Binance සමාගම සිය ගෝලීය නීති පද්ධතිය බලාත්මක කිරීම ඉහළ නංවයි

Tigran Gambaryan, VP of Global Intelligence and Investigations at Binance

 



 

 

දිනෙන් දින වැඩි වන ඉල්ලුම සපුරාලීම සඳහා පුහුණු වැඩසටහන්

එමගින්, වර්තමානය වන විට දක්නට ලැබෙන  ක්‍රිප්ටෝ අපරාධවලට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන පාර්ශ්වයන් වෙත සහයෝගය දැක්වීම  Binance සමාගමේ  අරමුණයි.

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු සේවාව හා සම්බන්ධ ගෝලීය Blockchain පද්ධතිය වන Binance සමාගම සිය ජාත්‍යන්තර නීති බලාත්මක කිරීම වෙනුවෙන් පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ අතර, පසුගිය වසරට සාපේක්ෂව පුළුල් අයුරින් පැවැත්වුණු එම පුහුණු වැඩසටහන අති සාර්ථකව අවසන් විය.  ලොව ක්‍රිප්ටො මූල්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිතව පැවැත්වුණු ප්‍රථම සම්බන්ධීකරණ වැඩසටහන වන මෙම වැඩසටහන  Binance විසින් නිර්මාණය කරනු ලැබුවේ මූල්‍ය හා සයිබර් අපරාධ හඳුනාගනිමින්, ඒ ආශ්‍රිතව නීතිය ක්‍රියාත්මක කරන පාර්ශ්වයන් වෙත සහාය වීමේ අරමුණිනි.

“ක්‍රිප්ටෝ ක්ෂේත්‍රයේ නියාමකයින්, රාජ්‍ය නීති ක්‍රියාත්මක කරන ආයතන හා පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් මෙම ක්ෂේත්‍රය සමඟ වඩාත් සමීපව කටයුතු කරන නිසා ක්‍රිප්ටෝ අපරාධ පිළිබඳව දැනුවත් කිරීමට සහ ඒවාට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය පුහුණුව සම්බන්ධයෙන් අද වන විට ඉතා වැඩි ඉල්ලුමක් දක්නට ලැබෙනවා. එම ඉල්ලුම සපුරාලීම සඳහා අපගේ කණ්ඩායමට සුවිශේෂී පුහුණුවක් ලබා දීමට වගේ ම ලොව පුරා සිටින විවිධ පාර්ශ්ව සමඟ අත්වැල් බැඳගනිමින් කටයුතු කිරීමට අපි කැප වෙනවා.” යනුවෙන් Binance සමාගමේ ගෝලීය බුද්ධි හා විමර්ශන ප්‍රධානී ටිග්‍රාන්  ගම්බරියාන් මහතා පැවසුවේය.  ”

පසුගිය වසර පුරා, Binance විමර්ෂණ කණ්ඩායම ආජන්ටිනාව, බ්‍රසීලය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඊශ්‍රායලය, නෙදර්ලන්තය, පිලිපීනය, ස්වීඩනය, දකුණු කොරියාව, එක්සත් රාජධානිය ඇතුළු ලොව විවිධ රටවල නීතිය ක්‍රියාත්මක කරන පාර්ශ්ව සමඟ එක්වෙමින් සයිබර් සහ මූල්‍ය අපරාධ පිටුදැකීමේ වැඩමුළු 30 කට වැඩි ප්‍රමාණයක් පවත්වා ඇත.

මෙම පුහුණු වැඩසටහන මෙහෙයවනු ලබන්නේ සේද මාවත ඇතුළු ලොව විශාලතම ක්‍රිප්ටෝ අපරාධ සිදුවන ස්ථාන කිහිපයක්  හයිඩ්‍රා වෙත ගෙනයාමට සහයෝගය ලබා දී ඇති  ආරක්ෂක විශේෂඥයින් සහ ලෝක ප්‍රකට විශේෂඥයින් ඇතුළු  නීතිය ක්‍රියාත්මක කරන විශ්‍රාමික නියෝජිතයන්ගෙන් සැදුම්ලත් Binance විමර්ෂණ කණ්ඩායමේ ප්‍රධානීන් විසිනි.

මෙම එක් දින  පුහුණු වැඩසටහන සඳහා  Blockchain සහ ක්‍රිප්ටෝ වත්කම් පිළිබඳ සංකල්ප පිළිබඳ අවබෝධය ලබා දෙන  පුද්ගල වැඩමුළු ද ඇතුළත් වේ. කාලානුරූපීව විකාශනය වන නීතිමය හා නියාමන පරිසරය පිළිබඳ අවබෝධය ද මෙම වැඩමුළු හරහා ලබා දීම විශේෂිතය. මුදල් විශුද්ධිකරණ විරෝධී (AML) ප්‍රතිපත්ති හා වංචා හඳුනා ගැනීමට සහ ඒවා වළක්වාගැනීමට Binance සමාගම විසින් සකස් කරන ලද විමර්ෂණ ක්‍රමවේද පිළිබඳව ද මෙහි දී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරෙයි.

එහි ශක්තිමත් අනුකූලතාව සහ මුදල් විශුද්ධිකරණ විරෝධී වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙස, Binance සමාගම මැතකාලීනව ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය වැනි රටවල අනුමැතිය හා ලියාපදිංචිය ලබා ඇති අතර, ඒ අනුව එම සමාගම  G7 රටවල් තුළ මෙම සේවාව ලබා දෙන ක්‍රිප්ටෝ සමාගම් කිහිපය අතරින් එකක් බවට පත් විය.

“ අපගේ පරිශීලකයින් ආරක්ෂා කිරීම Binance සමාගමේ ප්‍රධානතම අරමුණක්.  ත්‍රස්තවාදයට මුදල් සැපයීම, කප්පම් ලබා ගැනීමේ මෘදුකාංග, මිනිස් ජාවාරම්, ළමා අපයෝජන හා වෙනත් මූල්‍ය අපරාධවලට එරෙහි සටනට දායක වෙමින්, සැක සහිත ගිණුම් හා වංචනික ක්‍රියාකාරකම් සොයා ගැනීම සහ වැළක්වීමට අදාළ නීති ක්‍රියාත්මක කරන පාර්ශ්වයන් සමඟ අපි අත්වැල් බැඳගනිමින් ක්‍රියාත්මක වෙනවා.” යනුවෙන් ගම්බරියාන් මහතා පැවසුවේය.

2021 නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වූ Binance විමර්ෂණ කණ්ඩායම,  සම්ප්‍රදායික මූල්‍ය ආයතනයකට වඩා වේගවත් (සාමාන්‍ය දින තුනක ප්‍රතිචාර කාලයක්  සමඟ) නීති විසඳුම් ඉල්ලීම් 27,000 කට අධික ප්‍රමාණයකට ප්‍රතිචාර දක්වා ඇත.  “ සාම්ප්‍රදායික මූල්‍ය ආයතන සියල්ලට ම වඩා  වේගවත් ප්‍රතිචාර ක්‍රියාවලියක් ඇති නිසා ම නීතිය ක්‍රියාත්මක කරන පාර්ශ්ව අතර Binance සමාගම වඩාත් ප්‍රසිද්ධයි,” ගම්බරියාන් මහතා තවදුරටත් අදහස් දැක්වුවේය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − thirteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව