Boutique Fiori හා Sansara Garments නිර්මාතෘ ඈන් ගුණසේකර Woman of Faith සම්මානයෙන් පිදුම් ලබයි

Boutique Fiori and Sansara Garments

Boutique Fiori හා Sansara Garments නිර්මාතෘ ඈන් ගුණසේකර මහත්මිය International Women’s Achievers Awards සම්මාන උළෙලේදී Woman of Faith සම්මානයෙන් පිදුම් ලැබුවාය. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙල ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. ව්‍යවසායකත්වය සහ සමාජ සංවර්ධනය වැනි ක්ෂේත්‍ර ගණනාවක අභිවෘද්ධිය වෙනුවෙන් ඇය සිදු කරන සුවිශේෂ කාර්යභාරය අගයමින් එම සම්මානය පිරිනැමිණි.

 



 

ඈන් ගුණසේකර මහත්මිය ඇරැඹූ Boutique Fiori පසුගිය කාලයේදී ශීඝ්‍ර වර්ධනයක් ලබා ඇත. එම සමාගම ඇඳ ඇතිරිලි, මේස ඇතිරිලි, පුටු ආවරණ, මුළුතැන්ගෙයි උපකරණ සහ අත්කම් නිර්මාණ වැනි නිර්මාණශීලී, තිරසාර සහ පරිසර හිතකාමී නිෂ්පාදන රැසක් දේශීය සහ විදේශීය වශයෙන් අලෙවි කරයි. උසස් තත්ත්වයේ අමුද්‍රව්‍යවලින් සිදු කරන එම නිෂ්පාදනවලට මෙරට පමණක් නොව ලොව පුරා ඇත්තේ විශාල ඉල්ලුමකි. කොබෙයිගනේ, කුරුණෑගල සහ අනුරාධපුර වැනි දුර බැහැර ප්‍රදේශවල තරුණ තරුණියන් ආර්ථික සහ සාමාජීය වශයෙන් බලගැන්වීමටද එම සමාගම කටයුතු කරයි. පාරිභෝගිකයන් Boutique Fiori වෙතින් සිදු කරන සෑම මිලදී ගැනීමක්ම එවැනි ප්‍රදේශවල ජීවත් වන තරුණ නිර්මාණකරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට දායක වේ. 1981දී එක් මහන යන්ත්‍රයකින් සිය ව්‍යවසායකත්ව චාරිකාව ඇරැඹූ ඈන් ගුණසේකර මහත්මිය අභියෝග රැසකට සාර්ථකව මුහුණ දෙමින් වර්තමානයේදී ප්‍රසිද්ධ ව්‍යවසායිකාවක බවට පත් වී ඇත. 1982දී ඉතාලියේ මිලානෝ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේදී සිය අත්කම් නිර්මාණ පළමු වරට ජාත්‍යන්තර වශයෙන් ප්‍රදර්ශනය කළ ඇය ජර්මනියේ බර්ලින් සහ ස්වීඩනයේ ගොතන්බර්ග් වැනි ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන රැසකටද සහභාගී වී ඇත. 1984දී ඇය සේවක සේවිකාවන් 65 දෙනෙකුගෙන් ඇරැඹූ Sansara Garments වර්තමානයේදී මෙරට ඇඟැළුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයකි. නිරන්තරයෙන් සමාජ සේවා  කටයුතුවලද යෙදෙන ඇය කෘෂිකාර්මික, ක්ෂුද්‍ර මූල්‍ය, කාන්තා සවිබල ගැන්වීම වැනි ක්ෂේත්‍ර රැසක් ඔස්සේ රට පුරා දහස් ගණනකගේ ජීවන තත්ත්ව උසස් කිරීමට දායක වී ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව