදා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පැවති උත්සවයකදී සිදුකෙරිණි. 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වූ සිසු සිසුවියන් 60 දෙනෙකුට සහ, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් 40 දෙනෙකුට එහිදී ශිෂ්‍යත්ව හිමි විය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සහ CDB සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. CDB තිරසාරත්ව න්‍යාය පත්‍රයේ ‘සමාජ දැනුවත්භාවය’ අංශය යටතේ ළමා අධ්‍යාපනය හා සාක්ෂරතාවය නැංවීම අරමුණු කරගෙන මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය වාර්ෂිකව සිදුකෙරේ.

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපනයට සිදුවන බාධාවන් අවම කිරීමේ වැදගත්කම අවබෝධ කරගනිමින්, CDB සමාගම විසින් 2008 වසරේදී සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරන ලදි. අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීමට මහෝපකාරී වන ආකාරයේ ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීමට හැකි වන පරිදි දරු පරපුර සවිබල ගැන්වීම මෙහි මූලික ඉලක්කය විය. 5 වසර ශිෂ්‍යත්වය ඉහළින් සමත් වන සිසු සිසුවියන්ට මේ යටතේ වසර 5 ක් දක්වා වසරකට රු. 10,000 බැගින් රු. 50,000 ක මුදලක් හිමිවන අතර, සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වන්නන්ට වසරකට රු. 15,000 බැගින් වසර දෙකකදී රුපියල් 30,000 ක මුදලක් හිමි වේ.

සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහනේ 14 වැනි අදියර සඳහා, 2020 වසරේදී පැවැත්වුණු 5 වසර ශිෂ්‍යත්ව විභාගයේදී සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළම දක්ෂතා දැක්වූ, ආර්ථික දුෂ්කරතා සහිත පවුල් වල සිසු සිසුවියන් තෝරාගැනෙනු ඇත. එම වසරේදී අදාළ විභාග සඳහා පෙනී සිටි, ‘රන්කැටි’ ඉතුරුම් ගිණුම් හිමි දරු දැරියන්ටද මේ සඳහා අයදුම් කළ හැකි වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ නිල වෙබ් අඩවියෙන් https://www.cdb.lk/si/our-initiatives/cdb-sisudiri-14-si/ හෝ ශාඛා වලින් ලබාගත හැක.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව