CDB සාමාජිකා සහ කාන්තා කණ්ඩායම් නායිකා නදී පෙරේරා ඇතුළු කණ්ඩායම ජයග්‍රහණයේ ජීවගුණය බලගන්වමින් Singapore International Masters Athletics තරගාවලියේදී පදක්කම් රැසක් හිමිකර ගනී

Image - CDB excels at International Masters Track and Field Championship 2023 (LBN)

 



 

 

2023 ජූනි, කොළඹ: සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) සමාගමේ කාර්යමණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සිව් දෙනෙකු, පසුගියදා පැවති Singapore International Masters Athletics Championship 2023 තරගාවලියේදී කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කරමින් රටට ගෞරවයක් ගෙන ඒමට සමත් වූහ. මෙම තරගාවලිය මැලේසියාවේ Mount Austin, (Johor) හි Johor ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.

මෙම තරගාවලියේදී CDB සමාගමේ සාමාජික සාමාජිකාවෝ ඉසව් කිහිපයක ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූහ. සමාගමේ ජ්‍යෙෂ්ඨ තනතුරු දරන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම රාජකාරි කටයුතුවල නියැලෙන අතරම මෙලෙස මවුබිමට කීර්තියක් අත්කර දීමට සමත් වීම විශේෂත්වයකි.

වයස අවුරුදු 35 ට වැඩි වයස් කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය තුළදී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පදක්කම් 51 ක් දිනාගැනීමට සමත් වූ අතර මේ අතරින් CDB කාර්ය මණ්ඩලයේ සේවය කරන සාමාජික සාමාජිකාවන් විසින් පහත සඳහන් ජයග්‍රහණ හිමිකරගන්නා ලදි.

CDB සමාගම වෙනුවෙන් වෙළඳ සේවා මළල ක්‍රීඩා කණ්ඩායමේ නායිකාව ලෙස මෙන්ම Singapore International Masters තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ නදී පෙරේරා, තරගාවලියේදී පදක්කම් 4 ක් දිනාගැනීමට සමත් විය. ඇය විසින් මීටර් 200 ඉසව්වේ ලෝකඩ පදක්කම මෙන්ම, දුර පැනීම, තුන් පිම්ම සහ මීටර් 100 කඩුලු මතින් දිවීම යන ඉසව්වල පදක්කම් දිනාගන්නා ලදි.

මේ අතර ධනංජය ලියනගේ තුන් පිම්ම ඉසව්වේ පිරිමි අංශයේ රිදී පදක්කම හිමිකර ගැනීමට සමත් වූ අතර, චතුර වෑකඩපොළ සහ ෂවින්ද්‍ර ප්‍රනාන්දු ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් 3 බැගින් දිනාගැනීමට සමත් වූහ. මේ අතරින් චතුර වෑකඩපොළ මීටර් 400 ඉසව්වේ රිදී පදක්කම සමග මීටර් 100 සහ 200 ඉසව්වල ලෝකඩ පදක්කම් හිමිකරගත් අතර, ෂවින්ද්‍ර ප්‍රනාන්දු උස පැනීමේ ඉසව්වේ රිදී පදක්කම සමග දුර පැනීම සහ මීටර් 110 කඩුලු මතින් දිවීම යන ඉසව්වල ලෝකඩ පදක්කම් හිමිකර ගැනීමට සමත් විය.

මෙම ජයග්‍රහණ, CDB සාමාජික සාමාජිකාවන්ගේ අධිෂ්ඨානය හා කැපවීම මෙන්ම ක්‍රීඩා සඳහා ඔවුන් තුළ ඇති උනන්දුව නැවත වරක් සනාථ කරයි. එමෙන්ම එය තම සාමාජික සාමාජිකාවන්ගේ කුසලතාවන් වැඩිදියුණු කරමින්, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතියට උරදීම සඳහා CDB සමාගම දරන උත්සාහයට මනා සාක්ෂියක්ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව