CBL Nutriline, මහරගම හයිලන්ඩ්ස් විද්‍යාලයීය පොඩි වැඩ්ඩන් ඇගයීමට සවිබල දෙයි

Webp.net-resizeimage

 



 

 

 

කලා, නිර්මාණ, ක්‍රීඩා, මෙන්ම පොදු කථනය සහ ලේඛනය වැනි සියුම් කුසලතා (soft skills) ආශ්‍රිත ජයග්‍රාහකයින් 165 දෙනෙකුට ඇගයුම් තිළිණ පිරිනමන හයිලන්ඩ්ස් විද්‍යාලය ‘Skillo Colours’ නමින් සංවිධානය කළ Achievers’ Day වැඩසටහන සඳහා සිය අනුග්‍රාහකත්වය ලබාදීමට CBL Nutriline පසුගියදා පියවර ගත්තේය. කැපවීම, උත්සාහය සහ කණ්ඩායම් හැඟීම තුළින් ජයග්‍රහණය කරා යාමේ අදිටන පෙරටු කරගනිමින් මෙම තරග සඳහා 1,500ක පමණ සිසු පිරිසක් සහභාගී වී සිටීම ද කැපීපෙනුණි. පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් හයිලන්ඩ්ස් විද්‍යාලය පළමු වරට Drive through වැඩසටහනක් ලෙස මෙය සංවිධානය කරතිබීම ද විශේෂත්වයක් විය.

″කුඩා දරුවන් සතු සැඟවුණු දක්ෂතා කල්තබා හඳුනාගැනීම සහ එය ඇගයීම ඉතා වැදගත්. එමගින් ඔවුන්ට අලුත් බලාපොරොත්තු වගේම උපරිමය කරා යාමට ඔවුන් තුළ උනන්දුවක් ඇතිවෙනවා. එවැනි අරමුණකින් අපි සංවිධානය කළ Skillo Colours Achievers’ Day වැඩසටහනට CBL Nutrline දායකත්වය හිමිවුණා. සෙසු පාසල් සහ අධ්‍යාපන ආයතනවලට ද ආදර්ශයක් වන අයුරින් අඛණ්ඩව අප පාසලේ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් අපි කැපවී ක්‍රියාකිරීමට බලාපොරොත්තු වෙනවා″, යනුවෙන් මහරගම හයිලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පති ඩී.එස්.එම්.ඩී. අබේසේකර මහත්මිය පැවසුවාය.

 

″CBL Nutriline ‘පොඩි වැඩ්ඩන්ට’ ප්‍රවර්ධන වැඩසටහනේ පරමාර්ථය වන්නේ, අපේ රටේ දරුවන්ගේ කුසලතා වර්ධනය සහ, සෞඛ්‍යය, යහපැවැත්ම සහ සතුට වර්ධනය කරන ක්‍රියාකාරකම්වල ඔවුන් නිරත වනු දැකීමයි. ඒ අනුව, මහරගම හයිලන්ඩ්ස් විද්‍යාලය සමඟ එක්වී මෙම දක්ෂ දරුවන් ඇගයීමටත්, ඔවුන්ට සහාය වීමටත් ලැබීම අපට විශාල සතුටක්″, යනුවෙන් CBL Food Cluster සාමාන්‍යාධිකාරී – අලෙවි, ජයංග පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

CBL Nutrline යනු, කිසිදු කෘතිම රසකාරක හෝ වර්ණකාරක හෝ කල්තබාගැනීමේ ද්‍රව්‍යයක් අඩංගු නොවන, අති නවීන නිෂ්පාදනාගාරයක අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙන ධාන්‍ය රැසක් අඩංගු පෝෂණීය උදෑසන ධාන්‍ය ආහාරයකි. Choco Chips, Choco Blobs, Choco Grains, Honey Bee, Lemon Crunch සහ Grain Berry වශයෙන් විවිධ රස හයකින් යුතුව එය ලබාගත හැකි නිසාම, දරුවෝ වැඩි උනන්දුවකින් සහ කැමැත්තකින් යුතුව උදෑසන ආහාර ගැනීමට පෙළඹෙති. CBL Nutriline යනු CBL සමූහයේ අනුබද්ධිත සමාගමක් වන Convenience Foods (Lanka) PLC හි නිෂ්පාදනයකි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව