British Council වෙතින් විශිෂ්ටයන් පිරිසකට IELTS Prize ශිෂ්‍යත්ව

British Council 1 (LBN)

 



 

 

ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6 දෙනෙකුට තමන් කැමති විදේශ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව හිමි වේ.

British Council මගින් සංවිධානය කරන ලද IELTS Prize ත්‍යාග ප්‍රදානෝත්සවය 2023 නොවැම්බර් 27 වන දින කොළඹ පිහිටි British Council පුස්තකාලයේදී පැවැත්විණි. IELTS විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල වාර්තා කළ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6 දෙනෙකුට එහිදී තමන් කැමති විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව හිමි විය.

මේ යටතේ එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විදේශ රටක ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම් සිදුකරන විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීම සඳහා  බ්‍රිතාන්‍ය පවුම් 5,000 ක් දක්වා  මුදලක් හිමි වේ. මෙය ඔවුන්ට තම අධ්‍යාපන සිහින සැබෑකරගැනීම සඳහා  ලැබුණු සුවිශේෂී අත්වැලක් වනු ඇත.

වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගය, IELTS හරහා දේශීය හෝ විදේශීය විශ්ව විද්‍යාලයක ප්‍රථම හෝ පශ්චාත් උපාධි හැදෑරීම සඳහා  ඉල්ලුම් කර ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විවෘත වේ. 2023 ජනවාරි සිට 2024 මාර්තු දක්වා  කාලය තුළ ආරම්භ වන පාඨමාලා  සඳහා අයදුම් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙවර මෙම ශිෂ්‍යත්ව හිමි විය. ශ්‍රී ලංකාව, චීනය, ජපානය, හොංකොං, ඉන්දුනීසියාව, කොරියාව, මැලේසියාව, පිලීපීනය, සිංගප්පූරුව, තායිවානය, තායිලන්තය, වියට්නාමය, බංගලාදේශය, පාකිස්ථානය සහ නේපාලය යන රටවල වෙසෙමින් IELTS පරීක්ෂණයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙවර තරගය සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලැබිණි.

විධිමත් ක්‍රියාවලියකින් අනතුරුව, පහත නම් සඳහන් ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවෝ  මෙම මුදල් ත්‍යාගය සඳහා  සුදුසුකම් ලැබූහ.

පළමු ත්‍යාගය  – සුහාෂී තල්ගස්පිටිය

දෙවැනි ත්‍යාගය – දිලීප ගමගේ

දෙවැනි ත්‍යාගය – රවීෂා වික්‍රමසිංහ

තුන්වැනි ත්‍යාගය – කුශාදිනී මල්ලවාරච්චි

තුන්වැනි ත්‍යාගය – මොහොමඩ් රස්ලාන්

තුන්වැනි ත්‍යාගය – බෙන්ජමින් ධර්මරත්නම්

“මේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සියලුම දෙනාට අපගේ උණුසුම් සුබපැතුම් මෙසේ පිරිනමනවා. IELTS Prize මගින් ඔවුන්ට ජාත්‍යන්තර තලයේ අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය හැදෑරීමට මෙන්ම, විදේශ රටවල සංචාරය කරමින්, නව සංස්කෘතීන් අත්විඳිමින්, ලෝක IELTS ප්‍රජාවේ සාමාජිකයන් බවට පත්වීමටත් අවස්ථාව ලැබෙනවා.” ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වූ British Council Sri Lanka හි අධ්‍යක්ෂ ඕලන්ඩෝ එඩ්වඩ්ස් මහතා පැවසී ය.

ඉදිරියේදී IELTS Prize සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු https://bit.ly/47qVnFQ වෙතින් ලබාගත හැකි වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව