
- ලොව පුරා සිසුන් 680,000 කට අධික සංඛ්‍යාවකගේ 2025 ජුනි විභාග ප්‍රතිඵල නිකුත් කරයි – සංඛ්‍යාත්මකව 9% ක වැඩිවීමක්
- මීට පෙර AS සහ A Level ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව, Cambridge IGCSE සහ O Level විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ.
2025 අගෝස්තු 25, කොළඹ: මේ මොහොතේ ලෝකය වේගවත් තාක්ෂණික දියුණුවක් කරා ගමන් කරමින් සිටින අතර, දේශගුණික විපර්යාසවල බලපෑම්වලට මෙන්ම භූ දේශපාලනික වෙනස්කම්වලට මුහුණ දීමට රටවල් රැසකට සිදු වී තිබේ. මෙවැනි තත්වයක් හමුවේ ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් ජාත්‍යන්තර අධ්‍යාපනය වෙත යොමුවෙමින් සිටින අතර, Cambridge International Education (Cambridge) ජාත්‍යන්තර අධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත් වී ඇත.
Cambridge විසින් පසුගියදා ලොව පුරා සිසුන් 680,000 කට අධික සංඛ්‍යාවක් පෙනී සිටි 2025 ජුනි විභාග මාලාවේ ප්‍රතිඵල නිකුත් කරන ලදි. මෙවර එම විභාගවලට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 9% කින් ඉහළ ගොස් ඇත. මෙමගින් පිළිබිඹු වන්නේ ගෝලීය තත්වයන්ට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර අධ්‍යාපනය වෙත යොමු වීමේ ප්‍රවණතාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවයි. 2025 ජුනි මාසයේදී මීළඟ විභාග මාලාව සඳහා අයදුම් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාවද ගෝලීය වශයෙන් මිලියන 1.7 කට ආසන්න සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 7% ක වර්ධනයකි.
නව ප්‍රතිඵල නිකුතුව යටතේ ශ්‍රී ලංකාවේ පාසල් 33 කින් සිසුන් 1,800 කට අධික සංඛ්‍යාවකගේ Cambridge IGCSE සහ O Level විභාග ප්‍රතිඵල නිකුත් කරන ලදි. සමස්තයක් වශයෙන්, 2025 ජුනි මස Cambridge IGCSE සහ O Level විභාග සඳහා අයදුම් කළ සංඛ්‍යාව 9,500 කින් ඉහළ ගොස් තිබිණි. Cambridge IGCSE විභාගවලට අදාළ විෂයන් අතරින් වඩාත්ම ජනප්‍රිය විෂයයන් වූයේ ගණිතය, පළමු භාෂාව ලෙස ඉංග්‍රීසි, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, ව්‍යාපාර අධ්‍යයනය සහ භෞතික විද්‍යාව යන විෂයන් වන අතර, Cambridge O Level සඳහා ඉංග්‍රීසි භාෂාව, ගණිතය, පරිගණක විද්‍යාව, භෞතික විද්‍යාව සහ ජීව විද්‍යාව යන විෂයන්ට වැඩි ඉල්ලුමක් පැවතිණි.
Cambridge International AS සහ A Level ප්‍රතිඵල අගෝස්තු 12 වන දින ශ්‍රී ලංකාව පුරා පාසල්වල සිසුන් 1,600 කට අධික සංඛ්‍යාවක් වෙත නිකුත් කරන ලද අතර, එම ප්‍රතිඵල මඟින් ඔවුන්ට අනාගතයේදී ලොව ඉහළම තලයේ විශ්ව විද්‍යාල සහ රැකියා සඳහා අවස්ථා රාශියක් උදා වනු ඇත. 2025 ජුනි විභාග මාලාවේ Cambridge International AS සහ A Level විභාග සඳහා 4,450 කට අධික පිරිසක් අයදුම් කර තිබිණි. එහිදී වඩාත්ම ජනප්‍රිය විෂයයන් වූයේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, ජීව විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනයයි.
“අගෝස්තු මාසයේදී Cambridge ප්‍රතිඵල ලැබූ සියලුම සිසු සිසුවියන්ට අපගේ උණුසුම් සුබ පැතුම්! අනාගත අභියෝගවලට මුහුණ දීමේ හැකියාව ඇති ගෝලීය පුරවැසියන් බවට පත් වීම සඳහා ඔවුන් තුළ ඇති උනන්දුව මෙම ප්‍රතිඵල මඟින් මැනැවින් පිළිබිඹු වෙනවා. Cambridge හි අප විශ්වාස කරන්නේ අධ්‍යාපනය යනු අර්ථවත් පරිවර්තන සඳහා පිටුබලය සපයන බලවේගයක් බවයි. එය වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින ලෝකයක දියුණු කරා යාමට අත්‍යවශ්‍ය වන කුසලතා සහ ආත්ම විශ්වාසය ලබා දෙනවා.” Cambridge හි දකුණු ආසියාවේ ජාත්‍යන්තර අධ්‍යාපනය පිළිබඳ උප සභාපති විනේ ෂර්මා මහතා පැවසීය.
“ශ්‍රී ලංකාව යනු Cambridge විභාග සඳහා විශාල ඉල්ලුමක් ඇති රටක්. ගෝලීය අභියෝගවලට මුහුණ දීමට සූදානම් සිසු පරපුරක් බිහිකිරීම සඳහා මේ ආකාරයට අපගේ හවුල්කාර පාසල් සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අප බෙහෙවින් සතුටු වනවා. Cambridge හි උසස් ප්‍රමිතිය මෙන්ම, දේශීය අධ්‍යාපනයේ උන්නතිය සඳහා Cambridge දක්වන උනන්දුව හා කැපවීම පිළිබිඹු වන ආකාරයට, රටේ පාසල්වලටත් ඒවායෙහි ඉගෙනුම ලබන සිසු සිසුවියන්ටත් අත්වැලක් වීමට ශ්‍රී ලංකාවේ සිටින අපගේ නියෝජිතයන් සූදානමින් සිටිනවා. මේ වන විට ගුරු වෘත්තියේ උන්නතිය උදෙසා සිදුකරන ආයෝජන මෙන්ම, විශ්වාසනීය සහ විෂය මාලාවට අනුකූල සම්පත් භාවිතය ඉහළ යමින් පැවතීම අප දිරිගන්වනසුලුයි. එමඟින් සිසුන්ට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සාර්ථක වීමට හැකි පසුබිමක් නිතැතින්ම නිර්මාණය වනවා.” කේම්බ්‍රිජ් හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රධානී සහරා අන්සාරි මහත්මිය පැවසුවාය.
ලොව පුරා ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා ඇති ඉල්ලුම ඉහළට
පසුගිය වසර පහ තුළ ජුනි මාසයේ Cambridge විභාග සඳහා සිසුන් ඉදිරිපත් කරන පාසල් සංඛ්‍යාව 38% කින් ඉහළ ගොස් ඇති අතර, ශිෂ්‍ය ලියාපදිංචි වීම් 74% කින් ඉහළ ගොස් තිබේ. සමස්තයක් වශයෙන් ගත් විට, ලොව රටවල් 149 ක Cambridge ජාත්‍යන්තර පාසල් 5,507 ක් 2025 ජුනි මස විභාග සඳහා සිසුන් ඉදිරිපත් කර තිබිණි.
මෙම වර්ධනය Cambridge වැඩසටහන්වල ගුණාත්මකභාවය තහවුරු කරන අතරම, සිසුන්ගේ, දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ ආකල්පවල තීරණාත්මක වෙනසක් පිළිබිඹු කරයි. එම වෙනස නම්, ජාත්‍යන්තර වශයෙන් අධ්‍යාපනය ලැබීම සහ රැකියා කිරීම සඳහා අවශ්‍ය කුසලතා මෙන්ම පවතින තත්වයන්ට අනුගත වීමේ හැකියාව වර්ධනය කරන, සැබෑ ලෝකයේ ගැටලු සමඟ ගනුදෙනු කිරීම සඳහා අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාදෙන අධ්‍යාපනයක් අවශ්‍ය බවට ඔවුන් තුළ විශ්වාසයක් ගොඩනැංවී තිබීමයි.
ජාත්‍යන්තර විභාග සම්බන්ධයෙන් වසර 160 කට වැඩි පළපුරුද්දක් ඇති Cambridge මේ වන විට වාර්ෂිකව සිසුන් මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් වෙත සිය සේවාවන් සපයයි. එහි විභාග අතරට ඇතුළත් වී ඇති, කුඩා දරුවන් සඳහා වන Cambridge Checkpoint මෙන්ම Cambridge IGCSE, O Level, International AS & A Level සහ International Project Qualification වැනි විභාග හා සුදුසුකම් සඳහා ලොව පුරා පාසල් සහ විශ්ව විද්‍යාල වෙතින් ඉහළ පිළිගැනීමක් හිමි වේ.


