Boost Hotels සමාගම 2024 ජාතික සංචාරක සම්මාන උළෙලේදී කිරුළු පළඳියි

Boost Hotels

Boost Hotels Pvt Ltd (www.boosthotels.com) ජාත්‍යන්තර මට්ටමේ ආගන්තුක සත්කාර විසඳුම් සැපැයීමේ දශකයකට අධික විශේෂඥ දැනුමක් ඇති ශ්‍රී ලාංකික සමාගමක් ලෙස 2024 ශ්‍රී ලංකා සංචාරක සම්මාන උළෙලේදී ආගන්තුක සත්කාර කර්මාන්තය සඳහා විශිෂ්ටම ව්‍යවසාය කළමනාකරණ පද්ධතිය ලෙස නම් කරමින් සම්මාන දිනා ගත්තේය. මෙම පිළිගැනීම රටේ ප්‍රමුඛතම හෝටල් සහ ආපන ශාලා කළමනාකරණ මෘදුකාංග සපයන්නා ලෙස සමාගමේ ස්ථාවරය තව දුරටත් තහවුරු කරයි. සහෝදර සමාගමක් වන Intahub Pvt Ltd සමඟ ඇති තාක්ෂණික හවුල්කාරිත්වය සමඟින් Boost Hotels ගෝලීය ප්‍රමිති අඛණ්ඩව තහවුරු කර ඇති අතර ආගන්තුක සත්කාර කර්මාන්තය සඳහා එකම වහලක් යටින් සම්පූර්ණ විසඳුම් සමූහයක් සපයයි. හෝටල් සහ සංචාරක සේවා සැපැයුම් සමාගම් හා එම කර්මාන්තයේ නිරත අයට සම්පුර්ණ සේවා මෙහෙයුම් ඉතා පහසුවෙන් හා පැහැදිලිව සියල්ල එකම තැනකින් සිදු කර ගැනීමට හැකි වීම මෙම මෘදුකාංගයේ ඇති වටිනාකමයි.

මෙම නව්‍ය මෘදුකාංගය මාලදිවයිනට සහ ඕස්ට්‍රේලියාවට මෙහෙයුම් ව්‍යාප්ත කරමින් විදේශ විනිමය ගෙන එමින් ආර්ථිකයට දායක වෙමින් දේශීය සහ ජාත්‍යන්තර ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනා ඇත. 2022දී ජාතික විශිෂ්ට ගුණාත්මක මෘදුකාංග ICT සම්මාන උළෙලේදී (NBQSA/ICTA) පිළිගැනුණු Boost Hotels විශ්වාසනීය, උසස් තත්ත්වයේ මෘදුකාංග විසඳුම් සමඟ සත්කාරක අංශය සවිබල ගැන්වීම සඳහා සමාගම දරන කැපවීම මෙම ජයග්‍රහණයෙන් පිළිබිඹු වේ. ජාත්‍යන්තර හවුල්කාරිත්ව ඇති ශ්‍රී ලාංකික සමාගමක් ලෙස Boost Hotels දේශීය ආර්ථිකයට දායක වෙමින් ගෝලීය පරිමාණයෙන් ජාතිය නියෝජනය කරයි. Boost Hotels නිෂ්පාදන හෝටල් සහ ආපන ශාලා කළමනාකරණයේ සම්පූර්ණ මෘදුකාංග අවශ්‍යතාව සම්පුර්ණ කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව