Belluna Lanka ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් කලාපීය වර්ධනයක් වාර්තා කරයි

IMAGE 01 (LBN)

ජපානයේ Belluna Co. Ltd සමාගම ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම අරඹා දශකයක් ගත වන විට, එහි පූර්ණ අනුබද්ධිත Belluna Lanka පෞද්ගලික සමාගම, දකුණු ආසියාව තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත.

Belluna Lanka සමාගම බස්නාහිර සහ ඌව යන පළාත් තුළ දේපළ වෙළෙඳාම් සහ සත්කාරක සේවා යන ක්ෂේත්‍ර ආශ්‍රිතව සේවා ලබාදෙන අතර, දෙවන අදියරේදී එම පළාත් ආශ්‍රිතව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති දියත් කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම Belluna Lanka සමාගම සිය සේවා ව්‍යාප්තියේ තුන්වන අදියර ලෙස සංචාරක හා දේපළ වෙළෙඳාම් යන ක්ෂේත්‍ර ආශ්‍රිත ඉන්දියානු වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා සැලසුම් සකස් කරමින් පවතින අතර, ඉදිරි වසර 5 තුළ කලාපයේ අදාළ ක්ෂේත්‍ර වෙත ඇමරිකානු ඩොලර් මිලියන 60ක මුදලක් ආයෝජනය කිරීමට අරමුණු කරයි. මීට අමතරව, සමාගමේ තවත් ප්‍රධාන සංධිස්ථානයක් සනිටුහන් කරමින්, 447 ලූනා මහල් නිවාස සංකීර්ණයේ නිවාස අලෙවි කටයුතුවල නව අදියරක් සඳහා විවෘත කර ඇත.
 



 

ජපානයේ Belluna හි නායකත්ව කණ්ඩායම මෑතකදී ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය, රටවල් දෙකේ කණ්ඩායම් දෙක අතර සබඳතා වර්ධනය කිරීමට හේතු වූ අතර, සංචාරයත් සමඟ වර්ධනය වූ සබඳතා හරහා Belluna Lanka කණ්ඩායම සිය ගමන් මඟේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරන ලදී.  මේ පිළිබඳව අදහස් දක්වමින් ජපානයේ Belluna Co. Ltd. සමාගමේ අධ්‍යක්ෂ හිරෝෂි යසුනෝ (Hiroshi Yasuno) මහතා පැවසුවේ, “අභියෝග සඳහා සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලාංකිකයින් සතු ශක්තිය පිළිබඳව අපි නිරන්තරයෙන් අසා තිබෙනවා. එය අප සමාගමටත් ලොකු ශක්තියක්. ඒ වගේම ශ්‍රී ලාංකිකයින් සතු තීක්ෂණ බුද්ධිය, නායකත්ව ලක්ෂණ සහ සුවිශේෂී හැකියා අපගේ ඉදිරි ගමනේ සාර්ථකත්වයට උදාහරණයක්. ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත කලාපය පුරා මෙම ශක්තිමත් වර්ධනය අඛණ්ඩව පවත්වා ගැනීමට Belluna Lanka  නිරන්තරයෙන් කැපවන බව විශ්වාසයි.

ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන Belluna Lanka පෞද්ගලික සමාගම, අභ්‍යන්තර ධාරිතා වර්ධනයසවන් දීමේ සංසද පැවැත්වීම සහ ඒකාබද්ධ ආයතනික සංස්කෘතියක් ප්‍රවර්ධනය සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදිය සඳහා නිරන්තරයෙන් ආයෝජනය කිරීම එහි අඛණ්ඩ වර්ධනයට ඉවහල් වී ඇත. මේ තුළින් පිළිබිඹු වන්නේ සමාගමේ සාර්ථකත්වය, කණ්ඩායමේ සාමාජිකයින් ශක්තිමත් කිරීම, යහපත් සන්නිවේදනය සඳහා අවස්ථාව නිර්මාණය කිරීම සහ ආයතනයේ සෑම අංශයක්ම පොදු අරමුණක් පෙරදැරිව ක්‍රියාත්මක වීම යන ගුණාංග ප්‍රවර්ධනය කිරීම තුළින් සාක්ෂාත් කරගත හැකි බවයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් Belluna Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රෙහාන් මොරිස් මහතා පැවසුවේ මෙවැන්නකි.ජපානයේ Belluna  කණ්ඩායමේ පූර්ණ සහයෝගයෙන් නිර්මාණාත්මකව මෙන්ම ශ්‍රී ලංකාවටම ආවේණික ආකාරයෙන් සේවාවන් ලබාදෙන Belluna Lanka සමාගමේ ජයග්‍රහණය සඳහා නිහතමානී බව, සහයෝගිතාව සහ නිවැරදි අරමුණකින් යුතුව ක්‍රියාත්මක වීම බෙහෙවින් ඉවහල්වී තිබෙන බව පැවසිය යුතුමයි. අපි සත්කාරක සේවා හා දේපළ වෙළෙඳාම් යන ක්ෂේත්‍ර ඔස්සේ සැලකිය යුතු වර්ධනයක් අත්කර ගනිමින් සිටිනවා. නිරන්තර අධ්‍යයන, දිගු කාලීන වටිනාකම් නිර්මාණය කිරීම, ගවේෂණය හා සහයෝගිතාව හරහා අඛණ්ඩ වර්ධනය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැපවෙනවා. එම නිසාම ඉදිරියේ දී දකුණු ආසියානු කලාපය තුළ වේගයෙන්ම වර්ධනය වන සමාගමක් විදියට Belluna Lanka සමාගම හඳුන්වා දීමට කැමතියි.”

Belluna සමූහය දකුණු ආසියානු කලාපය තුළ සිදුකර ඇති ආයෝජනවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 200 ඉක්මවයි. කලාපය තුළ අඛණ්ඩ වර්ධනයක් ලඟා කරගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන Belluna Lanka පෞද්ගලික සමාගම දකුණු ආසියාව තුළ සිය ස්ථාවරත්වය රැකගැනීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙයි. තවද විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව අධ්‍යනය තුළින් නව ආයෝජන අවස්ථා හඳුනාගැනීමටත්, එලෙස හඳුනාගන්නා ක්ෂේත්‍ර වෙත ආයෝජනය කරමින් අඛණ්ඩ වර්ධයක් අත්පත් කරගැනීමටත් Belluna Lanka කටයුතු කරනු ඇත.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව