CBL Nutriline විසින් හඳුන්වාදෙන නවතම උදෑසන ධාන්‍යමය ආහාරය Nutriline Corn සහ Multigrain Chips.

B- (21) edit (LBN)

 



 

 

ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රියතම පෝෂ්‍යදායී උදෑසන ධාන්‍යමය ආහාර රැසක සැපයුම්කරුවකු වන CBL Nutriline, දරුවන්ගේ ආහාර රුචිය වඩවන රසවත්, සෞඛ්‍ය සම්පන්න සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව නිෂ්පාදන කෙරෙන නිෂ්පාදන රැසක් ඔබ වෙත ගෙන එන ප්‍රමුඛතම දේශීය සන්නාමයකි. මෙම නිෂ්පාදන පෙළ තවත් පුළුල් කරමින් ප්‍රබෝධමත් සහ සෞඛ්‍ය සම්පන්න බවෙන් පිරි උදෑසනක් සඳහා අවශ්‍ය පෝෂණ ගුණය සහිත Nutriline Corn සහ Multigrain Chips යන නිෂ්පදනය හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

මුළු පවුලේම සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා දායක වෙමින්, ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්වා ගැනීමට හැකි වන පරිදි, නව CBL Nutriline Corn සහ Multigrain Chips 100% දේශීයව ලබා ගන්නා බඩ ඉරිඟු, සහල්, කව්පි සහ මුං ඇට යන ධාන්‍ය වලින් නිෂ්පාදනය කර ඇත. මෙය කිරි, යෝගට් හෝ පළතුරු එකතු කර ගැනීමෙන් රස තවත් වැඩි කර ගත හැකිය.

මෙහි යකඩ අඩංගු වන අතර විටමින් A, D3, සින්ක්, කැල්සියම් සහ තන්තුමය ආහාර ඇතුළු ප්‍රධාන විටමින් සහ ඛනිජ ලවණ මුළු පවුලේම පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා උපකාරී වනු ඇත. CBL Nutriline Corn සහ Multigrain Chips ග්‍රෑම් 150 ක පැකට්ටුවක් සඳහා රුපියල් 360ක මිලක් නියම කර ඇත්තේ ද උසස් තත්ත්වයෙන් යුත් පෝෂ්‍යදායී උදෑසන ආහාරය පාරිභෝගිකයා හට දැරිය හැකි මිලක් යටතේ ලබා දීම සඳහාය.

Convenience Foods (Lanka) PLC හි ප්‍රධාන විධායක නිලධාරී තිලංක ද සොයිසා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූයේ ”මෙම නිෂ්පාදනය උදෑසන කෑම මේසයට සුදුසු, පෝෂ්‍යදායී සහ ප්‍රණීත රසයක් ලබා දෙන විශිෂ්ඨ ආහාරයක්. CBL Nutriline Corn සහ Multigrain Chips යනු ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාගේ රුචිකත්වයට සහ ඔවුන්ගේ රසයට හෝ පෝෂණ ගුණයට හානියක් නොවන පරිදි නිෂ්පාදනය කර ඇති උදෑසන ධාන්‍යමය ආහාරයකි.”

”පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදනයේ පුරෝගාමියෙකු වශයෙන් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ කැමැත්ත අනූව ගුණාත්මක නිෂ්පාදන ලබා දීමට අපි කැපවී සිටිනවා. සෞඛ්‍ය සම්පන්නව දවස ආරම්භ කිරීම සඳහා පාරිභෝගික කැමැත්ත හඳුනා ගනිමින්, නව තන්තුමය ගුණයෙන් සහ රසයෙන් යුත් CBL Nutriline Corn සහ Multigrain Chips නිෂ්පාදන හඳුන්වාදීමට හැකි වීම පිළිබඳව අප සතුටු වෙනවා. එමෙන්ම පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය තුළ පාරිභෝගිකයින් හට දැරිය හැකි සාධාරණ මුදලකට ධාන්‍ය රැසක් අඩංගු පෝෂ්‍යදායී විකල්ප ආහාරයක් හඳුන්වාදීමට හැකි වීම ගැන අප ආඩම්බර වෙනවා.” CBL ආහාර අංශයේ සාමාන්‍යාධිකාරී – අලෙවි, ජයංග පෙරේරා අදහස් දක්වමින් පැවසීය.

CBL Nutriline ආහාර සඳහා කිසිඳු කෘතීම රසකාරක, වර්ණක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍යක් අඩංගු කර නැත. ළමුන් සඳහා වන සෞඛ්‍ය සම්පන්න හා පෝෂණ ගුණයෙන් යුත් උදෑසන ධාන්‍යමය ආහාර වන Choco Grains, Choco Blobs, Choco Chips, Lemon Crunch, Grain Berry සහ Honey Bee ලෙස විවිධ රසයන් හයකින් ලබා ගත හැක. CBL Nutriline ISO 9001, ISO 22000, ISO 14001, HACCP, GMP සහ OHSAS 18001 සහතික ඇතුළුව ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන් යටතේ නිෂ්පාදනය කරනු ලබයි. තවද, දේශීය ගොවීන්ගෙන් මිලදී ගන්නා උසස් ගුණත්වයෙන් යුත් ධාන්‍ය වලින් පමණක් නිපදවෙන CBL Nutriline මඟින් දේශීය කෘෂිකර්මාන්තය ශක්තිමත් කරමින් පාරිභෝගික ජනතාවටද වඩාත් රසවත් හොඳම නිෂ්පාදන ලබා දීමට කටයුතු කර ඇත.

CBL Nutriline යනු ශ්‍රී ලංකාවේ විශාලතම FMCG සමූහ ව්‍යාපාරයක් වන CBL සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Convenience Foods (Lanka) PLC හි සන්නාමයකි. ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම දේශීය සමාගමක් ලෙස සැලකෙන CBL සමූහය පාරිභෝගික අවශ්‍යතා වලට සරිලන පරිදි ඉතා පුළුල් නිෂ්පාදන පෙළක් වෙළඳපොළට නිකුත් කරන අතරම, සිය නිෂ්පාදන ක්‍රියාවලිය හරහා සැපයුම් දාමයට සම්බන්ධ සියලු පාර්ශවකරුවන් බලගැන්වීමටද නිරන්තරයෙන් කැපවෙන සමාගමකි

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව