CBL සමූහය යළිත් වරක් ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගම් 10 අතරට පිවිසෙයි

CBL Most Admired

 




 

 

පනස් වසරකට වැඩි සිය සාඩම්බර ගමන් මඟ තුළ, CBL ඇතුළු CBL සන්නාමයන් වන මන්චී, රිට්ස්බරි, රෙවෙලෝ, ටියාරා, සමපෝෂ, න්‍යුට්‍රිලයින්, ලංකාසෝයි සහ සේරා ශ්‍රී ලංකාවේ ආහාර ක්ෂේත්‍රය තුළ නොමැකෙන නාමයන් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර නිෂ්පාදකයෙකු හා අපනයනකරුවෙකු වන CBL සමූහය, සිය සැපයුම් දාමය හා සම්බන්ධ සියලුම පාර්ශවකරුවන් හා එක්ව ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයට අර්ථාන්විත වටිනාකමක් සහ ජවයක් ලබා දීමට කැපවී සිටියි.

ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CIMA) සහ ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) මගින් පිරිනැමෙන වසරේ වඩාත් ගෞරවනීය සමාගම් 10 අතරට CBL සමූහය තේරී පත්වුණේ අඛණ්ඩව තෙවැනි අවස්ථාවටයි. ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් පෙන්වූ සමාගම් මෙන්ම පාරිභෝගිකයින්, පාර්ශ්වකරුවන්, සේවකයින් සහ සමස්තයක් ලෙස පොදු මහජනතාව වෙනුවෙන් වටිනාකම් නිර්මාණය කළ සමාගම් මෙම සම්මානනීය ඇගයීමට ලක්වුණි.

“සේවක සාමාජික සාමාජිකාවන් පළමු කොට සැලකීම CBL ආයතනය වඩාත් ශක්තිමත් වීමට බලපෑ ප්‍රධනතම සාධකයයි”

මේ වසරේදී සම්මාන පිරිනැමීමේදී, පවත්නා අභියෝග හමුවේ  සමාගම් කොතෙක් දුරට කාර්යශූරව හා ශක්තිමත්ව කටයුතු කළේ ද යන්න පිළිබඳ වැඩිම අවධානය යොමු වූ අතර විනිශ්චය මණ්ඩලය විසින් අන්තර්ජාතිකව පිළිගත් නිර්ණායක පදනම් කරගෙන ඇගයීම් කටයුතු සිදු සිදු කරන ලදී.

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින පාරිභෝගිකයින් අතර CBL නිෂ්පාදන කෙරෙහි දැඩි විශ්වාසයක් පවතින අතර, වසංගත කාලය තුළ පවා අඛණ්ඩව තම නිෂ්පාදන කටයුතු සිදුකරමින් බාධාවකින් තොරව පාරිභෝගිකයින්ට භාණ්ඩ සැපයීමට සමාගම ක්‍රියා කළේය. මේ පිළිබඳ අදහස් දක්වමින් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂිකා ශියා වික්‍රමසිංහ මහත්මිය මෙසේ පැවසුවාය. ″CBL සැපයුම් දාමය තුළ සිටින සෑම පාර්ශ්වකරුවෙක්ම අපගේ වර්ධනයට දායක වූවා. විශේෂයෙන්ම වසංගත කාලසීමාව තුළ, මෙම පාර්ශ්වකරුවන්ට ස්ථාවර ජීවනෝපායක් පවත්වාගැනීමටත්, අඛණ්ඩව වර්ධනීය අවස්ථාවන් ලබාගැනීමටත්, CBL සතුව විශාල වගකීමක් පවතින බව අපි හොඳින් අවබෝධ කරගෙන සිටියා. අපගේ නිෂ්පාදන ශ්‍රී ලංකාවේ සෑම නිවසකටම පාහේ ගමන් කරනවා. ඒ වගේම ලොව පුරා තවත් රටවල් 60කට වැඩි සංඛ්‍යාවක් වෙත ගමන් කරනවා. එවන් පසුබිමකදී, කුමන අභියෝග පැවතියත් පාරිභෝගිකයින් වෙනුවෙන් අප සතු වගකීම ඉටුකරන බවට සහතික කිරීම වෙනුවෙන් CBL කණ්ඩායම් අති විශාල පරිශ්‍රමයක් ගනු ලැබුවා″.

වසංගතයක් පැවතිය ද, අදාළ සමාලෝචිත වර්ෂය තුළ ස්ථීර සහ තිරසාර වර්ධනයක් අත්කරගැනීමට සමූහය සමත්ව ඇති අතර, එම සාර්ථකත්වය පසුපස රැඳි ප්‍රධානම හේතුව 6,000කට වැඩි CBL  සේවක පිරිස බව ශියා වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය. සේවකයින් සම්බන්ධ කටයුතු සවිමත් කිරීම සහ නව සාමාන්‍යය තත්ත්වය තුළ පරිවර්තනයකට මඟපෙන්වීමට සමූහයේ හා අනුබද්ධිත ආයතන තුළ ප්‍රධාන අවධානයක් පැවති බව ද ඇය වැඩිදුරටත් විස්තර කළාය. සේවකයින්ට මුල් තැනක් ලබාදීම තුළ CBL හි රැකියා ස්ථාන සංස්කෘතිය තවදුරටත් ශක්තිමත් වී තිබේ. ව්‍යාපාර ක්‍රියාවලි ශක්තිමත් කිරීම මෙන්ම නව අභියෝග හමුවේ ක්‍රියාකිරීම සඳහා සේවකයින්ට ඵලදායී ලෙස සහාය විය හැකි ආකාරය පිළිබඳව ද CBL සමූහය තම අවධානය යොමු කර තිබුණි. මෙම සැළකිල්ල සහ අවධානය CBL  හි සැපයුම් දාම පාර්ශ්වකරුවන් වෙත ද හිමිවිය. එනම් 2020/21 වසරේදී රුපියල් බිලියන 5කට අධික වටිනාකමින් යුත් කෘෂි නිෂ්පාදන සමූහය විසින් මිලට ගනු ලැබූ අතර, තම බෙදාහැරීම් නියෝජිත ජාලයට ද අනාගත අවදානම් සඳහා කල්තබා සූදානම් වීමට අවශ්‍ය සහාය ලබාදුනි. තව ද  ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව හා එක්ව තම බෙදාහැරීමේ ජාලය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීමට ද පියවර ගත් අතර සමස්ත සමාජයේ දියුණුව සහ සංවර්ධනය සඳහාද විවිධ අයුරින් සහය විය.

CBL සමූහයේ කටයුතු පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.cbllk.com වෙත පිවිසෙන්න.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව