Candil Products Pvt Ltd ව්‍යවසායකත්ව සම්මානයෙන් පිදුම් ලබයි

CANDIL (LBN)

පෝෂණ ගුණයෙන් සපිරි ආහාර ද්‍රව්‍ය නිපදවන Candil Products Pvt Ltd බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී නිෂ්පාදන හා කර්මාන්ත අංශයේ විශිෂ්ටම ව්‍යාපාරය ලෙස දෙවන වරටත් සම්මාන ලැබුවේය. 2020දී ගෘහස්ථ ව්‍යාපාරයක් ලෙස කඩුවෙලදී ඇරැඹූ එම ආයතනය 2021දී Candil Products Pvt Ltd ලෙස සමාගම් මැදුරේ ලියාපදිංචි කර ඇත. කෘතිම වර්ණක, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය, වෙනත් රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව ස්වාභාවික දේශීය අමුද්‍රව්‍යවලින් ආහාර ද්‍රව්‍ය නිපදවන එම සමාගම කෙටි කාලයකින් ශීඝ්‍ර වර්ධනයක් ලබා තිබේ. Candil Products නිෂ්පාදන අතර පෝෂණ ගුණයෙන් පිරි ඉඳිආප්ප පිටි ප්‍රධාන වේ. මුරුංගා, නිල් කටරොළු, වට්ටක්කා, බීට් රූට්, කුරක්කන් ආදියෙන් සැකැසූ ඉඳිආප්ප පිටි ග්‍රෑම් 500 පැකැට් සහ ග්‍රෑම් 600 බඳුන් ආකාරයෙන් මිල දී ගත හැකිය. වර්ණ පහකින් හා ගුණ පහකින් යුතු ඉඳිආප්ප පිටි වර්ගවලින් සමන්විත Five-In-One පැකේජයක් වෙළෙඳපොළට හඳුන්වා දුන් ලොව එකම සහ පළමු සමාගම වන Candil Products නිල් කටරොළු සහ මුරුංගා පිටි වශයෙන්ද තේ බෑග් වශයෙන්ද වෙළෙඳපොළට නිකුත් කරයි. ඔවුන්ගේ අනෙකුත් නිෂ්පාදන අතරට වට්ටක්කා, දන්දිල, කැරට්, බීට්රූට් පිටි, කිරිපිටි වෙනුවට ධාන්‍ය වර්ග 15ක් මිශ්‍ර කැඳ විශේෂය ඇතුළු ස්වාභාවික කැඳ වර්ග, මුරුංගා සහ බිම්මල් සුප්, වට්ටක්කා සුප්, වසර 300ක් පැරැණි ඖෂධීය වට්ටෝරුවක් අනුව නිපදවන තැම්බුම් හොදි, Spicy Soup ඇතුළත් වේ.

ජාත්‍යන්තරව පිළිගත් පර්යේෂණාගාරවල කළ පර්යේෂණවලින් ඔවුන්ගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය තහවුරු කර ඇත. සුපිරි වෙළෙඳසැල් සහ කාබනික නිෂ්පාදන අලෙවිසැල්වලින් එම නිෂ්පාදන මිලට ගත හැකිය. වක්‍රාකාරයෙන් විදේශ වෙළෙඳපොළටද නිෂ්පාදන යොමු කරන එම සමාගම ශක්තිමත් බෙදා හැරීම් ජාලයක් ඇති කිරීමටත්, විශේෂ නිල් කටරොළු මල් වගා ව්‍යාපෘතියක් දියත් කිරීමෙන් රැකියා උත්පාදනයටත්, අමුද්‍රව්‍ය නිෂ්පාදනයට ප්‍රදේශවාසීන් යොමු කිරීමෙන් ඔවුන් ආර්ථික වශයෙන් බල ගැන්වීමටත් කටයුතු කරයි. එම සමාගම 2023දී බස්නාහිර පළාතේ විශිෂ්ටම ව්‍යවසායකයා සම්මානයත්, 2023දී තිරසාර සංවර්ධනයක් උදෙසා වූ වෙළෙඳ ප්‍රදර්ශනයේදී ආහාර අංශයේ ප්‍රථම ස්ථානයත්, 2022දී ලෝක ජනාවාස දින සැමරුම් ප්‍රදර්ශනයේදී හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතින් ආහාර අංශයේ දෙවන ස්ථානයත් දිනා තිබේ. එම සමාගම මෙම ජයග්‍රහණය පිළිබඳව කාර්ය මණ්ඩලයට, බෙදා හැරීමේ නියෝජිතවරුන්ට, වෙළෙඳසැල් හිමියන්ට සහ තමන් කෙරෙහි විශ්වාසය තැබූ  පාරිභෝගික භවතුන්ට ස්තුතිය පළ කළේය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව