British Council විසින් ලංකාවේ ප්‍රමුඛතම Cambridge English මධ්‍යස්ථාන අගයයි.

British Council 3 (LBN)

ශ්‍රී ලංකාවේ British Council ආයතනය විසින් පසුගියදා Cambridge English ලියාපදිංචි මධ්‍යස්ථාන ඇගයීම සඳහා විශේෂ සම්මාන උළෙලක් පවත්වන ලදි. වසර ගණනාවක පටන් විභාග සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලියාපදිංචි කිරීමත්, British Council සේවාවන් වැඩි පිරිසක් වෙත ව්‍යාප්ත කිරීම සඳහාත් Cambridge මධ්‍යස්ථාන මගින් ලැබුණු දායකත්වය ඇගයීම එහි ප්‍රධානතම අරමුණ විය. ඊට අමතරව 2024 වසරේදී  British Council ආයතනය විසින් ශ්‍රී ලංකාවේදී සහ මාලදිවයිනේදී පවත්වන ලද Cambridge English විභාගවලදී ඉහළම ලකුණු ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 74 දෙනෙක්ද මෙහිදී ඇගයීමට ලක්විය.
 



 
පසුගිය කාලය තුළ පෙන්නුම් කළ විශිෂ්ට සාර්ථකත්වය වෙනුවෙන් ලියාපදිංචි මධ්‍යස්ථාන කිහිපයකට විශේෂ සම්මාන හිමි විය. මෙහිදී ප්ලැටිනම් සම්මානය දිනාගන්නා ලද්දේ Cambridge College of British English විසිනි. ඊට අමතරව රන් සම්මානය මහරගම ESOL College International විසින්ද, රිදී සම්මානය මීගමුවේ Institute of British Examinations විසින්ද, ලෝකඩ සම්මානය ගාල්ලේ Lucyden Speech School විසින්ද දිනාගන්නා ලදි.

සම්මාන උළෙලේ තවත් ප්‍රධාන විශේෂාංගයක් වූයේ, ශ්‍රී ලංකාවේ සෑම පළාතකින්ම ප්‍රමාණාත්මකව ඉහළම දායකත්වය දැක්වූ ආයතනය සහ මාලදිවයිනේ ආයතන අතරින් ඉහළම දායකත්වය දැක්වූ ආයතනය ඇගයීමයි. මෙම කාණ්ඩවල ජයග්‍රාහකයන් 10 දෙනෙකු තෝරාගෙන ඔවුන් වෙත විශේෂ සම්මාන පිරිනමන ලදි.

එමෙන්ම 2024 වසරේදී Cambridge English ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථාන ලෙස British Council වෙත ලබා දුන් දායකත්වය ඇගයීම උදෙසා බස්නාහිර පළාතේ තවත් මධ්‍යස්ථාන දහයකට විශේෂ සම්මාන ප්‍රදානය කරන ලදි.

ඊට අමතරව, ලියාපදිංචි මධ්‍යස්ථානයක් වශයෙන් British Council හි සාර්ථකත්වයට සුවිශාල දායකත්වයක් ලබාදුන් ගුරුවරුන් දෙදෙනෙකුට සහ මධ්‍යස්ථාන 4 කට මෙම සම්මාන උළෙලේදී යාවජීව සාර්ථකත්ව සම්මාන හිමි වූ අතර, 2002 වසරේ සිටම British Council සමග එක්ව කටයුතු කරන මඩකලපුවේ Headway School of Languages ආයතනයට ඒ අතරින් එක් සම්මානයක් හිමි විය.

සම්මාන උළෙලේ ‘Rising Star’ සම්මානය දිනාගැනීමට සමත් වූයේ 2024 වසරේදී British Council Sri Lanka වෙනුවෙන් Cambridge English විභාග සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල සංඛ්‍යාවක් ලියාපදිංචි කරවූ ගම්පහ Liviniya English Academy ආයතනයයි.

British Council හි මෙරට අධ්‍යක්ෂ ඔර්ලැන්ඩෝ එඩ්වර්ඩ්ස්, British Council හි ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ විභාග අධ්‍යක්ෂ ඩොමිනික් හඩ්සන් සහ Cambridge University Press and Assessment හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී – ජාත්‍යන්තර ව්‍යාපාර හා නිෂ්පාදන විසඳුම් ප්‍රියංකා මුකර්ජී යන මහත්ම මහත්මීන් සම්මාන උළෙලේ සම්භාවනීය ආරාධිතයන් ලෙස එක් වූ අතර, ශ්‍රී ලංකාව සහ මාලදිවයින නියෝජනය කරමින් 350 කට අධික පිරිසක් ඊට සහභාගී වූහ.

British Council ආයතනය දීර්ඝ කාලයක පටන් සාර්ථක ලෙස ලොව පුරා Cambridge English විභාග පවත්වා ඇති අතර, එම සුදුසුකම්වල පිළිගැනීම ඉහළම මට්ටමින් පවත්වා ගැනීමටද සුවිශාල දායකත්වයක් ලබා දී තිබේ. පසුගිය වසර 34 ක කාලය තුළ Cambridge University Press and Assessment  සමග සමීපව කටයුතු කරමින් ශ්‍රී ලංකාව තුළ සුරක්ෂිත, සාධාරණ හා විශ්වාසනීය ලෙස විභාග පැවැත්වීමට British Council ආයතනය පියවර ගෙන ඇත. සිය මෙහෙවර වෙනුවෙන් 2024 වසරේදී Platinum Centre තත්වය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ British Council ආයතනය සමත් වූ අතර, දකුණු ආසියානු කලාපයේ Cambridge English බලයලත් ආයතනයකට එම තත්වය හිමි වූ ප්‍රථම අවස්ථාව එය විය.

ශ්‍රී ලංකාව තුළ Cambridge English බලයලත් මධ්‍යස්ථාන තත්වය හිමි වූ ප්‍රථම ආයතනය මෙන්ම Cambridge English සුදුසුකම් සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයා වන්නේ British Council ආයතනයයි. මේ වන විට ශ්‍රී ලංකාවේ පළාත් 9 පුරා සහ මාලදිවයිනේ දූපත් 3 ක පිහිටා ඇති British Council හි හවුල්කාර ලියාපදිංචි මධ්‍යස්ථාන 250 කට අධික සංඛ්‍යාවක් මගින් Cambridge English විභාග සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සූදානම් කරවනු ලබයි.

“වර්තමාන 2024-25 මූල්‍ය වර්ෂයේ Cambridge English විභාග සම්බන්ධයෙන් ඉහළම ප්‍රමාණාත්මක අගයන් වාර්තා කිරීමට British Council ආයතනය සමත් වී ඇති අතර  මෙම සාර්ථකත්වය අත්කර ගැනීමට හැකි වූ හේතුව වනුයේ ඔවුන්ගේ ලියාපදිංචි මධ්‍යස්ථාන මගින් ලබාදුන් දැවැන්ත සහයෝගයයි. මෙම තත්වය තවත් වර්ධනය කිරීම සඳහා ගුරු පුහුණු වැඩමුළු සහ දැනුවත් කිරීමේ සැසි ආදිය හරහා ලියාපදිංචි මධ්‍යස්ථානවලට ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වර්ධනය කරගැනීමට British Council ආයතනය දිගින් දිගටම අත්වැලක් වීමට අප බලාපොරොත්තු වන අතර එමගින් එක්සත් රාජධානියේ අධ්‍යාපනික සුදුසුකම් ලබාගැනීමට අපේක්ෂා කරන සිසුන් බොහෝ දෙනෙකුගේ ජීවිතවලට යහපත් බලපෑමක් ඇතිකිරීමට British Council ආයතනය බලාපොරොත්තු වන අතර ලියාපදිංචි මධ්‍යස්ථාන හරහා දිවයිනේ සෑම පළාතකම ජීවත් වන සිසුන්ට Cambridge English විභාග සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව සලසා දීම ඔවුන්ගේ අරමුණ බව British Council හි ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ විභාග අධ්‍යක්ෂ ඩොමිනික් හඩ්සන් මහත පැවසුවය.

 
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + nine =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව