Cash Bonanza ජයග්‍රාහකයාට 32 වැනි අති සුඛෝපභෝගී මෝටර් රථය පිරිනමමින් මොබිටෙල් 2019 අති උත්කර්ෂවත් අන්දමින් නිමා කරයි

Image-1

තමන් ලබාදුන් පොරොන්දු ඉහළින්ම ඉටුකරමින් පාරිභෝගිකයන්ට සුඛෝපභෝගී ත්‍යාග සහ විශ්මයන් කැන්ඳූ මොබිටෙල් විසින් 2019 වසර අවසානයේ කෑෂ් බොනැන්සා දිනුම් ඇඳීමේදී නොවැම්බර් මාසයට හිමි බෙන්ස් රථය අලව්වේ කුසුමාවතී ධර්මසේන මහත්මියට ප්‍රදානය කළේය. එහි දෙවන ත්‍යාගය ලෙස ලක්ෂ දහයක සුපිරි මුදල් ත්‍යාගය එල්.කේ. නිල්මිණී දිනාගත් අතර එස්.එම්.පී. ප්‍රියංගිකා ලක්ෂ පහක මුදල් ත්‍යාගය හිමිකරගත්තේය. කෑෂ් බොනැන්සා දිනුම් ඇඳීමේ ජයග්‍රාහකයාට අතිසුඛෝපභෝගී නවතම බෙන්ස් රථයක් ලබාදීම මොබිටෙල් විසින් සිදුකරන අතර දිගින් දිගටම ශ්‍රී ලංකාවේ සාර්ථකම සහ විශාලම ත්‍යාග ලබාදෙන වැඩසටහන ලෙස මෙය කා අතරත් ප්‍රචලිත වී තිබේ. මීට අමතරව දෛනිකව සහ මාස තුනකට සැරයක් සිදුකරන දිනුම් ඇඳීම්වලදී ජයග්‍රහණය ලබන වාසනාවන්තයන් එක් අයෙකුට රුපියල් 500 බැගින් ජයග්‍රාහකයන් දෙලක්ෂවිසිදාහකට මිලියන එකසිය අනූවකට වැඩි අතිවිශාල මුදල් ප්‍රමාණයක් වසර පුරා ලබාදීම සිදුකරයි. මෙවැනි ව්‍යාපාර ප්‍රවර්ධන වැඩසටහනක් සහිත ශ්‍රී ලංකාවේ එකම සන්නිවේදන ජාලය ලෙස මොබිටෙල් ආයතනය සිය නාමය ඉහළින්ම සනිටුහන් කරගෙන ඇත.

මෙම වසරේදී වීරකැටිය ප්‍රදේශයේ ජනතාවට සතුට විනෝදාස්වාදය රැගෙන එමින් කෑෂ් බොනැන්සා දිනුම් ඇඳීමේ වැඩසටහන වීරකැටිය ජෝර්ජ් රාජපක්ෂ පොදු ක්‍රීඩා භූමියේදී පැවැත්වීය. එම ස්ථානයේ සැණකෙලියක සිරි මවමින් සියලු ක්‍රියාකාරකම් සංවිධානය කරතිබුණු අතර මොබිටෙල් ආයතනයේ ප්‍රධානත්වයෙන් විවිධ වැඩසටහන් මෙන්ම සමාජ වගකීම් වැඩසටහන් කිහිපයක් සංවිධානය කළේය.

උපහාර පාරිභෝගිකයන් අතර නොමිලේ ඇස් කණ්ණාඩි 1000කට වඩා බෙදාදීම සහ එම ස්ථානයේ ස්ථාපිත කරතිබුණු ජාතික හැඳුනුම්පත් ලියාපදිංචි කිරීමේ වෙළඳකුටිය හරහා තමන්ගේ ජාතික හැඳුනුම්පත් අලුත්කරවාගැනීමට සැමට අවස්ථාව හිමි කරදෙනු ලැබීය. මීට අමතරව පරණ පරිගණක, ජංගම දුරකථන බැට්රි, අබලන් මුද්‍රණ යන්ත්‍ර සහ අනෙකුත් E- කසල ගෙනත් භාරදීමට හැකියාව ඇති E- කසල එකතුකිරීමේ කුටියක් ද ස්ථාපිත කරතිබුණු අතර කෑෂ් බොනැන්සා වැඩසටහනට පැමිණි අමුත්තන්ට තමන්ගේ E- කසල ඊට භාරදෙන ලෙස දැනුවත්කිරීමේ වැඩසටහනක් ද දියත් කළේය. නිවැරදි පාරිසරික ප්‍රමිතීන් වලට අනුව E- කසල බැහැර කිරීමේ ක්‍රමවේදයක් තුළින් පරිසරයට සිදුවන හානිකර බලපෑම අවම කිරීම මෙහි අරමුණයි.

සියලුම පෙර ගෙවුම්, පසුගෙවුම් සහ බ්‍රෝඞ්බෑන්ඞ් සබඳතාවන් සඳහා සිදුකරන රුපියල් 50ක් හෝ ඊට වැඩි රීචාර්ජ් කිරීමක් හෝ බිල්ගෙවීමක් මෙම මොබිටෙල් කෑෂ් බොනැන්සා තරඟයේ දිනුම් ඇඳීමට ස්වංක්‍රීයව ඇතුළත් වේ. පෙර ගෙවුම් පැකේජ ඇති පාරිභෝගිකයන්ට දිනාගත් අගයට සමාන කතා කාලයක් ලබාගැනීමේ හැකියාව සහ පසු ගෙවුම් පැකේජ ඇති පාරිභෝගිකයන්ට තමන් දිනාගත් අගයට සමාන අගයක් තමන් සතු බිලේ අගයෙන් අඩුකිරීම සිදුකරයි. ජයග්‍රහකයන්ව තැපැල් මඟින් සම්බන්ධකර ගැනීම සහ මොබිටෙල් පාරිභෝගික සේවා අංකයවන 0172755777 අංකයෙන් සම්බන්ධ කරගැනීම සිදුවන අතර ජයග්‍රහණය කළ ඕනෑම ත්‍යාගයක් ලබාදීම සඳහා කිසිදු අයකිරීමක් ලබානොගනී.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව