‘Best of ඩයලොග් රිදී රැයක්’ 31රාත්‍රී 8.30 ට ස්වර්ණවාහිනීයෙන්

IBA_3602 (1)

ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කරමින් වීරයන්, දුෂ්ඨයන් වගේම පෙම්වතුන් පෙම්වතියන් සිනමා තිරය තුළ ප්‍රතිනිර්මාණය කළ අපගේ සිනමා අඹරේ දිදුළන තාරකාවලට ශක්තියක් වන සිනෙස්ටාර් පදනම, ඩයලොග් ආයතනය සමඟ එක්ව ඉදිරිපත් කරනු ලබන ‘ඩයලොග් රිදී රැයක්’ ප්‍රසංගය මෙවර ‘Best of ඩයලොග් රිදී රැයක්’ නමින් ඔබ වෙත ගෙන ඒමට සැලසුම් කර ඇත. වර්තමානයේ පවතින කොවිඩ් 19 තත්ත්වය යටතේ පෙර ලෙස සජීව අයුරින් මෙය සංවිධාන කිරීමට නොහැකි බැවින් පසුගිය වසර පහක කාලය තුළ ඩයලොග් ආයතනයේ අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ සියලූම රිදී රැයක් ප්‍රසංගයන්ගේ ආකර්ෂණීය ප්‍රාසාංගික අංගයන් සහ එම ප්‍රාසාංගික අවස්ථාවලදී සහ පුහුණුවීම් කාර්යයන් වලදී අදාළ රංගන ශිල්පීන් අත්විඳි රසවත් අත්දැකීම් ප්‍රේක්ෂක සහෘදයන් සමඟ බෙදාගනිමින්, අදාළ ප්‍රාසාංගික අංගයන් ඔවුන් විසින්ම ඉදිරිපත් කරන අයුරින් නිර්මාණය කර ඇති මෙම ආකර්ෂණීය මෙන්ම විනෝදාත්මක “Best of ඩයලොග් රිදී රැයක්” ප්‍රසංගය, දෙසැම්බර් 31 රාත්‍රි 8.30 ට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය කිරීමට සැලසුම් කර ඇත.

ලාංකීය ප්‍රේක‍ෂකයන් වෙත නැවුම් අත්දැකීමක් එක් කරමින්, සිය සිනමා තාරකාවන් දැකගැනීමටත්, ඔවුනගේ ආකර්ෂණීය ප්‍රාසාංගික අත්දැකීම් විඳගැනීමටත් මනා අවස්ථාවක් නිර්මාණය කරමින් සංවිධානය කිරීමට යොමු වූ මෙම ‘ඩයලොග් රිදී රැයක්’ ප්‍රසංගය යනු ලාංකීය ප්‍රාසංගික කලාවේ සුවිශේෂී අනන්‍යතාවයක් හිමිකරගත් වැඩසටහනකි. විශේෂයෙන් වාර්ෂික ප්‍රාසාංගික වැඩසටහන් නාමාවලියේ ප්‍රමුඛම ස්ථානය හිමිකරගත් මෙම ‘ඩයලොග් රිදී රැයක්’ ප්‍රසංගය සෑම වසරකම දෙසැම්බර් 31වන දිනයේ ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් රූපවාහිනී ප්‍රාසාංගික වැඩසටහනද වේ.

 




 

 

පවතින කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මෙවර මෙම සජීව ප්‍රසංගය නොපැවැත්වුවද ඩයලොග් ආයතනය විසින් සිනමා තාරකාවන්ගේ සෞඛ්‍ය සහ ජීවිත රක‍ෂණ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 3 ක මුදලක් සිනෙස්ටාර් පදනම වෙත ප්‍රදානය කිරීමට යොමුවිය. දේශීය සිනමා කර්මාන්තයට මෙන්ම ලාංකීය ජනතාවගේ රසවින්දනයට ඔවුන්ගෙන් සිදුවූ දායකත්වයට කෘතගුණ දැක්වීමක් වශයෙන් මෙම අරමුදල් පරිත්‍යාගය දෙසැම්බර් 15 වන දින නවලෝක ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදී සිනෙස්ටාර් පදනම වෙත ලබාදුන් අතර, දැයක් වෙත සතුටු ලොවක් උරුම කළ හදවත්වලට ඩයලොග් සහ සිනෙස්ටාර් පදනම එක්ව කෘතගුණ පිදීමක් වශයෙන් කලාකරුවන් 300 දෙනෙකු සඳහා ඩයලොග් ආයතනය මගින් ලබා දීමට සැලසුම් කර ඇති විශේෂ තිළිණ පිළිගැන්වීමද සංකේතාත්මකව සිදුවිය.

ප්‍රාසාංගිකත්වය ඉක්මවු මෙහි සමාජ සත්කාරමය මැදිහත්වීම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රවීණ රංගවේදී රවීන‍ද්‍ර රන්දෙනිය මහතා, “මේ වසංගත තත්ත්වය අපට උගන්වපු පාඩමක් තමයි අනෙකා ගැන සිතා කටයුතු කිරීම. මේක ක්‍රියාවෙන් පිළිබිඹු කරපු වැඩසටහනක් විදිහට මට ‘ඩයලොග් රිදී රැයක්’ ප්‍රසංගය හඳුන්වා දීමට පුළුවන්. සිනමා තාරකාවන්ට ශක්තියක් වෙමින් ක්‍රියාත්මක වන මේ ප්‍රසංගය සඳහා ඩයලොග් ආයතනයේ දායකත්වය අපට මේ කාර්යය ඉතා වර්ණවත් සහ ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මේ යටතේ පසුගිය කාලය තුළදී අපිට අපගේ සහෝදර ශිල්පීන් සහ ශිල්පිණියන් 350 කට වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබාදීමට හැකියාව ලැබී තිබෙනවා. මේ කාර්යයේ ඇති වැදගත්කම අවබෝධ කර ගනිමින් නිරන්තරව අප සමඟ එක්ව සිටින ඩයලොග් ආයතනයට සියලුම කලාකරුවන් වෙනුවෙන් මගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිනවා.”

මෙවර ප්‍රසංගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිනෙස්ටාර් පදනමේ අධ්‍යක‍ෂ මණ්ඩල සාමාජික කිෂූ ගෝමස් මහතා පැවසූයේ, මේ ‘ඩයලොග් රිදී රැයක්’ වැඩසටහන විකාශනය කිරීමෙන් අපි අපේක‍ෂා කරන්නේ ලාංකීය ප්‍රේක්ෂක ජනතාවගේ හිත් බැඳගත් ආදරණීය කලාකරුවන්ගේ දක්ෂතාවයන් ජනතාව වෙත ගෙනයාම තුළින් ඔවන් වෙත නැවුම් වූ ආශ්වාදයක් ගෙන ඒමටයි. මෙහිදී ඩයලොග් ආයතනය, සිය ආයතනික සීමාවෙන් ඔබ්බට යමින්, එම ආදරණීය සිනමා තාරකාවන්ගේ පැවැත්ම වෙනුවෙන් ප්‍රසංගයක් නොමැති අවස්ථාවක වුවද සිය මූල්‍ය අනුග්‍රහය සිනෙස්ටාර් පදනම වෙත ලබාදෙමින් වෙළෙඳ අරමුණු වලින් එහා ගිය සහෘද බැඳීම ඔපවත් කිරීම සම්බන්ධයෙන් සමස්ත ශ්‍රී ලාංකීය සිනමා රසිකයන් වෙනුවෙන් වගේම සිනෙස්ටාර් පදනම වෙනුවෙන් සුබ පැතුම් එක්කර සිටිනවා.”

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව