BIMT සරසවිය ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

BIMT Campus (LBN)

මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් වන British Institute of Management and Technology (BIMT) ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී අධ්‍යාපන සේවා සහ කුඩා ව්‍යාපාර යන අංශ දෙකට අදාළව රිදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. BIMT ප්‍රධාන විධායක නිලධාරී ඒ. ජේ. ෆර්හාත්, උප සභාපති ආචාර්ය චේතනා දාබරේ සහ මූල්‍ය අධ්‍යක්ෂ වත්සලා චතුරංගි සම්මාන උළෙලට සහභාගී වූහ. WSO2 ඇතුළු ප්‍රමුඛ ව්‍යාපාර ගණනාවක නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය සංජීව වීරවර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල පැවැත්විණි. තත්ත්ව කළමනාකරණය පිළිබඳ යුරෝපා සංගමය (EFQM) සකසා ඇති සහ අමෙරිකා එක්සත් ජනපදයේ Malcolm Baldrige සම්මාන පිරිනැමීමට පදනම් කර ගන්නා නිර්ණායක අනුගමනය කරමින් සම්මානලාභීන් තෝරා ගෙන තිබිණි.

 



 

BIMT Campus ප්‍රධාන විධායක නිලධාරී ෆර්හාත් මහතා පැවැසුවේ කැපවීමෙන් කටයුතු කරන BIMT කණ්ඩායම මෙම ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කරුවන් බවයි. 2018දී ඇරැඹූ එම ආයතනය කෙටි කාලයකින් ශීඝ්‍ර දියුණුවක් ලබා තිබේ. ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව නව්‍ය ඉගැන්වීම් ක්‍රමවේද අනුගමනය කරන එම ආයතනය ඩිප්ලෝමා, පළමු උපාධි, ශාස්ත්‍රපති උපාධි සහ ආචාර්ය උපාධි වැනි පුළුල් පරාසයක විහිදී ඇති අධ්‍යාපන සුදුසුකම් පිරිනමයි. ගෝලීය වශයෙන් නිරන්තරයෙන් සිදු වන වෙනස්කම්වලට ගැළපෙන ලෙස එම උපාධි වැඩසටහන් සැළසුම් කර ඇත. ISO ජාත්‍යන්තර තත්ත්ව සහතික ලත් BIMT Campus ශ්‍රී ලංකා තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිසමේ පිළිගැනීම සහිත ආයතනයකි. ඔවුන් ජාත්‍යන්තර වශයෙන් ඇති කර ගෙන ඇති ශක්තිමත් සහයෝගිතා හරහා එහි අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට ජාත්‍යන්තරව පිළිගත් අධ්‍යාපන සුදුසුකම් හිමි කර ගැනීමටත්, ජාත්‍යන්තර රැකියා ලැබීමටත් හැකියාව ලැබේ. උසස් තත්ත්වයේ අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අපේක්ෂා කරන, අදාළ වයස් සීමාව සම්පූර්ණ කළ ඕනෑම අයෙකුට BIMT Campus සමඟ සම්බන්ධ විය හැකිය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව