Canon හා Metropolitan සමාගම් එක් වී Canon Image Square කොළඹ ලිබර්ටි ප්ලාසාහිදී විවෘත කරයි

IMAGE -1 (LBN)

Canon සමාගමේ ශ්‍රී ලංකාවේ බලය ලත් එකම අලෙවි නියෝජිත ආයතනය වන Metropolitan ආයතනය ආරම්භ කළ නවතම මාදිලියේ Canon Image Square ප්‍රදර්ශනාගාරය පසුගියදා කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේදී අභිමානවත් ලෙස විවෘත කරන ලදී. Canon සමාගමේ සුවිශේෂ සන්ධිස්ථානයක් වන මෙයට සමගාමීව Canon – Metropolitan හවුල්කාරීත්වයට වසර 50ක් සම්පූර්ණ වේ. එම සමාගම් දෙක පසුගිය වසර 50ක කාලය පුරා නව්‍ය, ගුණාත්මක සහ විශිෂ්ට Canon නිෂ්පාදන රැසක් ශ්‍රී ලාංකික වෙළෙඳපොළට නිකුත් කර ඇත. Canon Image Square ප්‍රදර්ශනාගාරය සඳුදා සිට සෙනසුරාදා දක්වා විවෘතව ඇති අතර එහි පැමිණෙන පාරිභෝගිකයන්ට Canon සමාගමේ නවතම තාක්ෂණයෙන් යුතු නිෂ්පාදන අත් හදා බැලීමට සහ අත් විඳීමට අවස්ථාව ලැබේ.
 



 

Canon Image Square ප්‍රදර්ශනාගාරය සියලු වර්ගයේ Canon කැමරා, Lens සහ අනෙකුත් සියලු උපාංගවලින් සමන්විත වන අතර ඒවා සම්බන්ධයෙන් සියලු තොරතුරු ලබා දෙමින් පාරිභෝගිකයන්ට සහාය වීමට වෘත්තීය දැනුමෙන් සපිරි කාර්ය මණ්ඩලයක්ද එහි සිටී. මෙම ප්‍රදර්ශනාගාරය කේන්ද්‍ර කර ගෙන ඡායාරූපකරණ, සිනමාකරණ සහ Vlogging වැනි ක්ෂේත්‍රවල වෘත්තිකයන්ට අලුත් දෑ ඉගැනීමට, දැනුම හුවමාරු කර ගැනීමට සහ කුසලතා වැඩි දියුණු කර ගැනීමට උපකාර වන වැඩමුළු, ප්‍රදර්ශන සහ වෙනත් විවිධ වැඩසටහන් සංවිධානය කිරීමටද සැළසුම් කර ඇත. ඒ තුළින් උපාංග අලෙවි කිරීමට පමණක් සීමා නොවී නිර්මාණශීලී බව නඟා සිටුවීමටත්, පෝෂණය කිරීමටත්, දේශීය දෘශ්‍ය කලාව පෝෂණය කිරීමටත් Canon සමාගම සතු කැපවීම තහවුරු වේ. ඡායාරූපකරණ සහ සිනමාකරණ ක්ෂේත්‍රවල දියුණුව සඳහා පසුගිය කාලය පුරා කැපී පෙනෙන සේවාවක් කර ඇති Canon සහ Metropolitan සමාගම් අතර ඇති කර ගෙන තිබෙන 50 වසරක නොසැලෙන හවුල්කාරිත්වය මේ තුළින් වඩාත් ශක්තිමත් වන අතර ඔවුන් මෙතෙක් සිදු කළ සේවාව නව මානයකට රැගෙන යාමට මෙම ප්‍රදර්ශනාගාරය ඉවහල් වනු ඇත. මෙම අවස්ථාවට අයිවර් මහරූෆ් (මෙට්‍රොපොලිටන් සමූහයේ නියෝජ්‍ය සභාපති), එල්. ජේ. අම්බානි (සම සභාපති), දිනේෂ් අම්බානි (සභාපති), ටොෂියුකි ඉෂී (සභාපති / ප්‍රධාන විධායක නිලධාරී – Canon Singapore), තස්ලීම් රහමන් (අධ්‍යක්ෂ – මෙට්‍රොපොලිටන් සමූහය), ටකාෂි ඉචිනොමියා (අධ්‍යක්ෂ – ICB, Canon Singapore) සහභාගී වූහ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව