
Beyond Love තේමාව පාදක කරගත් සංගීත සුයාමය ආදරවන්තයින්ගේ දින කොලඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. සමිතා මුදුන්කොටුව, ශෂිකා නිසංසලා, සුනීර සුමංග යන ජනප්‍රිය කළාකරුවන් ත්‍රිත්වයෙන් සහ නාලක සජී ප්‍රමුඛ Grade 14 වාදක මණ්ඩලයෙන් Beyond Love සංගීත සුයාමය වර්ණවත් විය.
Beyond Love සංගීත සුයාමය හරහා එළිදැක්වුණු “Huggerr” සන්නාමය ප්‍රමුඛ කණ්ඩායමේ අරමුණ වූයේ, ආදරවන්තයින්‌ගේ දිනයේදී අසරණ වීදි සතුන්ට සහ විශේෂ අවශ්‍යතා ඇති සතුන්ට අවශ්‍යය ආහාරපාන, ඹෟෂධ ලබාදී සෙනෙහසින් රැකබලාගැනීමත් ඔවුන්ට උපකාර කිරීමත් ආදරය පිරුණු නව නිවහනක් සොයා දීමත්ය.
දහසක් වූ ප්‍රේක්ෂක ආදරය මධ්‍යයේ වෙළද සන්නාමයකට එහාගිය සත්කාරයක් ලෙස එළිදැක්වුණු “Huggerr” සන්නාමය සිය උතුම් මෙහෙවර සාක්ෂාත් කර ගැනීමට අරමුදල් සම්පාදනය සදහා නවීන විලාසිතාවක සැහැල්ලු ටී- ෂර්ටයක් සහ හුරුබුහුටි “Huggerr” ටෙඩී හදුන්වා දෙන ලදී. සෑම නිෂ්පාදනයක් ම අලෙවි කිරීමෙන් ලබන මුදල් සත්ව සුබසාධන ව්‍යාපෘතිය ශක්තිමත් කරගැනීම සදහා යොදා ගන්නා බව සදහන් කරන්නේ මහත් අභිමානයෙනි.
” Beyond Love කියන්නෙ ආදරයට එහා ගිය හරි උතුම් හැගීමක්. ඒ නිසාම අපි තීරණය කළා ඒ ආදරය වචනයෙන් කියාගන්න බැරිව සානුකම්පිත හැසිරීම්වලින් ඉල්ලා සිටින අහිංසක සතුන්ටත් ලබා දෙන්න. තවත් විදිහකට කියනවා නම්, අසනීප තත්වයෙන් සිටින උදව් උපකාර අවැසි ඔනෑම සතෙකුගේ හිංසනයට ලක් නොවී ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීමට “Huggerr” කණ්ඩායම වන අප තබන මේ පළමු පියවර සදහා සුදුසු ම වේදිකාව Beyond Love සංගීත සුයාමය සකස් කළ බව සතුටට කරුණකි.” “Huggerr” කණ්ඩායම වෙනුවෙන් නුරාධා පතිරණ Beyond Love සංගීත සුයාමය අමතමින් මෙලෙස ප්‍රකාශ කළාය.
Beyond Love යනු හුදෙක් තවත් එක් සංගීත සුයාමයක් ම නොවීය. එයට එහා ගිය සමාජ සත්කාරයක මූලාරම්භය විය. ආදරය, සෙනෙහස, රැකවරණය අවශ්‍යය ම වීදි සතුන්ගේ ජීවිතය සුව පහසු කිරීමේ මෙහෙවර වෙනුවෙන් මිනිසුන් හෘදයාංගම ව දිරිමත් කිරීම අවසාන වශයෙන් අපේක්ෂා කරන ලදී.
කාරුණික හදවත් ඇති ඔබටත් මෙම සත්කාරයේ කොටස්කරුවෙකු විය හැකිය. ඒ පිළිබද වැඩිදුර විස්තර සදහා www.huggerrpet.com වෙත පිවිසෙන්න.