CBL මන්චි, පෙර පාසල් දරුවන් සඳහා ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ අඩංගු බිස්කට් ‘සවිසර’ නමින් නොමිලේ ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරයි.

IMG_8032 (LBN)

 



 

 

දශක 5කට අධික කාලයක් පුරාවට උසස් මට්ටමේ ගුණාත්මක නිෂ්පාදන ශ්‍රී ලාංකික ජනතාවට තිළිණ කළ, මෙරට අංක එකේ බිස්කට් සන්නාමය වන CBL මන්චි, මෙවර  ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් ශ්‍රී ලංකාවේ තෝරාගත් පෙර පාසල් දරුවන් සඳහා ඉහළ පෝෂණ ගුණයෙන් යුත් සිය නවතම නිෂ්පාදනය වන ‘ මන්චි සවිසර (සවිමත් විශිෂ්ටයින් සපිරි රටකට) ‘ බිස්කට් අතිරේක ආහාර වේලක් ලෙස නොමිලේ ලබා දීමට සාඩම්බරව ඉදිරිපත්ව සිටී.

CBL මන්චි හි තවත් එක් සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය, 2023 ඔක්තෝම්බර් 1 වැනිදාට යෙදුන ලෝක ළමා දිනයට සමගාමීව, අතිගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික ළමා දින සැමරුම් වැඩසටහනේදී සංකේතාත්මකව හඳුන්වාදෙනු ලැබීය. එහිදී මන්චි සවිසර බිස්කට් නිෂ්පාදනය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ ගරු අමාත්‍ය ගීතා කුමාරසිංහ මැතිනිය හට CBL මන්චි ආයතනයේ ගරු සභාපති රම්‍ය වික්‍රමසිංහ මහතා විසින් පිළිගන්වන ලදී. මෙම ව්‍යාපෘතිය පෙර පාසල් දරුවන් සඳහා අධියර කිහිපයක් යටතේ ගාල්ල, මොණරාගල, අම්පාර, මුලතිවු හා නුවරඑලිය යන තෝරාගත් දිස්ත්‍රික්ක වලදී ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දැයේ දූ දරුවන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාවයට රුකුලක් වීම අරමුණු කර ගෙන ගොඩනැංවූ මෙම නිෂ්පාදනයේ 15.2% ක් ප්‍රෝටීන් අඩංගු වේ. ඊට අමතරව මෙහි විටමින් A, විටමින් D සහ ඛනිජ ලවන (යකඩ සහ සින්ක්) යන පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත වන අතර එය දරුවන් සඳහා අවශ්‍ය දෛනික විටමින් හා ඛනිජ ලවන අවශ්‍යතාවයෙන් 33% ක ප්‍රතිශතයක් සපුරාලනු ලබයි.

මෙම ගුණාත්මක තත්ත්වයන් හා ඉහළම ප්‍රමිතීන් යටතේ නිෂ්පාදනය කර ඇති මෙම ‘ මන්චි සවිසර ‘ බිස්කට් නිෂ්පාදනය සඳහා සෞඛ්‍යය අමාත්‍යාංශයේ ආහාර පාලන අධිකාරියේ අනුමැතිය හිමි වීමද විශේෂත්වයකි.

1968 වසරේ දී කෙයාර් සංවිධානය සමග එක්ව ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් සඳහා ‘ඇදිහස’ නමින් ප්‍රෝටීන් අඩංගු බිස්කට් නොමිලේ ලබාදීමේ සමාජ මෙහෙවර පෙරදැරි කර ගනිමින් බිස්කට් නිෂ්පාදනය ආරම්භ කළ CBL මන්චි ආයතනය, එදා සිට අද දක්වා දේශීය වෙළඳපොළ මෙන්ම විදේශ වෙළඳපොළ ද ජයගෙන ඇත්තේ අද වන විට ලෝකයේ රටවල් 65 කට අධික සංඛ්‍යාවකට තම නිෂ්පාදන අපනයනය කරමින් මෙරට ජාතික ආර්ථිකයට ද විශාල සවියක් ලබා දෙමිනි.

මෙලෙස සමාජ අරමුණක් පෙරදැරි කර ගනිමින් CBL මන්චි විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක වැඩසටහන් අතර ‘මන්චි ගමට සරණ’, ‘මන්චි සිසු දිරිය’, ‘මන්චි ටිකිරි ශිෂ්‍යාධාර’, ‘මන්චි තුරුපත්’ වැනි සමාජ මෙහෙවරයන් රාශියක් ඇත. කාලයේ අවශ්‍යතාවයට ගැළපෙන අයුරින් එවැනි සමාජ සත්කාර ව්‍යාපෘතීන් සඳහා සැමවිටම ප්‍රමුඛත්වයක් ලබා දෙන CBL මන්චි ආයතනය අද දිනද සවිමත් විශිෂ්ටයින් සපිරි රටක් ගොඩනැගීම වෙනුවෙන් දායක වන්නේ මන්චි සවිසර බිස්කට් ශ්‍රී ලංකාවේ අනාගත පරපුර වෙනුවෙන් නොමිලේ ලබා දීමේ උදාරතර මානව දයා ගුණය ඇතිවය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව