British Council IELTS විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් වෙනුවෙන් දැන් “IELTS Ready: Premium”

IELTS (LBN)

 



 

 

British Council IELTS පිරිනමන නවතම සේවාව වන IELTS Ready: Premium හඳුන්වා දීම පසුගියදා සිදුවිය. මෙය IELTS  විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට අත්වැලක් වීම සඳහා British Council විසින් හඳුන්වා දෙන ලද නවතම සේවාවයි.

IELTS Ready: Premium සේවාවට IELTS ආදර්ශ පරීක්ෂණ 40 ක් සහ පටිගත කරන ලද පාඩම් මාලාවක් ඇතුළත් වන අතර, ඉංග්‍රීසි ස්වභාෂකයන් (Native English speakers) වන IELTS විශේෂඥයන් විසින් උපදෙස් හා මගපෙන්වීම් ලබාදීම සිදුකෙරේ. කාලය සීමිත සහ කාලය සීමිත නොවන ක්‍රමවලට ආදර්ශ පරීක්ෂණවලට පිළිතුරු ලබාදිය හැකි අතර, පරීක්ෂණයට පෙනී සිටිනන්නට වඩාත්ම ප්‍රයෝජනවත් වන ආකාරයට පිළිතුරු විශ්ලේෂණය කිරීම සිදුකරනු ලබයි.

IELTS Ready: Premium පදනම බලගන්වනු ලබන්නේ, ලන්ඩන් නගරය පදනම් කරගත් ඩිජිටල් ඉංග්‍රීසි ඉගෙනුම් සේවා සම්පාදක සමාගමක් වන GEL මගිනි.

පරිශීලකයන්ට IELTS Ready: Premium වෙතින් පහත සඳහන් සහයන් ලබාගත හැකි වේ.

  • පරීක්ෂකවරුන් සැලකිලිමත් වනුයේ කුමන කරුණු සම්බන්ධයෙන්ද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගනිමින්, අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබාගැනීමට උපකාරී වන ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු
  • කියවීම් සහ සවන් දීම් ප්‍රශ්නවලට අදාළ ප්‍රතිචාර
  • අයදුම්කරුවන් වැඩිදියුණු කරගත යුතු අංශ සඳහා විශේෂ මගපෙන්වීම්
  • පරීක්ෂණයට මුහුණ දීමට හුරු කරවන වීඩියෝ දර්ශන

 

ILETS පරීක්ෂණයට පෙනී සිටීම සඳහා British Council හි ලියාපදිංචි වන අයදුම්කරුවන්ට, ලියාපදිංචියේ සිට පරීක්ෂණය පැවැත්වෙන තුරුම IELTS Ready: Premium සේවාව සීමාවකින් තොරව නොමිලේ භාවිතා කළ හැකි වේ.

නියමු ව්‍යාපෘතියක් වශයෙන් IELTS Ready: Premium සේවාව අත්හදා බලන ලද කාලසීමාව තුළ, IELTS විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන්නන් වෙතින් එයට ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබිණි. තමන්ට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබාගැනීමට එම සේවාව උපකාරී වූ බව අයදුම්කරුවන් අතරින් 97% ක් පැවසූ අතර, එය වෙනත් අයටද නිර්දේශ කරන බව 98% ක් පැවසූහ.

“අපට අවශ්‍ය වන්නේ විදේශ රටවල ජීවත් වීමට, රැකියාවල නිරත වීමට සහ අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට තම සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදීමටයි. එම අරමුණ වෙනුවෙන් IELTS Ready: Premium සේවාව දියත් කිරීමට ලැබීම අපට මහත් සතුටක්.” British Council හි IELTS අධ්‍යක්ෂ ඇන්ඩෘ මැකෙන්සී මහතා පැවසී ය.

“IELTS පරීක්ෂණය තුළින් අපේක්ෂිත ලකුණු ලබාගනිමින්, ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවල යහපත් ජීවිත ගතකිරීම සඳහා අවස්ථාව උදාකරගැනීමට මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැබෙන හොඳම මෙවලම IELTS Ready: Premium සේවාවයි.” ශ්‍රී ලංකාවේ British Council අධ්‍යක්ෂ ඕලන්ඩෝ එඩ්වඩ්ස් මහතා පැවසී ය.

 

British Council IELTS පිළිබඳව

International English Language Testing System (IELTS) යනු උසස් අධ්‍යාපනය සහ විදේශ සංක්‍රමණය සඳහා ලොව ජනප්‍රියම ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා පරීක්ෂණය ලෙස සැලකේ. අධ්‍යාපන ආයතන, සේවායෝජකයන්, රජයන් සහ වෘත්තීය සංවිධාන ඇතුළුව ලොව සමාගම්, ආයතන හා සංවිධාන 11,5000 කට අධික සංඛ්‍යාවක් IELTS කෙරෙහි විශ්වාසය තබා ඇත. පසුගිය වසරේදී පමණක් ශ්‍රී ලාංකිකයන් 60,000 කට අධික පිරිසක් IELTS විභාගයට පෙනී සිටියහ.

British Council, IDP: IELTS Australia සහ Cambridge Assessment English යන ආයතන IELTS හි සම-හිමිකාරීත්වය දරයි. IELTS පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: www.ielts.org

Guided e-Learning (GEL) පිළිබඳව

Guided e-Learning (GEL) යනු ලන්ඩන් නගරය පදනම් කරගත් ඩිජිටල් ඉංග්‍රීසි ඉගෙනුම් සේවා සම්පාදක සමාගමකි. වසර 15 කට වැඩි පළපුරුද්දක් හිමි GEL ලොව ප්‍රමුඛ පෙළේ ඉංග්‍රීසි ඉගැන්වීම් සේවා සම්පාදකයන් රැසක් සමග එක්ව කටයුතු කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මිලියන ගණනකට තම ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් ඉලක්ක ළඟා කරගැනීමට උපකාරී වී තිබේ. මේ වනවිට GEL විසින් ප්‍රධාන වශයෙන් GEL IELTS prep සහ ඉංග්‍රීසි භාෂා පාසල් සඳහා GELnet යන සේවාවන් පිරිනමනු ලබයි

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව