Blue Orbit by Citrus, අන්තර්ක්‍රියාකාරී සූපශාස්ත්‍ර අත්දැකීම් සහිත භෝජන සංග්‍රහයකට නව මුහුණුවරක් ගෙන එයි

WhatsApp Image 2025-02-26 at 3.43.45 PM (LBN)

ශ්‍රී ලංකාවේ උසම සහ එකම කැරකෙන අවන්හල වන Blue Orbit by Citrus, පාරිභෝගිකයින් සඳහා සූපශාස්ත්‍රය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සහිත අවස්ථා උදා කරමින් භෝජන අත්දැකීම්වලට නවමු මුහුණුවරක් ගෙන එයි.  කොළඹ සහ ඉන් ඔබ්බට වන විශ්මයජනක අංශක 360ක දර්ශන පථයක් සහිත Blue Orbit, සෑම අවස්ථාවකදීම ඔබට අද්විතීය සහ සුවිශේෂී භෝජන අත්දැකීමක් ලබා දෙයි.
 



 
අතිදක්ෂ සූපවේදීන් විවිධ රසයන් සහ ශිල්පීය ක්‍රම මනා ලෙස මුසු කළ අනර්ඝ සූපශාස්ත්‍රය යොදා ගනිමින් සෑම ආහාර වට්ටෝරුවක්ම නිර්මාණය කරන ආකාරය, පාරිභෝගික ජනයාට නැරඹීමේ අවස්ථාව හිමි වේ.  සෑම ආහාර වේලක්ම නැවුම්ව සකස් කරන අතර, අමුත්තන්ට ඔවුන්ගේ පෞද්ගලික රුචි අරුචිකම්වලට අනුව ආහාර තෝරා ගැනීමට ද ඉඩ සලසා ඇත.  මෙම අනර්ඝ සූපශාස්ත්‍රයකින් යුතු ආහාර සැකසීමේ  ප්‍රදර්ශනය භෝජන අත්දැකීම්වලට නව්‍ය මුහුණුවරක් එක් කරන අතරම, සෑම අවස්ථාවකටම උද්‍යෝගිමත්, ප්‍රසන්න අත්දැකීම් මුසු කරමින් පාරිභෝගික ප්‍රජාවන් සහ ඉවුම් පිහුම් කලාව අතර එකිනෙක හා බැඳි ගැඹුරු සබඳතාවක් ද නිර්මාණය කරයි.

නැවුම් පාස්තා (pasta) සකසන ස්ථානයේ දී, පාරිභෝගිකයන්ට විවිධ සෝස් වර්ගයන්ගෙන් තමන් කැමති ලෙස සිය රසවත් පාස්තා අත්දැකීම අභිරුචිකරණය කළ හැකි අතරම, සූපවේදීන් එය මනාව සකසන ආකාරය නැරඹීමට ද අවස්ථාව හිමි වේ. Beijing Peking Duck Station හි දී, අමුත්තන්ට සිය රුචිකත්වය පරිදි ක්‍රිස්පි බව, hoisin sauce සහ නැවුම් එළවළු යොදා ගනිමින් duck pancake සකසා ගත හැකිය.  මෙම අත්දැකීම් මාලාවේ තවත් එක් කැපී පෙනෙන අංගයක් වන්නේ චොකලට් කොත්තු සකසන ස්ථානයයි, මෙය ශ්‍රී ලාංකික ප්‍රජාව අතර ජනප්‍රියතම ආහාර වට්ටෝරුවක් වන අතර, එහිදී කැබලි කරන ලද රොටි සමඟ චොකලට්, නට්ස් වර්ග සහ මිහිරි රසයක් එක් කිරීම සඳහා විවිධාකාර වූ ටොපිංස් (toppings) ද මුසු කර ඇත. සැබෑ රසයන් අත්විඳීමට ආශා කරන පිරිස් සඳහා පීසා සකසන ස්ථානයක් ද පවතින අතර, එහිදී ඔවුන්ට නැවුම් ටොපිංස් සහ සෝස් වර්ග යොදාගෙන සිය රුචිකත්වය පරිදි පීසා සාදා ගැනීමේ අවස්ථාව ද හිමි වේ.  සුෂි (Sushi) සකසන ස්ථානයේදී, අතිදක්ෂ සූපවේදීන් පාරිභෝගිකයන් ඉදිරියේදීම නැවුම් සුෂි රෝල් සකස් කරන අතර, ඔවුන්ට ජපන් ආහාර සැකසීමේ ක්‍රමවේද සහ ශිල්පීය කුසලතාවන් පිළිබඳ මනා අවබෝධයක් ලබා දෙයි.

මේ අතර, සෙමින් පිසින ලද මස් නැවුම්ව පෙති කපා, උණුසුම් පිටා පාන්වලින් ඔතා ඇති නිසා ෂවර්මා මාදිලිවලින් මැද පෙරදිග රසයන් ජීවමාන වේ. සෑම ආහාර සැකසීමේ ස්ථානයක්ම ආහාර පිළියෙල කිරීම සමඟ සමීප අත්දැකීමක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති අතර, පාරිභෝගික පිරිස්හට ඔවුන් භුක්ති විඳින ආහාර වේලෙහි පවතින කලාත්මක බව අගය කිරීමට ඉඩ සලසමින්, Blue Orbit හි ආහාර ගැනීම අද්විතීය සහ අමරණීය අත්දැකීමක් බවට පත් කරයි.

මෙහි බටහිර, ඉතාලි, ජපන්, චීන, මැදපෙරදිග, ඉන්දියානු සහ ශ්‍රී ලාංකික ඇතුළු රටවල් හතක් නියෝජනය කෙරෙමින් ගෝලීය ආහාර පාන වර්ග පිළිගන්වා ඇති අතර, රුචි අරුචිකම් පුළුල් පරාසයක තෘප්තිමත්භාවය උදෙසා සකස් කරන ලද ආහාර වර්ග 300කට අධික සංඛ්‍යාවක් ද පවතී.  සජීවී සූපශාස්ත්‍ර අත්දැකීම්, අසමසම දර්ශන පථය සහ විවිධාකාර වූ ආහාර පාන එකතුවක සම්මිශ්‍රණයක් වූ Blue Orbit, කොළඹ අවට භෝජන අත්දැකීම් සඳහා නව ප්‍රමිතියකින් යුතු මුහුණුවරක් ගෙන එයි.

මෙහි මෙහෙයුම් කළමනාකරු; සුපුන් ගුණවර්ධන මහතා මෙලෙස සිය අදහස් දැක්වීය: “ආහාර පරිභෝජනය සාමාන්‍ය පරිදි මේසයක අසුන් ගෙන ආහාර ගැනීම ඉක්මවා ගිය සුවිශේෂ අත්දැකීමක් විය යුතුය. මෙම අන්තර්ක්‍රියාකාරී විශේෂාංග සමඟින්, අප බලාපොරොත්තු වන්නේ අපගේ පාරිභෝගික අමුත්තන්ට ඔවුන් භුක්ති විඳින ආහාර සමඟ මනා සබඳතාවක් ඇති කරලීමයි. ඔවුන්ගේ ප්‍රියතම ආහාරය එම මොහොතේම ඔවුන් ඉදිරිපිටම සකස්වෙනු දැකීම, ආහාර පරිභෝජනය වඩාත් උද්යෝගිමත් සහ විශේෂ කරවයි.”

මිතුරන්, පවුලේ පිරිස් හෝ හිතමිත්‍රාදීන් සමඟ සුවිශේෂී අවස්ථා සැමරීමට බලාපොරොත්තු වන පිරිස් සඳහා, Blue Orbit හි අමුත්තන් 225 ක් දක්වා පැමිණිය හැකි පෞද්ගලික උත්සව ශාලා පහසුකම් පිරිනමා ඇත. මෙහි සුඛෝපභෝගී සැකැස්ම සහ සේවාවන් ආයතනික හමු, ජයග්‍රහණ සැමරුම් හෝ පෞද්ගලික රැස්වීම් ආදිය සඳහා, බාධාවන්ගෙන් තොර අද්විතීය අත්දැකීමක් ලබා දෙන බව සනාථ කරයි.

විමසීම් සහ වෙන් කිරීම් සඳහා www.blueorbit.lk වෙත පිවිසෙන්න. එසේ නොමැති නම්, 0765 444 111 / 0765 443 333 අමතන්න.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව